කොමඩු කියන්නේ ජලය අධිකව ඇති පලතුරක්. ඒ නිසා උෂ්ණ කාලයේදී සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සමතුලිතව තබා ගන්නට මෙන් ම, සම වියළීම පාලනය කර ගන්නට ද සහ ශරීරයේ බර අඩු කර ගැනීමට කොමඩු ආහාරයට ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :
ඉදුණූ කොමඩු
මී කිරි හෝ යෝගට්
සීනි ටිකක්
ලුණු ඉතාම ස්වල්පයක්
සාදන ක්‍රමය :
01. කොමඩු වල ඇට සහ පොත්ත ඉවත් කර කුඩා කැබැලිවලට කපා ගන්න.
02. කොමඩු ප්‍රමාණයටම මී කිරි හෝ යෝගට් දමා හොඳින් බ්ලෙන්ඩර් කර රසට අනුව සීනි සහ ලුණු ඉතාම ස්වල්පයක් එකතු කර ගන්න.