වියලි කෙස් කළඹ හිසරදයක් වුනු අයට නොවරදින පිළියම

December 7, 2020
18,990
Home remedies for dry hair
වියළි කෙස් කළඹක් ඇති කාන්තාවන් සඳහා හොඳම විසදුමක් ලෙස කන්ඩිෂනර් භාවිතා කරන්න. ඉතින් සැමවිටම හිසකෙස් කන්ඩිෂනර් කිරීමට ප්‍රමුඛතාවය දෙන්න. කන්ඩිෂනර් මගින් හිසකෙස් මුල සිටම අග දක්වා සුමටව තබා වියලි කෙස් කළඹ සජලීව තබා ගැනීමට උපකාරී වන අතර එමඟින් ඔයාගේ හිසකෙස් මෘදු කරයි.

විවිධාකාරයේ කන්ඩිෂනර් වර්ග අද වෙළඳපොලේ තිබුණත් ඔබට නිවසේදීම කන්ඩිෂනර් එකක් සදා ගත හැකි බව ඔබ දැන සිටියාද? ඒවා ඉතා පහසුවෙන් සෑදිය හැකියි. ඒ විතරක් නෙමෙයි, රසායනික ද්‍රව්‍ය කිසිවක් නොමැති නිසා ඵලදායී බැවින් වැඩියි. අද හැඩකාරී අපි ඔයාට ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සාදන ලද හිසකෙස් කන්ඩිෂනර් කිහිපයක් මෙන්න....

1. පොල්තෙල් සහ මී පැණි
පොල්තෙල් වල අත්‍යවශ්‍ය මේද අඩංගු වන අතර එමඟින් හිසකෙස් වලට සිදුවන හානිය අවම කර ගත හැකියි. පොල්තෙල් වලට කෙස් කළඹට ගැඹුරට විනිවිද යා හැක. ඒ වගේම හානියට පත් හිසකෙස් වල අවශ්‍ය ප්‍රෝටීන් සපයයි. මී පැණි හිසකෙස් ආශ්‍රිත ගැටළු වලදී භාවිතා කරනවා. එය හිසකෙස්වල තෙතමනය ඇති කර මෘදු හා දිලිසෙන බවක් එක් කරයි.

අවශ්‍ය ද්‍රවය :
පිරිසිදු පොල්තෙල් මේස හැඳි 1
මී පැණි මේස හැඳි 1
ලෙමන් යුෂ මේස හැඳි 1
කිරි මේස හැඳි 1
රෝස් වතුර මේස හැඳි 1

සාදන ක්‍රමය :
සියලුම අමුද්‍රව්‍ය බඳුනකට වත් කර හොඳින් මිශ්‍ර කරන්න. ෂැම්පූ කළ හිසකෙස් සඳහා මෙම කන්ඩිෂනර් ප්‍රතිකාරය යොදන්න. මිනිත්තු 15-20 ක් පමණ තබා වතුරෙන් සෝදා හරින්න.

2. පොල් කිරි
පොල් කිරි පෝෂණ මේද, විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත්. මෙම පෝෂ්‍ය පදාර්ථ ඔබේ කොණ්ඩය පෝෂණය කරන අතර එය සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය :
පොල් කිරි මේස හැඳි 4 ක්
මී පැණි මේස හැඳි 2
විටමින් ඊ කැප්සියුල් 1ක්
රෝස් වතුර මේස හැඳි 1
vegetable glycerine මේස හැඳි 1

සාදන ක්‍රමය :
සියලුම අමුද්‍රව්‍ය බඳුනකට වත් කර හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ඔබේ හිස්කබලට සහ හිසකෙස් වල අලේප කරන්න. හිසකෙස් ආවරණය කර විනාඩි 15 ක් පමණ තබන්න. සිසිල් / ඇල්මැරුණු ජලය භාවිතයෙන් හිසකෙස් සෝදන්න.

3. පොල් කිරි සහ ආමන්ඩ් තෙල්
ආමන්ඩ් තෙල් හිසකෙස් මෘදු හා දිලිසීමක් ඇති කරයි. පොල් කිරි සමඟ ආමන්ඩ් තෙල් මිශ්‍ර කිරීමෙන් ඔබේ හිසකෙස් ශක්තිමත් කරයි.

අවශ්‍ය වන්නේ :
මී පැණි මේස හැඳි 1
කිරි මේස හැඳි 1
පොල් කිරි මේස හැ 1
ආමන්ඩ් තෙල් මේස හැඳි 1
රෝස් වතුර මේස හැඳි 1

ක්‍රමය :
සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කර ටික වෙලාවක් පසෙකින් තබන්න. ඔබේ හිසකෙස් වල සදා ගත මිශ්‍රණය අලේප කරන්න. මිනිත්තු 15 ක් හිසකෙස් වටා තුවායක් ඔතා හෝ ෂවර් කැප් එකක් පැළඳ ගන්න. පසුව සිසිල් / ඇල්මැරුණු වතුරෙන් කන්ඩිෂනර් සෝදන්න.

4. කෝමාරිකා
කෝමාරිකා හිසකෙස් වලට යොදන විට සිසිලසක් සහ සිනිඳු බවක් ඇති කරයි. ඔබේ කෙස්වල පහසුවෙන් විනිවිද යන අතර වියළි හා හානියට පත් හිසකෙස් යථාතත්වයට පත් කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය :
ලෙමන් යුෂ
කෝමාරිකා ජෙල් මේස හැඳි 4 ක්
පෙපර්මින්ට් තෙල් බින්දු 5 ක්

සාදන ක්‍රමය :
පොඩි බඳුනකට අමුද්‍රව්‍ය මිශ්‍ර කර එය පසෙකින් තබන්න. ඔබේ හිසකෙස් ෂැම්පූ වලින් සෝදා තෙත් හිසකෙස් වල කන්ඩිෂනර් අලේප කරන්න. මිනිත්තු 5 ක් තබා සිසිල් / ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.

5. බිත්තර
බිත්තර කහ මදය විටමින් A, B සහ E වලින් පොහොසත්. මෙම විටමින් නිරෝගී, ශක්තිමත් සහ මෘදු හිසකෙස් සඳහා දායක වෙනවා. වියළි කෙස් සඳහා බිත්තර අපූරු කන්ඩිෂනර් එකක් බව සොයා ගෙන තියෙනවා.
බිත්තර කහ මදය වෙන් කර ගන්න. ඔබේ හිසකෙස් ෂැම්පූ වලින් සෝදා බිත්තර කහ මදය අලේප කර හොදින් සම්භාහනය කරන්න. මිනිත්තු 20 ක් පමණ තබා සිසිල් වතුරෙන් සෝදන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1926 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:00:15 PM
Script:/article/1926/home-remedies-for-dry-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:00:15 PM
Script:/article/1926/home-remedies-for-dry-hair.html