උදෑසන ආහාරය මඟින් ඔබව තරබාරු කරවන වැරදි 4ක් මේ

January 20, 2021
8,642
4 breakfast mistakes lead you to gain weight
උදේ ආහාරය දවසේ වැදගත්ම ආහාරය කියලා අපි කවුරුත් දන්නවා. මුලු දවස පුරාම ඔබට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ ඔබ ගන්නා උදේ ආහාරයයි. නමුත් ඔබ නිවැරදි ආහාර අනුභව නොකළොත් නම්, ඒ හරහා ඔබව සෞඛ්‍යසම්පන්න නොවන බර වැඩි වීමකට අරන් යන්න පුලුවන්.

තාමත් නව වසරේ ආරම්භක කාර්තුවේ ඉන්න නිසා උදේ ආහාරය මඟ හැරිය යුතුද නැද්ද යන්න පිළිබඳ විවාදය පසෙකට දමලා, ඔබ උදේ ආහාරය සඳහා අනුභව කරන දේවල් වලට අවධානය යොමු කරන්න පටන් ගන්න. ඔබේ බර අඩු කරන්නේ හෝ වැඩි කරන්නේ එයයි.

ඔබ බර අඩු කර ගැනීමට උත්සාහ කරන විට, බර අඩු කර ගැනීමෙන් 70% ක් ඔබේ ආහාර වේල මතයි රඳා පවතින්නේ. ඒ අතර 30% ක් ඔබේ ශාරීරික ක්‍රියාකාරකම් මත රඳා පවතිනවා. ඉතින්, දැන් ඔබ දන්නවා ඔබ කන දේ ගැනත්, ඔබ කන විටත් සිහියෙන් සිටීම කොයි තරම් වැදගත්ද කියලා. ඔබ ජිම් එකේ කොයි තරම් වෙහෙස මහන්සි වෙලා ව්‍යායාම කළත්, ඔබේ ආහාර රටාව නිසි පරිදි ක්‍රියාත්මක වෙනකල් ඔබේ අනවශ්‍ය බර අඩු වෙන්නේ නම් නෑ.

උදේ ආහාරය ගැන කතා කරනකොට එය දවසේ වැදගත්ම ආහාරය බව බොහෝ අය දැනගෙන හිටියත් ඔවුන් තවමත් බර වැඩිවීමේ අවදානමට ලක්වන මට්ටමේ බොහෝ වැරදි කරනවා. එහෙනම් මෙන්න ඔබේ බර වැඩි කරවන වැරදි හතරක්.

1. ඔබ ජූස් පානය කරනවා
ජූස් පානය කිරීම සෞඛ්‍ය සම්පන්නයි කියලා මෙච්චරකල් හිතන් හිටපු ඔබ ඒවායේ තියන වැරැද්ද මොකක්ද කියලා දැන් සිතනවා ඇති. ඒත් ජූස් පාන වලිනුත් ඔබේ සෞඛ්‍යසම්පන්න බව කඩා දමනවා. අපි බොහෝ විට නැඹුරු වෙන්නේ සුපිරි වෙළඳසැලෙන් ඇසුරුම් කළ ජූස් පරිභෝජනය කිරීමටයි. මේවායේ අධික කැලරි සහ සීනි ප්‍රමාණයක් එකතු වෙලායි තියෙන්නේ. ඒ නිසා එම ජූස් නිෂ්පාදන වලින් ලැබෙන පෝෂණය ඉතාම අඩුයි.

එසේම, ඔබ ගෙදරදී හදන් නැවුම් ජූස් වර්ග පානය කළත් ඒවායේ තන්තු ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා, ජූස් වෙනුවට නැවුම් පලතුරු ආහාරයට තෝරා ගැනීම ඔබට වඩා හොඳයි.

2. ඔබේ ආහාර වේලෙ ප්‍රෝටීන් අඩුයි
මාංශ පේශි සෑදීම සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වන නමුත් එය ඔබේ ශරීරයේ අනෙක් ගොඩනැඟීම් වලට ද අවශ්‍ය වෙන මූලික කොටසයි. ඒ හැරුණු විට, බර අඩු කර ගැනීම සඳහා ද එය අත්‍යවශ්‍ය වෙනවා. මොකද ප්‍රෝටීන් වලින් ඔබට පූර්ණ හැඟීමක් ඇති කරවන අතර ඔබේ ආහාර තෘෂ්ණාවන් ද සමනය කරන නිසා. ඔබේ උදේ ආහාරය තුළ ප්‍රෝටීන් වලින් පරිපූර්ණ හොඳ ආහාරමය කොටසක් තිබීම ඔබට ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන බව සහතික කරවනවා. ඒ අතර ඔබේ දවස ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ ප්‍රෝටීන් සහිත ආහාර වලිනුයි.

3. ඔබ අනුභව කරන්නේ වැරදි carbs
ඒවා ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය නිසා ඔබ ඩයට් කරන විට පවා, ඔබ සම්පූර්ණයෙන්ම carbs කපා හරින්න ඕනේ නෑ. ඒ වෙනුවට, ඔබ කරන්න ඕනේ නිවැරදි ආකාරයේ carbs තෝරා ගැනීමයි. ඔබ මීට පෙර උදේ ආහාරයට ගත්තේ පාන් හෝ පෑන්කේක් නම්, දැන් ඕට් මීට් හෝ ධාන්‍යමය ආහාර වලට මාරුවීමට උත්සාහ කරන්න, මොකද ඒවා තන්තු අන්තර්ගතයෙන් ඉහළයි.

4. ඔබ මේද ඇතුළත් කරගන්නේ නෑ
මේදය කියන්නේ සෑම විටම නරක දෙයක් නෙමෙයි. මතක තබා ගන්න, carbs මෙන්ම මේද ද ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය වෙනවා. Monounsaturated මේද ඔබට කුසගින්න පිළිබඳව නිතර දැනෙන හැඟීම් මැඩපවත්වන අතර ඔබේ කුසට හොඳින් පිරුණු හැඟීමක් ලබා දෙනවා. තවද රටකජු බටර්, බිත්තර කහ මදය, වට්ටක්කා සහ තල ඇට වගේ බීජ වල ද සෞඛ්‍ය සම්පන්න Monounsaturated මේද අඩංගු ආහාර විදිහට ඔබට අරගන්න පුලුවන්.

ඔබත් ඉහත කිව්ව කිසියම් වැරැද්දක් මෙච්චර කල් කළා නම්, ඒවා නිවැරදි කර ගනිමින් බර වැඩිවීම වළක්වා ගැනීමට දැන් කාලයයි !

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,251
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,999
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed