BB Cream එකක් වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවටයි

November 17, 2020
12,849
Here is where we want BB cream
බීබී ක්‍රීම් කියන්නේ අද කාලයේ බොහෝ දෙනා දන්නා වචනයක් - නමුත් ඒක ඔබේ මේක් අප් එකට හා සමේ රැකවරණයට ගලපගන්න විදිහ සහ ආලේප කරන්න ඕනේ අවස්ථාවන් ගැන ඔබ සැබවින්ම දන්නවාද? සාමාන්‍යයෙන් මේක්අප් ලුක් එකක් ලබා ගැනීමට මුහුණට භාවිතා කරන්න ඔබ කැමති එක් නිෂ්පාදනයක් විතරක් නම්, බීබී ක්‍රීම් ආලේප කරන්නේ කොහොමද කියලා ඔබ ඉගෙන ගන්න උත්සාහ කිරීම වටිනවා. ඒ හා සමානව ඔබ ගමනක් යනකොට ඔබේ බෑග් එකේ තියෙන්න ඕන මේක් අප් බඩු තෝරා ගන්න ගියාම ඔයා ගැටලුවකට පත් වෙනවා නම්, මේ මේක් අප් ක්‍රීම් එකට ඔබ ඔබේ පසුම්බියේ අනිවාර්යයෙන් තැනක් ලබාදීම කළ යුතුයි. පහත දැක්වෙන්නේ බීබී ක්‍රීම් එක්ක කරන්න පුලුවන් දේවල් සහ බීබී ක්‍රීම් යොදන්න ඕනේ අවස්ථාවන් ගැන ඔබට වටින තොරතුරු රැසක්...

බීබී ක්‍රීම් කියන්නේ මොකක්ද?
බීබී ක්‍රීම්වල තියන “බීබී” යෙදුමෙන් කියන්නේ සාමාන්‍යයෙන් beauty balm කියන එකයි. බීබී ක්‍රීම් කියන්නේ අපේ සමේ රැකවරණය සඳහා බොහෝ ප්‍රතිලාභ ලබා දෙන මේක්අප් ක්‍රමයක්. තනි පිළිතුරක් නොමැති නිසා බීබී ක්‍රීම් වලින් කරන්නේ මොකක්ද යන ප්‍රශ්නයට පිළිතුරු දීම මුළුමනින්ම සරල නැ.

ඔබ අරගන්න බීබී ක්‍රීම් වර්ගය අනුව අඳුරු ලප ආවරණය කරන එකේ ඉඳලා මොයිස්චරයිසින් කිරීම දක්වා පුළුල් පරාසයක ප්‍රතිලාභ ඔබට අත්විඳින්න පුලුවන්. පියවරෙන් පියවර කරන්න තියෙන ලොකු මේක්අප් එකක් දාගන්න ඔබට කාලය නොමැති නමුත් මුහුණට හොඳ පෙනුමක් ලබා ගැනීමට බීබී ක්‍රීම් කියන්නේ හොඳම විකල්පයක්. මූලික වශයෙන් එය නිතරම ගමන් යන ගැහැණු ළමයින් සඳහා කදිම තේරීමක්.

බීබී ක්‍රීම් එකක් භාවිතා කිරීමට හොඳම අවස්ථා
දැන් ඔබ දන්නවා බීබී ක්‍රීම් වලින් කරන්නේ මොකක්ද සහ ඔබට කරන්න පුලුවන් විකල්පන් මොනවාද යන්න. ඔබට ඒක ඔබේ එදිනෙදා රූපලාවණ්‍ය රූටින් එකට පහසුවෙන් ඇතුළත් කර ගන්න පුලුවන්. එහෙනම් ඒක භාවිතා කරන්න සුදුසු අවස්ථා මොනවාද කියලා අපි දැන බලමු.

1. ඔබ ගමන් කරනකොට, සංචාරයක් යනකොට බීබී ක්‍රීම් එකක් භාවිතා කරන්න.
සංචාරයකදී සිද්ධ වෙන වඩාත් කරදරකාරී සිද්ධි වලින් එකක් වෙන්නේ ඔබ යන ගමනේදී ඔබේ මේක් අප් බෑග් එකේ තබා ගත යුත්තේ මොන වගේ මේක් අප් බඩු ද කියලා හිතා ගන්න බැරි වෙන එක. බීබී ක්‍රීම් වල විවිධාකාර ප්‍රතිලාභ අන්තර්ගත නිසා ඔබට ඔබේ දෛනික කටයුතු විධිමත් කරගෙන ඔබගේ ගමන් මල්ලෙන් සුළු ඉඩ ප්‍රමාණයක් පමණක් එයට අවශ්‍ය වෙන නිසාත් බීබී ක්‍රීම් එකක් ඔබ ළඟ තබා ගැනීම වාසියක්.

2. ඔබ කඩිමුඩියේ සූදනම් වෙන වෙලාවට බීබී ක්‍රීම් එකක් භාවිතා කරන්න
සමහර දවස් වලට makeup primer, color-corrector, concealer සහ foundation භාවිතා කිරීමට කාලයක් නැති වෙලාවල් තියනවා නේද? කිසිම ප්‍රශ්නයක් නැ! ඔබේ මුහුණට විවිධ නිෂ්පාදන යොදනවා වෙනුවට ඔබේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ම සකස් කර ඇති බීබී ක්‍රීම් එකක් ගන්න. ඒකෙන් ඔබේ මුහුණට විශ්මයජනක පෙනුමක් ලබා දෙමින් මුහුණේ තත්ත්වය කළමනාකරණය කරන අතරම, ඔබේ රූපලාවණ්‍ය කටයුතු වලට ගත වන දීර්ඝ කාලය ද ක්ෂණිකව අඩු කරනවා.

3. ඔබට ඝන මේක් අප් එකක් අවශ්‍ය නොවුණත් මේක්අප් එකක පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය වුණාම
No makeup, makeup look එක කියන්නේ අද ලෝකයේ කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය ප්‍රවණතාවක්. පෙනෙන විදිහට බීබී ක්‍රීම් එකක් භාවිතා කිරීම කියන්නේ ඔබ මේක්අප් එකක් නොදැම්මත්, මේක් අප් එකකින් ලැබෙන දීප්තිමත් පෙනුම මුහුණට ලබා ගැනීමට තියන හොඳම ක්‍රමයයි. ආලේප කරද්දී ඔබේ සමට අස්වාභාවික නිමාවක් ලබා නොදී ඔබේ සමේ වර්ණයට ගැළපෙන විදිහට බීබී ක්‍රීම් එක හොඳින් සුමට කරන්න. මස්කාරා කෝට් එකක් සහ cream blush ස්වල්පයක් සමඟ වැඩේ අවසන් කරන්න. ඊට පස්සේ ඔබ ඕනේ තැනකට යන්න සූදානම්!

4. ඔබ ගොඩක් සෙල්ෆි ඡායාරූප ගන්න හිතන් ඉන්නව නම්
ඔබ සෙල්ෆීස් ගන්නකොට ඔබේ මුහුණේ පැහැය පුලුවන් තරම් අලංකාර ලෙස පෙනෙන්නට අවශ්‍යයි නේද? එහෙනම් බීබී ක්‍රීම් ඒ සඳහා ඉක්මන් සහ අනගි ක්‍රමයක්. ඔබේ සමේ පෙනුම නිවැරදි කිරීමට සහ පරිපූර්ණ කිරීමට බීබී ක්‍රීම් වලට පුලුවන් නිසා, ඔබගේ දුරකථනයේ කැමරාව විවෘත කරන්න කලින් බීබී ක්‍රීම් එක වෙත ළඟා වෙන්න.

5. ඔබේ සමට අධික මේක්අප් වලින් මිදීමට අවශ්‍ය වුණාම
ඔබත් මේක්අප් වලින් මිදිලා ජීවත් වෙන්න කැමති තරුණියක් ද? නමුත් මේක්අප් එකකින් ලැබෙන යම් ආවරණයක් මුහුණට අවශ්‍ය අවස්ථා උදා වෙනවා නම්, බීබී ක්‍රීම් කියන්නේ ඔබ තෝර ගන්න සුදුසු මාර්ගයයි. වැඩි ආවරණයක් සඳහා ෆවුන්ඩේශන් ආලේප කිරීමෙන් තොරව, සැහැල්ලු කන්සීලර් එකක් සමඟ මුහුණේ තියන අඩුපාඩු ආවරණය කිරීමට කලින් ඔබේ බීබී ක්‍රීම් එක ආලේප කරන්න.

7. අව්වේ යනවා නම්
ඔබ සති අන්තයේ ටිකක් නිදහසේ ඉන්න මුහුදු වෙරළට යනවා නම් ඒ වෙලාවට මේක්අප් භාවිතා කරන එක ඇත්තටම ඔබ අනවශ්‍ය දෙයක් වෙන්න පුලුවන්. නමුත් ඔබේ පෙම්වතා සමඟ හෝ මිතුරියන් සමඟ මුහුදේ රළ පහර සමඟ ඡායාරූපයක් ගැනීමට ඔබ අදහස් කරන් ඉන්නවා නම් බීබී ක්‍රීම් ඔබේ ගැලවුම් කරුවා කරගන්න. බීබී ක්‍රීම් වලින් හිරු එළියෙන් ඔබේ සම ආරාක්ෂා කිරීමට දවසකට ප්‍රමාණවත් තරම් ආවරණයක් සපයනවා. ඔබේ බීබී ක්‍රීම් එකෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන්නේ නැත්නම්, ඔබට සන්ස්ක්‍රීන් ක්‍රීම් ආලේපනයක් (SPF අගය 15 හෝ ඊට වැඩි) මුලින්ම ආලේප කරලා ඊට පස්සේ බීබී ක්‍රීම් ආලේප කරන්න පුලුවන්.

ඇත්ත වශයෙන්ම සතියේ ඕනෑම දවසක ඔබේ නිතිපතා මේක්අප් කටයුතු වලදී බීබී ක්‍රීම් වලින් ඉහල ප්‍රයෝජනයන් රැසක් ලබා ගන්න පුලුවන්. ඒ නිසා ජීවිතයේ ඉදිරියට යන ගමන් බීබී ක්‍රීම් එකක් උත්සාහ කරලා බලන්න!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1908 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:28:15 PM
Script:/article/1908/here-is-where-we-want-bb-cream.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:28:16 PM
Script:/article/1908/here-is-where-we-want-bb-cream.html