ඔසප් රුධිරය සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් කවුරුවත් ඔබට මෙතෙක් කල් කියලා නැති වැදගත්ම කාරණා මෙන්න

March 10, 2021
43,650
Things that no one said about sanitary pads
ඔසප් වීම කියන්නේ කාන්තා ඔබට ස්වභාවධර්මයෙන් ලැබී තිබෙන ජීව විද්‍යාත්මක දායාදයක්. ඒ නිසාම එය ස්වාභාවික ක්‍රියාවලියක් වගේම හරිම සාමාන්‍ය සංසිද්ධියක්. නමුත් විවිධ අපහසුතා සහ ඔසප් වීමේදී ඇතිවෙන විවිධ ශාරීරික රෝග ලක්ෂණ වලින් ඔබේ නින්දට බාධා කිරීමට, ඔබේ ශක්තිය අඩු කිරීමට හෝ මානසික සෞඛ්‍යයට බලපෑම් කරන අවස්ථා ද උදා වෙනවා. ඒ වගේම ඔසප් කාලයේදී ඔබේ යෝනි මාර්ගය හරහා පිටවෙන රුධිරයේ වර්ණය පිළිබඳව, වර්ණාලේපිත සැනිටරි පෑඩ්ස් භාවිතයේ බලපෑම සහ සැනිටරි පෑඩ්ස් භාවිතා කිරීමේ වැදගත්කම ගැන ගොඩක් තරුණියන් හා කාන්තාවන් නිසි අවබෝධයකින් තොරව ක්‍රියා කරන අවස්ථා තවමත් නැතුවාම නෙමෙයි. ඒ නොදැනුවත්භාවය නිසාම කාන්තාවන්ට බොහෝ ශාරීරික හා මානසික ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියනවා. ඒ නිසා එම කාරණා සම්බන්ධයෙන් අද විවෘතව ඔබ සමඟ කතා කරන්න අපි හිතුවා.

Periods වෙද්දී ලේ වල වර්ණයෙන් ඔබට කියන සෞඛ්‍යමය ගැටළු

මල්වර වියේ ඉඳන් මේ තාක් වෙනකල් ඔබට කී වතාවක් ඔසප් වීම වෙලා තිබ්බාත් ඒ ගලා යන රුධිර වර්ණය වර්ගීකරණය කර හඳුනාගෙන තිබෙනවාද? ගොඩක් තරුණියන් ඒ ගැන දන්නේ නෑ. ඔව්... කාන්තාවකගේ රුධිරයේ වර්ණයට වැදගත් සෞඛ්‍ය තොරතුරු දැනුම් දෙන්න පුලුවන්. ඔබේ හෝමෝන වෙනස්කම් සහ සෞඛ්‍ය තත්වයන් ද ඔසප් කාල පරිච්ඡේදයේදී පිට වෙන රුධිරයේ වර්ණය හා සංයුතිය කෙරෙහි බලපානවා. ඔසප් වීමේදී යෝනි මාර්ගය හරහා ගලා යන්නේ ඔබේ ගර්භාෂයේ පටක හා රුධිරයයි. මෙම රුධිර විසර්ජනයන් දීප්තිමත් රතු පාටක සිට තද දුඹුරු හෝ කළු පාටක් දක්වා වර්ණය වෙනස් වෙන්න පුලුවන්.

කළු රුධිරය

කළු රුධිරයක් පිට වෙනවා දැක්කාම ඔබ තැතිගෙන ඇති. නමුත් ඒක කරදර වීමට හේතුවක් නෙමෙයි. ඔසප් කාල පරිච්ඡේදයේ ආරම්භයේ හෝ අවසානයේ කළු රුධිරයක් පිට වීම සමහර තරුණියන්ගේ ඔසප් වීම් වලදී දැක ගන්න පුලුවන්. එම වර්ණයෙන් කියවෙන්නේ සාමාන්‍යයෙන් පරණ රුධිරයේ හෝ ගර්භාෂයෙන් පිටවීමට වැඩි කාලයක් ගත වූ රුධිරයේ සංඥාවක්. ඒවාට ඔක්සිකරණය වීමට කාලය තිබෙන අතර, පළමුව දුඹුරු හෝ තද රතු පැහැයට හැරී අවසානයේදී කළු බවට පත්වෙනවා.
කළු රුධිරය සමහර වෙලාවට කාන්තාවකගේ යෝනි මාර්ගය තුළ අවහිර වීමක් පෙන්නුම් කරනවා. මෙවැනි අවස්ථා වල දුර්ගන්ධ විසර්ජනයක්, උණ, මුත්‍රා කිරීම අපහසු වීම, යෝනිය තුළ හෝ අවට කැසීම හෝ ඉදිමීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා.

දුඹුරු රුධිරය

සියළුම රුධිර වර්ණ දුඹුරු පැහැයෙන් බැහැර වීම සාමාන්‍යයෙන් පැරණි රුධිරයේ ලකුණක්. එම රුධිරය ඔක්සිකරණය වීම නිසා එය සම්මත රතු පැහැයෙන් වෙනස් වෙනවා. ඔබේ රුධිර ප්‍රවාහය මන්දගාමී වෙනකොට, රුධිරය ඔබේ ශරීරයෙන් පිටවීමට වැඩි කාලයක් ගත වෙනවා. රුධිරය ගර්භාෂයේ වැඩි කාලයක් රැඳී සිටිනකොට එය දුඹුරු පැහැයට හැරෙනවා. මෙය ඔබගේ අවසාන ඔසප් කාල පරිච්ඡේදයේදී ඉතිරි වන රුධිරය ද වෙන්න පුලුවන්. මේ හේතුවට අමතරව මෙවැනි අවස්ථා ද වෙන්න පුලුවන්.

• සූතිකහාරය(Lochia)

දරු ප්‍රසූතියෙන් පස්සේ පළමු සති හතර හෝ හය තුළ රුධිර වහනය වීම සූතිකහාරය (Lochia) යනුවෙන් හැඳින්වෙනවා. එය සාපේක්ෂව වැඩි වහනය වීමකින් ආරම්භ වෙනවා. සිව්වන දිනයේ ඉඳන් Lochia රෝස පැහැයට හෝ දුඹුරු පැහැයකට හුරු වෙන්න පුලුවන්. 

• ගර්භණී බව

ගර්භණී කාලය තුල යෝනිමාර්ගය තුලින් ලේ බින්දු පිට වීම ඇතැම් අයගේ දකින්නට තියෙනවා. මෙවැනි අවස්ථාවක අනිවාර්යයෙන් ඔබේ වෛද්‍යවරයා හමුවීම වැදගත්.

• ගබ්සා වීම

ගබ්සා වීමකදී දීප්තිමත් රුධිරය පිටවීම සිදුවූවත්, ඇතැම් විට මේ රුධිරය ශරීරයෙන් පිට වීමට කල් ගතහොත් ඒ රුධිරය දුඹුරු පැහැයෙන් පිටවීමට ඉඩ තිබෙනවා.

තද රතු රුධිරය

ඔබගේ ඔසප් කාල පරිච්ඡේදය තුළ උදේ අවදි වූ විට හෝ ඔබ ටික වේලාවක් වැතිර සිටීමෙන් පස්සේ තද රතු රුධිරයක් ගිහින් තියනවා ඔබට පෙනිලා ඇති. ඒ ගැඹුරු වර්ණයෙන් සරලවම අදහස් කරන්නේ රුධිරය ගර්භාෂය තුළ ටික වේලාවක් රැඳිලා ඇති නමුත් දුඹුරු පැහැයට හැරෙන තරමට ඔක්සිකරණය වී නොමැති බවයි. ඔසප් වීමේදී අවසන් දින වල තද රතු පැහැයෙන් රුධිරය පිට වෙන්න පුලුවන්. ඒ වගේම දරු ප්‍රසූතියෙන් පසු මුල් දින කීපය තුල සූතිකහාරය තද රතු පැහැයක් ගන්නවා.

දීප්තිමත් රතු රුධිරය

දීප්තිමත් රතු රුධිරයෙන් ඔබේ නැවුම් රුධිරය සහ ස්ථාවර රුධිර ප්‍රවාහයක් තමයි පෙන්නුම් කරන්නේ. යම් ඔසප් කාල පරිච්ඡේදයක් දීප්තිමත් රතු ලේ ගැලීමකින් ආරම්භ වෙලා කාලපරිච්ඡේදය අවසානයේ අඳුරු වෙන්න පුලුවන්. සමහර අයගේ රුධිරය ඔවුන්ගේ ඔසප් කාලය පුරාම දීප්තිමත් රතු පැහැයෙන් පවතිනවා. නමුත් ඔසප් චක්‍රයේදී ඇති වෙන සමහර අසාමාන්‍ය පැල්ලම් හෝ ලේ ගැලීම් ක්ලැමීඩියා හෝ ගොනෝරියා වගේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක ලකුණක් වෙන්නත් පුලුවන්. පොලිප්ස් හෝ ෆයිබ්‍රොයිඩ් ලෙස හඳුන්වන ගර්භාෂ පටලයේ වර්ධනයෙන් ද අසාමාන්‍ය ලෙස අධික රුධිර වහනයක් ඇති කරනවා.

රෝස රුධිරය

ගැබ්ගෙල තරලය සමඟ රුධිරය මිශ්‍ර වූ විට රෝස රුධිරය හෝ පැල්ලම් ඇති වෙන්න පුලුවන්. හෝමෝන උපත් පාලනය භාවිතා කිරීමෙන් ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම අඩු කරන්න පුලුවන් අතර එමඟින් ඔසප් කාල වලදී රෝස පැහැයක් සහිත සැහැල්ලු රුධිර ප්‍රවාහයක් ඇති වෙනවා. ලිංගික සංසර්ගය මගින් යෝනි මාර්ගයේ හෝ ගැබ්ගෙලෙහි කුඩා සීරිම්, පැලුම් ඇති වෙන්න පුලුවන්. මෙම පැලුම් වලින් රුධිරය යෝනියේ තරල සමඟ මිශ්‍ර වෙලා කාන්තාවකගේ ශරීරයෙන් රෝස පාට සහිත විසර්ජනයක් ලෙස පිට වෙන්න පුලුවන්.

ගර්භණී සමයේදී පටක අඩංගු වෙමින් කැක්කුමක් සමඟ සිදුවන රෝස විසර්ජනයන් හරහා ගබ්සාවක් ද පෙන්නුම් කරනවා. ඒ නිසා ගර්භණී සමයේදී යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වන කාන්තාවන් තමන්ගේ වෛද්‍යවරයා හමුවීම වැදගත්.

තැඹිලි රුධිරය

ගැබ්ගෙල තරලය සමඟ මිශ්‍ර වන රුධිරය ද තැඹිලි පැහැයක් ගන්නවා. තැඹිලි පාට රුධිරය හෝ විසර්ජන වලින් බොහෝ විට පෙන්නුම් කරන්නේ bacterial vaginosis හෝ trichomoniasis වගේ ආසාදනයක් ගැනයි. තැඹිලි රුධිරය ඇති අයට යෝනියේ කැසීම, අපහසුවක් සහ දුර්ගන්ධයක් පිටවීම වගේ වෙනත් රෝග ලක්ෂණ ද ඇති වෙනවා නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ.

තැඹිලි රුධිරයෙන් හෝ විසර්ජනයෙන් සෑම විටම ආසාදනයක් පෙන්නුම් නොකලද, වෛද්‍යවරයෙක් හෝ නාරිවේද විශේෂඥයෙක් හමුවීම හොඳ අදහසක්.

අළු රුධිරය

අළු හෝ සුදු පැහැති විසර්ජනයක් දැක්කොත් ඔබේ වෛද්‍යවරයා අමතන්න. මොකද මෙම පැහැය මඟින් ඔබට bacterial vaginosis වගේ ආසාදන ඇති බව පෙන්නුම් කරන්න පුලුවන්.

ඉතින් සැනිටරි පෑඩ්ස් තනි සුදුපාට විය යුත්තේ ඇයි?

විශේෂයෙන්ම අපි භාවිතා කරන සැනිටරි පෑඩ්ස් වලට අඳුරු වර්ණ භාවිතා නොකරන්නේ අපෙන් පිටවෙන රුධිරයේ නිසි වර්ණය මොකක්ද කියලා අපිට දැක ගැනීමට නොහැකි වෙන නිසයි. එහෙත් ඇතැම් පෑඩ්ස් නිෂ්පාදන වල කෘතිම වර්ණ භාවිතා කරලා තියනවා. ඒ වගේ සැනිටරි පෑඩ්ස් ඔබේ සෞඛ්‍යයට අනතුරුදායක වෙන්න පුලුවන්.

වර්ණවත් පෑඩ්ස් භාවිතා කළොත් ඔබට ඔබේ රුධිරය වෙනත් වර්ණයක් සමඟ මිශ්‍ර වන විට, එය කළු / කොළ හෝ වෙනත් වර්ණයක් මෙන් පෙනෙන්න පුලුවන්. එතකොට නියමිත පැහැයෙන් ඔබෙන් පිට වෙන රුධිර වර්ණය හඳුනා ගන්න වෙන්නේ නෑ. කාන්තා ඔබ නීරෝගීව සිටීමට නම් ඒ ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ.

ඔබ භාවිතා කරන සැනිටරි පෑඩ්ස් සුදු පැහැයෙන් යුක්ත වීම මඟින් තමන්ට පෑඩ් කොපමණ ප්‍රමාණයක් භාවිතා කරන්න ඕනේද යන්න නිරීක්ෂණය කරන්න පුලුවන්. ඒ අතර එය ඉවතලන්න ඕනේ මොන වෙලාවේදීද යන්න ගැනත් තරුණියන්ට අදහසක් ලැබෙනවා. මොකද සුදු පැහැය කියන්නේ වඩාත් විනිවිද පෙනෙන වර්ණයයි. 

කාන්තාවන් සැනිටරි පෑඩ්ස් පාවිච්චි කළ යුත්තේ ඇයි?

sanitary napkin, sanitary towel, sanitary pad, menstrual pad හෝ pad ආදී ඕනෙම නමකින් හඳුන්වන සනීපාරක්ෂක තුවා වැඩිවියට පත් වූ නව යෞවනියන්ගේ, තරුණියන්ගේ හා කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාවට, ඔසප් රුධිරයෙන් වන ආසාදන වළක්වා ගැනීමට, ගර්භාෂගත රෝග හා පිළිකා අවදානම් වළක්වා ගැනීමට සහ ඔසප් දින වලදී විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට පවා ඉතාම වැදගත් වෙනවා.

ඔසප් වීම පිළිබඳව බොහෝ සාම්ප්‍රදායික සමාජවල විවෘතව කතා කිරීම තහනම් කර ඇති නිසා කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණය පිළිබඳ නොදැනුවත්කමට සහ නූගත්කමට ඒ පසුගාමී අදහස් බොහෝ සෙයින් දායක වෙලා තිබෙනවා. මේ නිසාම අදටත් ග්‍රාමීය සමාජ වල කාන්තාවන් ඔසප් වීම සමඟ කටයුතු කිරීම සඳහා පැරණි ඇඳුම් සහ වෙනත් සාම්ප්‍රදායික අනාරක්ෂිත ක්‍රම භාවිතා කිරීම කාන්තාවන්ගේ ගමන් බිමන් වලට හා එදිනෙදා කටයුතුවලට බාධා කරන ප්‍රධාන කාර්ණයක් බවට පත් වෙලා. මෙහි ප්‍රතිඵලය වෙලා තියෙන්නේ ඔවුන්ට තමන්ගේ රැකියාව, පාසල් මෙන්ම වෙනත් දෛනික කැපවීම් ද මග හරවා ගැනීමට සිදුවීමයි. විශේෂයෙන්ම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීමටද වැඩි ඉඩ කඩක් තිබෙනවා ඔසප් දවස් වලදී තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන නොගියොත්. එම සෞඛ්‍යාරක්ෂාව කාන්තා ඔබට ලැබෙන්නේ සැනිටරි පෑඩ්ස් භාවිතා කිරීමෙන් පමණයි. ඔසප් දින වලදී රුධිර පැල්ලම් නිසා ලැජ්ජාවකින් හා බියකින් තොරව කාන්තාවන්ට කටයුතු කිරීමට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නේ සැනිටරි පෑඩ්ස් වලින් පමණයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   86,979
   39

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 symptoms shows you are pregnant
   39,855
   38

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
These signs may be saying that you have cholesterol
   36,654
   24

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Benefits of Wood Apple
   5,804
   24

දිවුල් වල නේක් ගුණ

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවේස සිට පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම අපේ ශරීරයේ අනේක රෝග සමනය කරන්න දිවුල් ආහාරයට ගත යුතු ආකාරය දැන ගනිමු
Dress patterns for flower prints
   56,047
   23

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed