මෙඩිකල් ෆේස් මාස්ක් පැළඳීම නිසා ඇති වෙන කුරුලෑ වළක්වා ගන්නේ කොහොමද?

November 30, 2020
17,992
How to avoid pimples caused by masks?
වර්තමානයේදී අපි වසංගතයත් එක්ක ගෙවන මේ නව සාමාන්‍යය තත්ත්වය කෙනෙක්ට සැපපහසු කාලයක් වගේම තවත් කෙනෙක්ට සුපිරි කරදරකාරී කාලයක්. ඒක රඳා පවතින්නේ භාවිතා කරන ෆේස් මාස්ක් එක එක්ක, පෘථිවියේ පවතින නව නීති සමඟ ඔබ කොයි තරම් හොඳින් කටයුතු කරනවා ද යන්න මතයි. මොනවා වුනත් ඔබ මාස්ක් එකක් පළඳින්නම ඕනේ. ඒ, ඔබ සහ ඔබ අවට සිටින අයව ද දැනට පවතින රෝගය පැතිරීමෙන් ආරක්ෂා කර ගන්නයි. ඒ අතරතුර සමහරුන්ට මේ මාස්ක් එක නිසා ඔවුන්ගේ සම මත විවිධ ගැටලු ද ඇති වෙලා තියනවා. කුරුලෑ සහ සමේ දැවිල්ල කියන්නේ ෆේස් මාස්ක් නිසා ගොඩක් අයට ඇති වෙන පොදු අතුරු ආබාධ දෙකක්. ඒ වගේ ගැටලු සමඟ කටයුතු කරන්නේ කොහොමද යන්න පිළිබඳ නිවැරදි උපදෙස් කිහිප්‍යක් අපි අද ඔබට ලබා දෙන්නම්.

ෆේස් මාස්ක් එකක් තදට පැළඳීමෙන් ඒක ඔබේ මුහුණේ සම එක්ක ඇතිල්ලිලා ඔබේ හුස්ම වල තියන තෙතමනය උගුලකට හසු කරගන්නවා වගේ දෙයක් වෙනවා. මේ නිසා හැදෙන මේක්අප් සමග ඇතිවෙන දහඩිය ඔබේ මුහුණේ කුරුලෑ ඇති කරන බැක්ටීරියා සඳහා හොඳ තෝතැන්නක් බවට පත් වෙනවා. වසංගතයෙන් මෙන්ම ඔබේ මාස්ක් එකෙන්ද ඇති වන ආසාදන නිසා කුරුලෑ ඇතිවීමට වැඩි ඉඩක් මුහුණ මත හට ගන්නවා. ඔබේ මාස්ක් එක නිසා ඇති වන මේ බැක්ටීරියා අසමතුලිතතාවය හා ඝර්ෂණය මගින් කුරුලෑ, තද රෝස පැහැති පැල්ලම් මෙන්ම කට වටා ඇතිවෙන දද තත්වය ද මුහුණේ ඇති වෙන්න පටන් ගන්නවා.

මාස්ක් නිසා ඇතිවන සම කෝපවීම වළක්වා ගන්න ඔබට ප්‍රයෝජනවත් වෙන උපදෙස් කිහිපයක් මෙන්න :

සෑම විටම මෘදු රෙදි වර්ගයකින් හදපු මාස්ක් එකක් පැළඳ ගන්න. ඒවා සමට තද නොවන අතර ඔබේ සමේ ඇතිල්ලෙන්නේ ද නැ.

ඔබට දීර්ඝ කාලයක් මාස්ක් එක පැළඳීමට සිදු වුණොත් azelaic acid සහිත ලෝශන් එකක් හෝ මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න. මේවා සක්‍රීය අමුද්‍රව්‍ය නිසාභාවිතයේදී අවම ප්‍රමාණයක් භාවිතා කරන්න සැමවිටම මතක තබා ගන්න. කුඩා ප්‍රමාණයකින් වුණත් ඒවා වඩාත් කාර්යක්ෂමව ක්‍රියාකරනවා.

ඔබ මාස්ක් එකක් දීර්ඝ වෙලාවක් පැළඳගෙන ඉන්නවා නම් මුහුණු පිසදැමීමට සහ මුහුණ වාතයට වියළෙන්න දෙන්න වග බලා ගන්න. ඔබට salicylic acid මත පදනම් වූ ස්ප්‍රේ හෝ වයිප්ස් වර්ගයක් ඒ සඳහා භාවිතා කරන්නත් පුලුවන්. සම කෝප වෙන්න පුලුවන් නිසා ඒවාද අධික ලෙස භාවිතා නොකිරීමට වගබලා ගන්න.

ඔබේ මුහුණ සෝදා ගැනීමට අවස්ථාවක් ලැබෙනකල් මුහුණේ ඇති වෙන අතිරික්ත තෙල් හා දහඩිය අවශෝෂණය කර ගැනීමට ඔබට මෘදු ෆේස් ටිශූ වර්ගයක් භාවිතා කරන්න පුලුවන්.

මුහුණට මෘදු glycolic acid මත පදනම් වූ රාත්‍රී සත්කාරක නිෂ්පාදනයක් භාවිතා කරන්න.

අපිරිසිදු දෑතින් ඔබේ සම ස්පර්ශ කරන්න එපා. ඔබේ හිසකෙස් ඔබේ මුහුණට වැටීමට ඉඩ දෙන්නත් එපා.

කෝමාරිකා ජෙල් සමඟ සහල් පිටි ටිකක් මිශ්‍ර කරලා මෘදු රවුම් චලනයන් වලින් මුහුණ ටිකක් තෙත් කරලා ඒ මත මෘදු ලෙස මසාජ් කරන්න.

උදේ සහ සවස පිපිඤ්ඤා සාරය මුහුණට ආලේප කිරීම ද ඔබේ සමට සුවදායක වන අතර කුරුලෑ ඇතිවීම ද වළක්වයි.

chamomile tea සාරයෙන් හෝ green tea සාරයෙන් පිරුණු කුඩා ෆේස් ස්ප්‍රේ එකක් හෝ ෆේස් මීස්ට් බෝතලයක් නිතරම ළඟ තබා ගන්න. ඒවායේ මුහුණට සුවදායී ගුණාංග ඇති නිසා පුලුවන් සෑම විටම භාවිතා කරන්න. එමඟින් ඔබේ සම සන්සුන්ව හා සජලීයව තබා ගන්නවා.

සම සුවෙන් තිබෙන්න නම් ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම ද ආරම්භ කළ යුතුයි. ඒ අතරතුර ඔබේ සුදු පිටි වලින් සෑදූ ආහාර ප්‍රමාණය අඩු කරන්නත් ඕනේ. ඔබේ පද්ධති පිරිසිදු කිරීමට උපකාරී වන නිවිති සහ ලෙමන්, ඉඟුරු යුෂ, හරිත කොළ වර්ග හා එළවළු වැඩියෙන් පරිභෝජනය කරන්න පටන් ගන්න.

ඔබේ මුහුණ රතු පැහැයට හැරවිලා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔබ ආසාත්මිකතාවයක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය පාදක නිෂ්පාදන හෝ ස්වාභාවික පිළියම් යන දෙකම භාවිතා කිරීමට පෙර සෑම විටම patch test එකක් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,388
   68

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,294
   40

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,826
   27

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Weralu benefits
   23,357
   23

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…

Latest Articles

Most Viwed