එළවළු ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි ගැන දැනුවත් වෙමු

November 9, 2020
6,722
Let's be conscious about eating vegetables
එළවළු ආහාරයට ගන්න එක මේ තරම් වැදගත් වෙන්නේ ඇයි? අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ මේ ගැනයි. එළවළු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි රැසක් ලබා පුළුවන් කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් ලෙස වැඩිපුර එළවළු සහ පලතුරු අනුභව කරන පුද්ගලයින්ට සමහර නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු වී ඇති බව පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා. ඒ නිසා එළවළු වලින් ඔයාගේ ශරීරයේ සෞඛ්‍යය සම්පන්න භාවය හා නඩත්තුව සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයනවා.

එළවළු ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි කිහිපයක් මෙන්න:

* සමස්ත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් ලෙස එළවළු සහ පලතුරු බහුලව අනුභව කිරීමෙන් හෘදයාබාධ ඇතුළු වෙනත් හෘද රෝග ඇතිවීමේ අවදානම අවම කර ගන්න පුලුවන් .

* එළවළු සහ පලතුරු වලින් පොහොසත් ආහාර වේලක් අනුභව කිරීමෙන් ඇතැම් පිළිකා වලින් ආරක්ෂා වෙන්න පුලුවන් .

* පොටෑසියම් බහුල එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය අඩු කරගන්න පුලුවන් අතර වකුගඩු ගල් සෑදීමේ අවදානම අඩු කරමින් අස්ථි බිඳීම අඩු කිරීමටද උපකාරී වෙනවා.

* තන්තු අඩංගු එළවළු සහ පලතුරු මගින් හෘද රෝග හා ස්ථුලතාවයේ අවදානම අවම කර ගන්න පුලුවන් .

* එළවළු කියන්නේ පොටෑසියම්, ෆෝලික් අම්ලය, විටමින් A සහ විටමින් C ඇතුළු බොහෝ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ප්‍රභවයක්.

* බොහෝ එළවළු වල ස්වභාවිකව මේදය හා කැලරි අඩුයි. පොටෑසියම් බහුල ආහාර සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩනය නිසි ලෙස පවත්වා ගැනීමට සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට උපකාරී වෙනවා.

* විටමින් A ඇස් සහ සම නිරෝගීව තබා ගන්නා අතර ආසාදන වලින් ආරක්ෂා වීමට උපකාරී වෙයි.

* විටමින් C කැපීම් හා තුවාල සුව කිරීමට සහ දත් සහ විදුරුමස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා. යකඩ අවශෝෂණය සඳහා විටමින් C ආධාරක වෙනවා.

* ෆෝලික් අම්ලය ශරීරයට රතු රුධිර සෛල සෑදීමට උපකාරී කරනවා. ගර්භණී කාන්තාවන් ෆෝලික් අම්ලය වලින් පොහොසත් ආහාර පරිභෝජනය කළ යුතු අතර ඊට අමතරව කෘතිම ෆෝලික් අම්ලය මිලි ග්‍රෑම් 400 ක් පෝෂණ අතිරේක වලින් ලබා ගන්න ඕනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,848
   51

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,029
   37

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,634
   32

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,085
   23

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,035
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed