ඔසප් සමයේදී ඇති වෙන රෑශ් වළක්වා ගන්න පුලුවන් සරල ක්‍රම 4 ක් මෙන්න

December 1, 2020
6,889
Tips to avoid period rashes
කාන්තා ඔබේ ඔසප් චක්‍රය සමඟ ඇති වන පොදු ගැටළුවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.

සෑම මාසයකදීම හැම තරුණියකටම මුහුණ දෙන්න සිද්ධ වෙන මේ සාමාන්‍ය ක්‍රියාවලිය සමහර අයට වඩාත් කරදරකාරී වෙන්නේ විවිධ ගැටලු කීපයක් ද ඒ එක්කම පැන නඟින නිසායි. ඒ, කුෂ්ඨ හෙවත් රෑශස්. ඒවා ගැන උපදෙසක් ගන්න බැරුව බොහොමයක් කාන්තාවන් නිහඬව සිටියත් ඔසප් කාලයේදි ඇති වන මේ කුෂ්ඨ වලින් ඔවුන් සැහෙන්න පීඩා විඳිනවා. ඉතින් බොහෝ දෙනෙක් නොදන්නා සහ මෙම ගැටලුව වළක්වා ගන්න පුලුවන් වටිනා ක්‍රම 4ක් මෙන්න.

ඔබ කළ යුත්තේ සරල වෙනස්කම් කිහිපයක් පමණයි!

1. විකල්ප සලකා බලන්න
සනීපාරක්ෂක තුවා නිසා ඔසප් කුෂ්ඨ වර්ධනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම කපු වලින් සාදන ලද වෙළඳ නාමයකට මාරුවීම හොඳ තේරීමක් වෙනවා. ඒත් ඔබ දැනටමත් මෙය කිරීමට උත්සාහ කළත් කිසිම වෙනසක් වුණේ නැත්නම්, සනීපාරක්ෂක තුවා වෙනුවට menstrual cup වගේ නවීන නිෂ්පාදන ද ඔබට භාවිතා කරලා බලන්න පුලුවන් .

2. පෑඩ්ස් නිතර වෙනස් කරන්න
මුළු දවසම එකම පෑඩ් එකක් ඇඳන් ඉන්න නම් ඔබ පුරුදු වෙලා තියෙන්නේ, කරුණාකර මීට පස්සේ ඒක කරන්න එපා! එකම පෑඩ් එක දවසේ ඉතා දිගු කාලයක් පැළඳගෙන ඉන්න එක ඔබේ සෞඛ්‍යයට ද ඉතාම අහිතකරයි. ඒ පමණක් නෙමෙයි ඔසප් කාලය තුලදී කුෂ්ඨ හට ගන්න ද ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ නිසා ඔබට වේදනාකාරී කුෂ්ඨ වලින් මිදීමට අවශ්‍ය නම් ඔබේ එදිනෙදා පෑඩ්ස් නිතරම වෙනස් කිරීම ඔබේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ.

3. නිවැරදි යට ඇඳුම් අඳින්න
මේ කාලය තුළදී ඔබ කපු යට ඇඳුම් ඇඳීමට වග බලා ගන්න. ඒවායින් ඔබට අධික ලෙස දහඩිය දමන්නේ නැති බව සහතිකයි. ඒ අතර ඔබේ සමට අවශ්‍ය වාතාශ්‍රය ද ඒවායින් ලැබෙනවා. සමට නිසි වාතාශ්‍රයක් සහ තෙතමනය අඩු වුනාම ඔබේ කුෂ්ඨ වර්ධනය වීමේ අවදානම අඩු වෙනවා.

4. නිසි සනීපාරක්ෂාව පවත්වා ගැනීම
සෑම පැය කිහිපයකට වරක්ම ඔබේ යෝනි ප්‍රදේශය උණුසුම් ජලයෙන් සෝදන්න. ඒ පුරුද්ද ඔබට ආසාදන ඇති කරන බැක්ටීරියා වලින් මිදීමට උපකාරි වෙනවා. එම කාලය තුළදී නිවැරදි සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම ඔබට සුවපහසුවක් වෙනවා පමණක් නෙමෙයි ඔබේ යෝනි ප්‍රදේශය ද හොඳ පිරිසිඳු බවකින් තබා ගන්නත් පුලුවන් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1918 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:53:54 AM
Script:/article/1918/tips-to-avoid-period-rashes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:53:55 AM
Script:/article/1918/tips-to-avoid-period-rashes.html