තනිකඩ දෙමව්පියන්ගේ ජීවිත අභියෝගයට උපදෙස් ටිකක්

November 8, 2020
23,890
Tips for a single parent
තනිවම දරුවෙකු ඇති දැඩි කිරීම ආතතියට පත්වන කරුණක්. ඔබ තනිකඩ මවක් හෝ පියෙක් නම්, ආතතිය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න තේරුම් ගෙන, අන් අයගේ උපකාරය ලබාගෙන හෝ ඔබේ දරුවා පෝෂණය කරන්න. ඔබ තනිවම දරුවෙකුව හදා වඩා ගන්නේ නම්, ඔයාට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. තනිකඩ දෙමව්පියන් අත්විඳින අභියෝග කිහිපයක් කළමනාකරණය කර ගන්නේ කොහොමද? අද හැඩකාරී අපි ඔයාට තනිකඩ දෙමව්පියන්ට ඇති වන බාධා මැඩගෙන ජිවන ගමන ටිකක් පහසු කර ගැනීමටත් ඒ අතරතුර සිහිබුද්ධියෙන් කටයුතු කිරීමටත් ඔයාට කළ හැකි ප්‍රයෝජනවත් දේවල් කිහිපයක් කියන්න හිතුවා.

පොදු අභියෝග
වර්තමානයේ දෙමව්පියන් දෙදෙනාම ඉදලත් දරුවන් උස් මහත් කිරීමේදී දුෂ්කරතා ඇති වෙනවා. ඉතින් තනි මවක් ලෙස, එදිනෙදා ළමා රැකවරණය පිළිබඳ සියළුම අංශ සඳහා ඔයාට සම්පූර්ණ වගකීම ගන්න වෙනවා. තනි මවක් වීම නිසා අමතර පීඩනය, ආතතිය හා තෙහෙට්ටුව ඇති විය හැකියි. ඔයා නිරන්තරයෙන් වෙහෙසට පත්ව සිටී නම් හෝ චර්යාත්මක ගැටළු මතු විය හැකියි.

තනි මවක් හෝ පියෙක් සිටින පවුල්වල සාමාන්‍යයෙන් ආදායම සහ හොඳ සෞඛ්‍ය තත්වයක් නෑ. රැකියාව හා ළමා රැකවරණය මූල්‍යමය වශයෙන් හා සමාජීය වශයෙන් දුෂ්කරයි. ඔයාගේ දරුවාට මව පියා කියන දෙදෙනාගේම චරිතයන් නොමැති වීම ගැන ඔයාගේ සිතට කරදරකාරී සිතුවිලි ගලා එන්නට පුළුවන්.

පවුල තුළ ආතතිය අඩු කිරීම සඳහා ධනාත්මක උපාය මාර්ග

01. ආදරය පෙන්වන්න - ඔබේ දරුවාට ප්‍රශංසා කිරීමට මතක තබා ගන්න. දරුවාට ඔයාගේ කොන්දේසි විරහිත ආදරය හා සහයෝගය ලබා දෙන්න. දරුවා සමඟ සෙල්ලම් කිරීමට, කතන්දර කියා දීමට සෑම දිනකම කාලය වෙන් කරන්න.

02. පුරුද්දක් ඇති කරන්න - නිතිපතා සැලසුම් කළ ආහාර සහ නින්ද වැනි ඔබේ දරුවාට අපේක්ෂා කළ යුතු දේ, දැන ගැනීමට මෙම ක්‍රමය උපකාරී වේ.

03. ගුණාත්මක ළමා රැකවරණයක් සොයා ගන්න - ඔබට නිතිපතා ළමා රැකවරණයක් අවශ්‍ය නම්, ආරක්ෂිත පරිසරයක සකසා දිය හැක. සුදුසුකම් ලත් නැනී කෙනෙකු සොයා බලන්න.

04. වරදකාරි හැඟීමක් ඇති නොකරන්න - තනි මවක් වීම ගැන ඔබටම දොස් පවරා ගන්න එපා.

05. ඔයා ගැන ප්‍රවේසම් වන්න - දෛනික චර්යාවට ව්‍යායාම ක්‍රියාකාරකම් ඇතුළත් කරන්න, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න. තමාට සතුටක් දැනෙන දෙයක් කරන්න.

වෙන්වීම හෝ දික්කසාදය ගැන ඔබේ දරුවා සමඟ කතා කිරීම
බොහෝ විට මවක් තනි වන්නේ පවුල් දික්කසාද හෝ වෙන්වීමේ ප්‍රතිඵලයක් හේතුවෙනි. ඔබේ පවුලේ තත්ත්වය මෙය නම්, ඔබ මුහුණ දෙන ගැටළු ගැන ඔබේ දරුවා සමඟ කතා කරන්න. ඔබේ දරුවාගේ හැඟීම්වලට ඇහුම්කන් දී ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්න වලට අවංකව පිළිතුරු දීමට උත්සාහ කරන්න. දික්කසාදය හෝ වෙන්වීම සඳහා දරුවා හේතුවක් නොවුණ බවත් ඔබ සැමවිටම ඔහුට හෝ ඇයට ආදරය කරන බවත් දරුවාට මතක් කර දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,509
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed