පෙම්වතිය සතුටින් තබා ගන්න ඕනේ මෙන්න මෙහෙමයි

December 9, 2020
4,428
How to keep your girlfriend happy
ඔබේ පෙම්වතිය සතුටින් තබා ගැනීම සාර්ථක සම්බන්ධතාවයක රහසයි. ආදරය කරන ඕනෙම දෙන්නෙක් කොයි තරම් අවුරුදු ගානක් තමන්ගේ සම්බන්ධතාවය තියාගෙන හිටියත් ඔවුන්ට පූසො දෙන්නෙක් වගේ ගැටුම් ඇති කරගන්න වෙන අවස්ථා ද ඕනේ තරම් උදා වෙනවා. දෙන්නාගෙන් කෙනෙක් දවසක් එන්න ප්‍රමාද වුණොත් ඒක අනික් කෙනාගේ තරහවට ලක් වෙනවා, පෙම්වතිය අනෙක් පිරිමි ළමයින් ගැන කතා කරනකොට පෙම්වතාට ඊර්ෂ්‍යාවක් දැනෙනවා වගේ හේතු ගොඩක් ඒකට බලපානවා නේ. ඒත් ඒ දේවල් දිගින් දිගටම පැවතුනොත් ආදර සම්බන්ධතාවයට නිසැකවම පහර වැදෙනවා. කාලය ගෙවී යද්දී සම්බන්ධතාවයේ මධුසමය අවසන් වෙනකොට බහුතරයක් යුවළයන් තුළ සම්බන්ධතාවය ආරම්භ කළ මුල් කාලයේ තිබ්බා වගේ හැසි‍රෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ආදරය කරද්දී තරුණයන්ට ගැහැනු ළමයෙකුගේ හැඟීම් තේරුම් ගැනීම දුෂ්කර බවක් පෙනෙන්නට තියනවා. ඒත් ඇයව සතුටින් තබා ගැනීමට ඔබට උත්සහ කරලා බලන්න පුලුවන් උපක්‍රම ඕනේ තරම් තියනවා. තමන්ගේ පෙම්වතිය සතුටින් තබා ගැනීමට පිරිමි ළමයෙකුට කරන්න පුලුවන් දේවල් කිහිපයක් මෙන්න.

ඇයට පක්ෂපාත වන්න

මෙය වඩාත් මූලික හා වැදගත් රීතියයි. මුලින්ම ඔබ අවංක නම් සම්බන්ධතාවය වර්ධනය කරගන්න පුලුවන්. ඔබේ සහකාරියට වංචා කිරීමට උත්සාහ කරන්න එපා. ගැටලුවක් ඇති බව ඔබට හැඟෙනවා නම් ඇය එක්ක ඒ ගැටළුව ගැන සාකච්ඡා කරමින් හොඳ සන්නිවේදනයක් කරන්න. කිසි කෙනෙක් මේ ලෝකේ පරිපූර්ණ නෑ. ඒ නිසා ඕනෙම කෙනෙක්ට සෑම විටම ආශා හිතෙන තවත් දෙයක් තිබෙන්න පුලුවන්. ඒත් වෙනත් තරුණියන්ට නිතරම ආලවන්ත හැඟීම් පෑමට ගියොත් ඒක ඊළඟට විශාල ගැටළු වලට තුඩු දෙන්න පුලුවන් බව මතක තියාගන්න. පක්ෂපාතී වීම කියන්නේ ආකර්ෂණය වීම නෙමෙයි. නමුත් වෙනත් තරුණියක් ගැන ඔබට ආකර්ෂණයක් ඇති වන සෑම අවස්ථාවකම ඔබට ආදරය කරන සහකාරියක් සිටින බව මතක තබා ගන්න.

සොරි කියන්න

ඔබ වැරැද්දක් කර ඇත්නම් හෝ ඇයට යම් ආකාරයකින් රිදවා ඇත්නම් ඔබ ඒ ගැන ඇගෙන් සමාව ඉල්ලන්න හෝ කණගාටු වෙන්න පසුබට වන්න එපා. සමාව ඉල්ලීම කියන්නේ සුන්දර සුවඳ විලවුන් වර්ගයක්. ඒකෙන් ඕනෙම අවුල්සහගත මොහොතක් කරුණාවන්ත, ආදරණීය මොහොතක් බවට පරිවර්තනය කරන්න පුලුවන්. හැබැයි 'මම ඔයාට රිදවපු එක ගැන මට කණගාටුයි' කියලා කිසි විටෙකත් කියන්න එපා. ඒකෙන් අහංකාරය‍යි පෙන්වන්නේ. ඒ වෙනුවට ඔබ අවංකවම ඒ ගැන සමාව ඉල්ලන බවත් ඔබට එසේ නොකරන්නයි තිබ්බේ කියලාත් ඇයට කියන්න.

ඔබ ඇයට ආදරය කරන බව පවසන්න

මෙම ඉන්ද්‍රජාලික වචන තුන ඇත්තටම පුදුම සහගතයි. 'මම ඔයාට ආදරෙයි' කියන්නේ ඔබ ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කර ගන්නට වරින් වර ඇයට පැවසිය යුතු දෙයයි. මෘදු ලෙස ඇගේ අත අල්ලාගෙන, ඇගේ දෑස් දෙස ගැඹුරින් බලලා ඔබ ඇයට කොතරම් ආදරය කරනවාද සහ ඔබ ඇය ගැන කොතරම් සැලකිලිමත් වෙනවාද කියලා ඇයට කියන්න.

ඇයව නැවත අමතන්න

ඔබ වහල මුදුනකට නැඟලා ඔබේ පෙණහලු පිරෙනකල් ඇයට කෑ ගැසීමට අවශ්‍ය නැ. ඔබ ඇයට ආදරය කරනවා නම් ඒක කෙලින්ම ප්‍රකාශ කරන්න. ඇය ඒක පිලිගෙන ආදරය කරන්න පටන් ගත්තාට පස්සේ ඇයට නැවත කෝල් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඇය කරන්නේ මොනවාද කියලා විමසීමට අවම වශයෙන් දිනකට එක වරක්වත් කතා කරන්න. ඇය "නියමිත වේලාවට ආහාර ගත්තාද?", 'මට ඔයා නැතුව පාලුයි' හෝ 'මම ඔයාට ආදරෙයි' කියලා කියන්නට ඇමතුමක් දෙන්න. ඒකෙන් ඔබ ඇය ගැන දක්වන සැලකිලිමත් බව පෙන්වන අතර ඒ සඳහා ඔබට ගත වෙන්නේ විනාඩි පහක ඇමතුමක් පමණයි. නැත්නම් මෙසේජ් එකක් හරි දාන්න.

ඇය සමඟ දේවල් බෙදා ගන්න

දෙදෙනා අතර විශාල පරතරයක් ඇති කරන්නේ නැතුව ඔබේ ජීවිතයේ වෙන දේවල් සහ වුණ දේවල් ගැන ඇයට දන්වන්න. ඇය වෙනත් ක්‍රමයකින් ඒවා ගැන දැන ගැනීමට පෙර ඔබේ අතීතය ගැන ඇයට කියන්න, ඒවා වැදගත් නම් විතරක්. ඇයව ඔබේ මිතුරන්ට හඳුන්වා දෙන්න. රැකියාවේදී සිදු වූ දේවල් ගැන එදිනෙදා ඇයට කියන්න, මේ සති අන්තයේ ඔබේ මව උයන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන ඇයට කියන්න. ඔබ වැඩට යද්දී මොන වගේ කමිස ද පළඳින්න ඕනේ, වගේ එදිනෙදා දේවල් පිළිබඳව ඇගේ මතය විමසන්න. ඒ හරහා ඔබ ඇයව අගය කරන බව ඇයට හැඟෙනවා.

ඇය සමඟ කාලය ගත කරන්න

ඔබ කාලය ලබා දුන්නොත් මිසක් ඔබේ සම්බන්ධතාවය සාර්ථක වෙන්නේ නෑ. ඔබ දෙදෙනා හමු වුණු පළමු දිනය මතක තබා ගෙන ඔබේ අනෙක් සෑම දිනයක්ම හමු වූ පළමු අවස්ථාව තරම්ම සිත් ඇදගන්නා සුළු දවසක් කරගන්න උත්සාහ කරන්න. ඔබ ඇය වෙනුවෙන් කාලය වෙන් කරන බව දැනුනාම ඔබේ පෙම්වතිය ඔබව අගය කරන්න පටන් ගන්නවා. ඔබ දෙදෙනා එකට ගත කරන කාලයේදී මතක තබා ගන්න පුලුවන් දේවල් කරන්න. ඉටිපන්දම් එළිය මැද සරල රාත්‍රී භෝජන සංග්‍රහයක් හෝ ආදර ගීත සහිත මොහොතක් වගේ ඇගේ හිතේ තියන සිහිනයක් යථාර්ථයක් බවට පත් කරලා දෙන්න ඔබට පුලුවන්. ඒ වගේම වැසි දිනයක එක කුඩයක් යට දෙදෙනාම ඇවිදගෙන යනවාට වඩා ආදරබර මොහොතක් තවත් නැති වෙයි. ඊට පස්සේ දෙදෙනාම එකට ඉඳගෙන කෝපි ටිකක් බොන්න. එතකොට ඔබේ ආදරයේ උණුසුම සමඟ ඇයගේ හදවතේ සතුට ඇස් වලින් දිලිසෙන ආකාරය ඔබට පෙනයි. සමහර දවස් වලදී ඇයව පුදුම කරමින් අනපේක්ෂිත දේවල් ද කරන්න. ඒ හරහා සරල දේකින් ඇගේ ඒ දවස විශේෂිත දිනයක් බවට පත් කරවන්න ඔබට පුලුවන්.

ඇයට ටිකක් ඉඩ දෙන්න

ඇය එක්ක නොකඩවාම කතා කරන්නත් යන්න එපා. ඇයටත් ටිකක් හුස්ම ගැනීමට ඉඩක් දෙන්න. ඇයව ඔබ සතුවම අයිති කරගෙන වැඩ කරන්න එපා. ඇයට ඇගේ මිතුරන් සමඟ ද කාලය ගත කිරීමට ඉඩ දෙන්න. ඇය ඇගේ මිතුරන් හා මිතුරියන් සමඟ විනෝද වෙනකොට ඊර්ෂ්‍යා නොකරන්න. ඒ වගේ අවස්ථා වලදී ඔබ ඇයව විශ්වාස කරන බව ඇයට දන්වන්න. හැම වෙලාවේම කාන්දමක් වගේ ඇයට ඇලී සිටීමෙන් වළකින්න. ඇයට ඔබ නැතුව ඉන්න කුඩා ඉඩක් හෝ දෙන්න. ඒ අවකාශය හා නිදහස ඇයට ගොඩක් වැදගත්. ඒ වගේම ඇගේ තීරණ වලට ගරු කරන්නත් පුරුදු වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,059
   72

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,784
   30

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,277
   28

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed