කිරිදෙන මවක් ලෙස ප්‍රතිජීවක ඖෂධ ගැනීම පිළිබඳව ඔබ දැනුවත්ද.. ?

April 8, 2021
20,355
Are you aware of using antibiotics as a feeding mother
බොහෝවිට විට අපි මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කාලයේදීත් දරුවන් ලැබුණු පසු කිරි දෙන කාලයේ දීත් ඖෂධ ගැනීමේදී ඉතා සැලකිලිමත් වෙනවා බොහෝවිට අප ගැන වඩා අප සිතන්නේ අපගේ දරුවන්ගේ ආරක්ෂාව ගැනයි. නමුත් සෑම විටම ප්‍රතිජීවක ඖෂධ ඔබටත් දරුවාටත් හානිදායක නොවේ.

රෝගයේ ස්වභාවය අනුව කිරි දෙන මව්වරුන් සඳහා බොහෝ විට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදු වෙනවා. දරුවාට කිරි දෙන සමයේ දී ඔබ ලබා ලබාගන්නා ප්‍රතිජීවක ඖෂධ යම් මාත්‍රාවක් ඉතා සුළු වශයෙන් මව්කිරි තුළින් දරුවාටත් ඇතුල් වීම සිදුවෙනවා. මේ පිළිබඳ අදහස් දක්වන ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය පවසන්නේ නොමේරූ ළදරුවෙකුට හෝ අලුත උපන් බිලිඳකු ට ඖෂධ ලබාදීමට වඩා එය මව විසින් ලබා ගැනීම උචිත බවයි.

කිරිදෙන මවක් ලෙස ඔබ ඖෂධ ගැනීමට පෙර ඒ පිළිබඳව දැනුවත් වීම ඉතා සුදුසුයි මන්දයත් ඔබගේ රුධිරයේ ඇති ඖෂධ මව් කිරි තුළත් අඩංගු වීමයි. නමුත් එය රුධිරයෙහි ඇති ප්‍රමාණයට වඩා ඉතා සුළුතරයක්. බොහෝ විට මෙම ඖෂධ දරුවාට අවම බලපෑම්ක් එල්ල කරයි. නමුත් ඇතැම් ඖෂධ නොමේරූ සහ අලුත උපන් බිළිඳුන් කෙරෙහි යම් බලපෑමක් එල්ල කරන බැවින් ඔබ ලබාගන්නා ඖෂධ පිළිබඳ ඔබගේ දරුවාගේ ළමා රෝග විශේෂඥවරයා සමඟ සමග දැනුවත් වීම ඉතා වැදගත්. ඇතම් අවස්ථාවක යම් ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගැනීම් දරුවාට හානිදායක වේ නම් එය ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ඔබ සිතා බැලිය යුතුයි.

ප්‍රතිජීවක ඖෂධ ලබා ලබාගැනීමේ යම් විකල්ප මාර්ග තිබේද..? ඒ පිළිබඳ ඔබ දැනුවත්ද..

**ආරක්ෂිතව ලබාගත් හැකි ප්‍රතිජීවක ඖෂධ තියෙනවාද ..

මෙය බොහෝවිට ඔබගේ අසනීප තත්වය දරුවාගේ බර සහ වයස මත තීරණය වේ. එසේම ඖෂධ නිෂ්පාදකයාගෙන් සහ ළමා රෝග වෛද්‍ය විශේෂඥයන්ගේ මත විමසා බැලීම ද සිදුකරයි. ඇමෙරිකරිකානු Mayo වෛද්‍ය සායනය මගින් කිරි දෙන මව්වරුන් සඳහා භාවිතා කළ හැකි ප්‍රතිජීවක ඖෂධ ලැයිස්තුවක් පහත පරිදි ඉදිරිපත් කර ඇත.
1.පෙනිසිලින්, ඇමොක්සිලින්, ඇම්පිසිලින්.( penicillins, including amoxicillin and ampicillin)

මෙම ඖෂධ බොහෝවිට ප්‍රතිජීවක ඖෂධයක් ලෙස නොව දිලීර වැනි ආසාදන තත්ත්වයන් සඳහා භාවිතා කරන පොදු ක්ෂුද්‍ර ජීවී නාශකයකි. කෙසේ නමුත් ඔබ මව් කිරි ලබා දෙන මවක් නම් ඉහත ඖෂධ ගැනීම හෝ වෙනයම් ඖෂධයක් ගැනීමට පෙර ඔබගේ වෛද්‍යවරයාගේ අදහස් විමසිය යුතුයි.

මව්කිරි ලබාදෙන කාලය තුළ ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් ඇතිවිය හැකි ගැටලු..
බොහෝ විට ප්‍රතිජීවක ඖෂධ ක්‍රියාකරන්නේ ඔබගේ ශරීරයේ ඇති බැක්ටීරියා විනාශ කිරිමෙනි. මෙහිදී ශරීරයට හිතකර බැක්ටීරියා මෙන්ම අහිතකර බැක්ටීරියා ද ඇත. එනිසා ඇතැම් විට ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් ඔබට සහ දරුවාට යම් අපහසු තාවයක් ඇති විය හැක.

** ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් ළදරුවන්ට බඩේ අමාරු ඇති වනවාද..
ඇතැම් අවස්ථා අවස්ථාවල මව්වරුන් කියනවා ඇය ප්‍රතිජීවක ඖෂධ ලබාගත් පසු දරුවාගේ උදරයේ අපහසුතා ඇතිවූ බව. ඇත්ත වශයෙන්ම මෙයට හේතුව වන්නේ උදරයේ ශරීරයට උපකාරී වන බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධ මගින් ක්ෂය වීම. මෙම තත්ත්වය ඉතා කෙටිකාලීන වන අතර ඔබගේ ඖෂධය දිගටම ලබා ගැනීමත් මව් කිරි ලබා දීමත් සිදු කළ හැකිය. බොහෝවිට විට වෛද්‍යවරුන් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට ළදරුවා වෙත ප්‍රීබයොටික්ස් (Prebiotics) ලබා දීම සිදු කරයි.


** සමෙහි හෝ උගුරේ ආසාදනය ඇතිවීම
ඇතැම් අවස්ථාවක දී මව ප්‍රතිජීවක ඖෂධ ගැනීමේ දී දරුවාගේ උදරයෙහි, දිව සහ මුඛය මත සුදු පැල්ලම් ඇති වීමත්, ඩයපර් රෑෂ් ඇති වීමත්, මවගේ තනපුඩු ආසාදනය වීමත් දැකිය හැකි වේ. බොහෝ විට මෙම තත්ත්වයේදී වෛද්‍යවරුන් විසින් මවට සහ දරුවාට prebiotics ලබා දීම සිදු කරයි.

**ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන අවස්ථාවේදී ඔබ විසින් වෛද්‍යවරයාගෙන් දැනගතයුතු කාරණා..
ප්‍රතිජීවක ඖෂධ නියම කළ අවස්ථාවේදී වෛද්‍යවරයාගෙන් හෝ ඔබගේ දරුවාගේ ළමා රෝග වෛද්‍ය විශේෂඥයා ගෙන් ඔබ අසා දැනගත යුත්තේ.
1. බෙහෙත් මගේ දරුවාට ආරක්ෂිතද.. ?
2. යම් අතුරු ආබාධයක් ඇතිවීමේ හැකියාවක් තිබේද..?
3. දරුවාට prebiotic ලබාදිය දිය යුතුද

යම් හෙයකින් ම ප්‍රතිජීවක ඖෂධය ලබා ගැනීම නුසුදුසු බව පැවසුවහොත් ඔබ ඒ සඳහා විකල්ප ඖෂධයක් හෝ වෙනත් ප්‍රතිජීවක ඖෂධයක් පිළිබඳ උපදෙස් ලබා ගත යුතු වේ.

** ප්‍රතිජීවක ඖෂධ සහ මව්කිරි ලබාදීම පිළිබඳ වැඩිදුර විස්තර ඔබට ලබාග ගත හැක්කේ කෙසේද..
බොහෝ විට මෙම තොර තොරතුරු ඔබගේ වෛද්‍ය විශේෂඥවරයාගෙන් දැනගත හැකි අතර නැතහොත් මව්කිරි ලබාදීම පිළිබඳ උපදේශකවරයෙකුගෙන් දැනගත් හැකිය.

අවසාන වශයෙන් ඔබ දැන්ගත යුතු වන්නේ ඇතැම් රෝග තත්ත්වයන් සඳහා අනිවාර්යෙන් ප්‍රතිජීවක ඖෂධ ගැනීමට සිදු වන අතර සමහර අවස්ථාවලදී ඔබ ඉන් ආතතියට පත් වීමද සිදු වේ. එවැනි අවස්ථාවකදී ගතයුතු වඩාත් නිවැරදි ක්‍රියා මාර්ගය වන්නේ ඔබගේ සිතෙහි පැන නගින ගැටලු වෛද්‍ය විශේෂඥවරයා සමඟ සාකච්ඡා කිරීම්යි. ඇතැම් ඖෂධ ළදරුවාට අහිතකර නම් එවිට ඔවුන් ඖෂධ ලබා ගන්නා කාලය තුළ මව්කිරි නොදීමටත් ඒවා දොවා ඉවත් කරන ලෙසටත් ඔබට දැනුම් දේ. බොහෝවිට වෛද්‍ය‍ වෘත්තිකයන් ඔබගේ සිතෙහි ඇති ගැටළුවට නිසි පිළිතුරු ලබා දෙයි. එබැවින් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Food to regulate your menstrual circle
   41,654
   27

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
10 symptoms shows you are pregnant
   44,766
   26

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Changes in your body if you consume cod-liver oil daily
   91,644
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
5 skin care tips for your neck
   28,122
   24

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
How to reduce under arm sweating
   4,798
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed