මානසික අපයෝජන වලින් ඔබට ඇති වෙන වේදනාවන් මිදෙන්නේ කොහොමද?

November 9, 2020
4,461
How to heal emotional abuse
සාමාන්‍යයෙන් මානසිකව වෙන අපයෝජන වලින් කෙනෙක්ට ශාරීරික තුවාල ඇති කරන්නේ නෑ. නමුත් ඒවායින් ගැඹුරු, කල් පවතින තුවාල ඇති කරන්නේ හදවතටයි. ඒ නිසා මේ මානසික හිංසන "මානසික අපයෝජන" ලෙස ද හැඳින්වෙනවා. ඔබටත් එහෙම අත්දැකීම් තියනවා නම් ඒක ඔබේ හැසිරීමට සහ ඔබේ ශාරීරික සෞඛ්‍යයට පවා බලපෑම් කරන්න තරම් සමත් ගැටලුවක්. නමුත් ඒවා ඔබේ සදාකාලික උරුමයක් කරගන්න ඕනේ නෑ. ඒ වගේ අත්දැකීමක් ලැබුවම ඉන් මිදිලා සුවපත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ කොහොමද කියලා අපි ඔබට මේ ලිපියෙන් කියන්නම්.

මානසික හිංසනය තේරුම් ගැනීම
මානසික හිංසනයක් වුණාම ඒ සඳහා උපකාර ලබා ගැනීමේ පළමු පියවර‍යන් ගන්න එක ටිකක් අමාරු දෙයක් වෙන්න පුළුවන්. ඒත් කෙසේ හෝ පියවරක් ගැනීමෙන් ඔබට ගැටලුව හඳුනා ගන්න පවා පුළුවන් වෙනවා. මොකද ගොඩක් වෙලාවට සිදුවෙන දෙයක් තමයි තමන් මානසික අපයෝජනයට ලක් වෙනවා කියලා බොහෝ අය නොදැන ඒවා එක්ක ජීවත් වෙන එක.

මිනිස්සු බොහෝ වෙලාවට කියන දෙයක් තමයි ‘මගේ සහකරු/මවුපියන් කොහොමත් හැසිරෙන්නේ එහෙමයි’ කියලා. තමන්ට විශාල හානියක් වෙනකල් ම ඒ මිනිස්සු දන්නේ නෑ සමීපතමය්න්ගෙන් වුණත් තමන්ට වෙන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන මානසික හිංසනයක් කියලා.

මානසික හිංසනයන් කරන අය බොහෝ විට පහත සඳහන් දේවල් කරනවා :

ඔබව පාලනය කිරීමට උත්සාහ කිරීම
ඔබේ හැඟීම් බැහැර කිරීම හෝ ඔබ ඕනේවට වඩා සංවේදී යැයි චෝදනා කිරීම
පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් ඔබව හුදකලා කිරීම
ඔබ ගැන සැක කිරීමට හෝ ලැජ්ජාවට පත් කිරීමට උත්සහ කිරීම
ඔබට විවිධ නම් වලින් ඇමතීම
සෙනෙහස නොදැක්වීම
කෑගැසීම, බිය ගැන්වීම හෝ තර්ජනය කිරීම

Gaslighting
“Gaslighting” කියන්නේ විශේෂයෙන්ම නපුරු ආකාරයේ මානසික අපයෝජනයක්. මෙහිදී අපයෝජකයා ඔබට ඔබේ යහපත් මානසිකත්වය නැති වෙලා යන මට්ටමේ හැඟීමක් ඇති කිරීමට උත්සාහ කරනවා. “මම කවදාවත් එහෙම කිව්වේ නැහැ” හෝ “මම කවදාවත් එහෙම කළේ නැහැ” කියා ඔවුන් ඒ වෙලාවට කියන්න පුළුවන්. ඔවුන් දේවල් සැඟවීමට පවා උත්සහ කරනවා. ඒ නිසා ඔවුන්ගේ වින්දිතයින්ට තමන්ට තමන්ව පාලනය කරගන්නත් බැරි වෙනවා.

ඒ නිසා එවැනි හිංසන වලදී ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද යන්න පිළිබඳව ඔබ වගකීමක් ගන්න ඕනේ. ඒක පළමු ඉලක්කයයි. ඔබ පත් වෙලා ඉන්න තත්ත්වයේ යථාර්ථය ප්‍රශ්න කිරීමට පටන් ගත්තාම ඔබ පුද්ගලයෙක් විදිහට කවුරුන්ද සහ ඔබ සත්‍යය කියලා දන්නා දේ ඇත්තටම සත්‍යක් ද කියලා හිතන්න පටන් ගන්නවා.

මානසික අපයෝජනයකින් නැවත සුවය ලැබීමට උපදෙස්
මානසික අපයෝජන සහිත සම්බන්ධතාවයකින් සුවය ලැබීමට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධ උපදේශකයෙක් හම්බ වෙලා උපදෙස් ලබා ගැනීමෙන් ඔබට විශාල සුවයක් ලබා ගන්න පුළුවන් වෙයි. නමුත් ඔබේ සාමාන්‍ය ජීවිතය නැවත ලබා ගැනීම සඳහා ඔබට තනිවම භාවිතා කරන්න පුළුවන් උපාය මාර්ග ද තියනවා.

ඒ සියල්ල ලියන්න
ඔබට දැනෙන හැඟීම් ඒ විදිහට ම පොතක හෝ ඩයරියක ලියන්න ආරම්භ කරන්න. මානසික අපයෝජකයිගේ ප්‍රධාන උපාය මාර්ගයක් වන්නේ ඔබ ගැන ඔබම සැක කිරීමට පත් කිරීමයි. ඒ නිසා ඔබේ හිතේ තියන සෑම දෙයක්ම ලියන්න - ඔබ කළ දේවල්, ඔබ පැවසූ දේවල්, ඔබට දැනෙන දේවල්.

ඔබගේ ජීවිතය පිළිබඳ ලිවිල්ලක් තබා ගත්තාම ඔබට ඔබ ගැනම සැක කරන්න හිතෙනකොට ඔබට ආපසු හැරී බලන්න පුළුවන්. ඔබගේ මතකයන් එම ලිවිලි සමඟ ගැලපෙන බව තහවුරු වුණාම ඔබට ඔබ ගැන වැඩි විශ්වාසයක් තබා ගැනීමට ඒවා උපකාරී වෙනවා.

ඔබටම දොස් පැවරීම නවත්වන්න
ඔබ මානසික අපයෝජනයක් අත්විඳිනවා නම්, ඒක ඔබේ වරදක් හෝ ඔබ ඒ වගේ දෙයක් ලබන්න සුදුසුයි කියලා හිතන එක වහාම නවත්වන්න. නැවත සිතන්න.

එය ඔබට සුදුසු දෙයක් නෙමෙයි. එහෙම හිතන එකෙන් වෙන්නේ ඔබව පාලනය කරන අපයෝජකයාගේ අවශ්‍යතාවන් ඉෂ්ට වෙන එකයි. අවශ්‍ය නම් නැවත නැවතත් ඔබේ හදවතට මතක් කරන්න - ඒක ඔබේ වරදක් නොවන බව.

ගැටෙන්න එපා
ඔබ තවමත් මානසික අපයෝජකයා එක්ක ගැටෙනවා නම්, ඔවුන් කරන දේවල් වලට ප්‍රතිචාර දක්වන්න හිතෙන තත්වයක සිටිනවා නම් ඒ වෙලාවට පොඩ්ඩක් පසුබසින්න උත්සාහ කරන්න. ඒක සැමවිටම පහසු නෑ තමයි. ඒත් මතක තබා ගන්න. ඔවුන්ට ඕනේ කරන්නෙත් ඔබෙන් ප්‍රතිචාරයක් ලබා ගන්නයි. නමුත් ඔබ විසින් ඔවුන්ට එම තෘප්තිය ලබා දෙන්න ඕනේ නෑ.

ඔබ ප්‍රතිචාර නොදක්වනකොට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මුලින්ම බලන්න. තර්ක කරන්න යන්න එපා. සමාව ඉල්ලන්නත් එපා. ඒ වගේ මිනිස්සු එක්ක ගැටෙන්න නොයෑමට තීරණය කරනවා කියන්නේම ඔබට කරන්න පුළුවන් බලවත්ම දේවල් වලින් එකක්.

ඔබ ජීවිතයේ සාමාන්‍යයි කියා සිතන දේ ගැන ප්‍රශ්න කරන්න
ඔබ හැදී වැඩුණේ මනසට කරදර ගෙනත් දූන්නු නිවසක නම් කෑගැසීම්, බිය ගැන්වීම් සහ ලැජ්ජා කිරීම් කියන්නේ සාමාන්‍ය දේවල් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔබ පුරුදු වෙලා තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන සාමාන්‍ය තත්ත්වයකටයි. ඔබ සාමාන්‍යයි කියලා සිතන දේවල් ගැන ඔබගෙන්ම ඔබ ප්‍රශ්න කරමින් විග්‍රහකර බලන්න.

විශ්වාස කිරීමට ඉගෙන ගන්න
මානසික අපයෝජන සම්බන්ධ හිංසන අත්විඳින පුද්ගලයින් සාමාන්‍යයෙන් වැඩිහිටියන් හා සමාන හැසිරීම් රටාවන්ට වැටෙන්න බලනවා. ඒ වෙලාවට දක්වන එක් පොදු ප්‍රතික්‍රියාවක් වන්නේ අනිත් අයව අවිශ්වාස කිරීමයි.

හොඳ, කාරුණික මිනිසුන් ඕනෑ තරම් මේ ලෝකයේ ජීවත් වෙනවා. ඒ නිසා විශ්වසනීය විදිහට ඔබට උදව් ලබා ගන්න පුලුවන් මිතුරන්ගෙන් හා සමීපතමයන්ගෙන් අවශ්‍ය වුණාම උදව් ලබා ගන්න. ඔබට උදව් කරන්නට ඔවුන්ට ඉඩ දෙන්න.

ඔබ යුතුකම් ඉටු කරන්න ඕනේ ලැයිස්තුවට ඔබවම ඇතුළත් කර ගන්න
මානසිකව හිංසාකාරී අත්දැකීම් ලබමින් නිවෙස්වල හැදී වැඩුණු අය බොහෝ වෙලාවට ජීවිතයේ පසු කාලයේදී තමන්ගේ සතුටට වඩා අනිත් අය සතුටු කරන්න, ඔවුන් අහිමිවේ යැයි බියෙන් ඔවුන් මොන ආකාරයෙන් ඔබව මානසිකව අපයොර්ජනය කළත් ඔවුන්ව සතුටු කිරීමට පෙලඹෙනවා. ඔබ පොඩි කාලයේ ඉඳන් වැඩෙද්දී ලබපු ආදරය කොන්දේසි සහිත එකක් නම්, අනාගතයේදී, ඔබේ වටිනාකම අනුන්ට ඔප්පු කරන්න ඔබ සැමවිටම පෙළඹෙනවා.

නමුත් ඔබ අවට සිටින සියල්ලන්ව ම ශාරීරිකව, මානසිකව හා මූල්‍යමය වශයෙන් පවා ඔබ රැකබලා ගන්න උත්සහ කරනවා නම් ඒ පුරුද්ද නිසාම දවසක ඔබව කණස්සල්ලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවත් වෙද්දී ඔබ ඔබේ අවශ්‍යතා වලට සහ ඔබ ගැන අවධානය යොමු කිරීමට අමතක කරන්න එපා.

උදව් ඉල්ලන්න
තමන්ට මානසික හිංසනයන්ගෙන් වෙන බලපෑම් අවතක්සේරු කරන එක ඒවාට මුහුණ දෙන අයගේ ස්වාභාවික ප්‍රවණතාවයක්. ඒ වගේ අය බොහෝ විට සිතන්නේ අධික වේදනාවක් දැනෙන්නේ නැත්නම්, තමන්ට ඒක තනිවම විසඳා ගන්න පුළුවන් කියලායි.

නමුත් උපකාර ඉල්ලා සිටීම කියන්නේ ඔබ ඔබටම කරගන්න ලොකු උදව්වක්. ඔබ හිංසාකාරී සම්බන්ධතාවයක් අත් හැරලා ඉදිරියට යාමට උත්සාහ කරනවා නම් ඒකට වෘත්තීය උපදේශකයෙකුගේ සහාය පැතීමට කිසිම විදිහකින් ලැජ්ජ වෙන්න එපා. ඔබ පත් වෙලා ඉන්න මානසික හිංසනය හඳුනා ගැනීමට පටන් ගත්තාට පස්සේ ඒ හරහා ඔබව වඩා හොඳින් ජීවිතය පුහුණු කිරීමට උපදේශකයාට පොළඹවන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   86,981
   40

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 symptoms shows you are pregnant
   39,855
   38

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Benefits of Wood Apple
   5,805
   25

දිවුල් වල නේක් ගුණ

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවේස සිට පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම අපේ ශරීරයේ අනේක රෝග සමනය කරන්න දිවුල් ආහාරයට ගත යුතු ආකාරය දැන ගනිමු
Dress patterns for flower prints
   56,048
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
These signs may be saying that you have cholesterol
   36,654
   24

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය

Latest Articles

Most Viwed