අපේ යහපත් සෞඛ්‍යයට උරදෙන "ප්‍රානයාම ව්‍යායාමය"

April 14, 2021
6,485
How pranayama help to improve our health
යෝග ක්‍රම එහෙමත් නැත්නම් යෝගී ව්‍යායාම (YOGA) කියන්නේ අද බොහෝ දුරට කලාවක් විදියට හැමෝම කරන දෙයක්.. සමහරු මේක පැෂන් එකක් විදියටත් කරනවා.. ඉතින් අද හැඩකාරි කියලා දෙන්නේ යෝග ක්‍රමයක් වන ප්‍රානයාම ( Pranayama ) ක්‍රමය ගැන..

මොකක්ද මේ ප්‍රානයාම ක්‍රමය කියන්නේ..
What exactly is pranayama?
ඇත්තටම ‍ ප්‍රාණයාම කියන්නේ ඔබගේ හුස්ම ගැනීමේ රටාව පාලනය කිරීමටයි. ඔබගේ හුස්ම ගැනීමත් හුස්ම ගැනීමේ වාර ගණනත්, එහි පරතරයත් පාලනය කරනවා. යෝග අභ්‍යාස වලදී ප්‍රානයාම මගින් ඔබගේ ශරීරය සහ මනස පාලනය කරයි. එය ඔබේ ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ලබා දෙන අතර විෂ පිටකරනවා. ඇත්තටම මෙය ක්‍රමය සුවකිරීමේ ක්‍රමයක්. ප්‍රානයාම ක්‍රමය හුස්ම ගැනීමේ ක්‍රම කීපයකට ඒවා සිදු කරනවා. යෝග ව්‍යායාම කරන විට, භාවනා කරන විට මෙම ක්‍රම අපට පුරුදු වන්න පුළුවන්.

ප්‍රාණයාම ක්‍රමයෙන් විද්‍යාත්මකව ලැබෙන ප්‍රයෝජන හැඩකාරි අපි ඔබට ඉදිරිපත් කරන්නම්.

මානසික ආතතිය දුරු කිරීම - Decreases stress
ප්‍රානයාම ක්‍රමය ප්‍රගුණ කිරීමෙන් අපගේ ස්නායු පද්ධතිය සන්සුන් කරන අතර මොළය සහ ස්නායු ක්‍රියා ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයුම් අඛණ්ඩව සිදු කරන්න උදව් වෙනවා.

2. සුව නින්දක් ලබා දෙනවා - Improves sleep quality
බොහෝවිට අපගේ මනස කලබලකාරී හා ආතතියට පත්ව ඇති විට අපට නින්ද යෑම බොහොම අසීරුයි. නමුත් ප්‍රානයාම ක්‍රමය කිරීම මගින් හෘද ස්පන්දන වේගය සහ හුස්ම ගැනීමේ වේගය පාලනය කරමින් නින්ද සඳහා ශරීරය සූදානම් කරනවා.
3. මානසික ඒකාග්‍රතාව වැඩි දියුණු කිරීම - Increases mindfulness
අපි සියලු දෙනා බොහෝ විට හුස්ම ගැනීම ස්වයංක්‍රීයවම සිදුකරනවා. ඒ පිළිබඳ කිසිදු ආකාරයකට අප සිතන්නේ නැහැ. නමුත් ප්‍රාණයාම ක්‍රමයේ දී අපි හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. පරීක්ෂකයින් පවසන්නේ ප්‍රානයාම ක්‍රමය සිදු කරන අයගේ මානසික ඒකාග්‍රතාවය ‍එය සිදු නොකරන අයට වඩා වැඩි බවයි. ඔවුන් පවසන්නේ ප්‍රානයාම ක්‍රමය මඟින් ශරීරයෙන් කාබන්ඩයොක්සයිඩ් පිට කිරීමත් මොලයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන වන ඔක්සිජන් ලබා දීම වේගවත් කිරීම මගින් අවධානය (focus) සහ එක් අරමුණකට සිත යොමු කිරීමේ (concentration) වේගය වැඩි කරන බවයි.

4. අධික රුධිර පීඩනය අඩු කරයි - Reduces high blood pressure
අධික රුධිර පීඩනය කියලා කියන්නේ ඔබගේ රුධිරයේ සංසරණ වේගය වැඩිවීමයි. එසේ වැඩිවීම ශරීරයට ඉතා අහිතකර තත්ත්වයක් වන අතර හෘද්‍යාබාධ, ආඝාත ඇතිවීම කෙරෙහි බලපානවා. අධික රුධිර පීඩන තත්ත්වයට ප්‍රධානම හේතුව වන්නේ මානසික ආතතියයි. ප්‍රානයාම ක්‍රමය මගින් මනස ලිහිල් වීම සිදුකරන අතර මනස සන්සුන් කිරීමට උපකාරී වෙනවා.

5. පෙනහලු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරිම - Improves lung function
හුස්ම් ගැනීමේ ක්‍රමවේදයක් වන ප්‍රාණයාම ක්‍රමයෙන් ඔබගේ දුර්වල හුස්ම ගැනීමේ රටාව ශක්තිමත් කරන අතර පෙනහළු ශක්තිමත් වෙනවා. පර්යේෂණයන් ට අනුව ඇදුම (asthma), බ්‍රොන්කයිටීස් (allergic bronchitis), නිව්මෝනියාව( pneumonia ) සහ ක්ෂය රෝගය (tuberculosis) වැනි රෝගයන්ගෙන් සුවය ලැබීම සඳහාත් ප්‍රානයාම ක්‍රමය උපකාරී කර ගන්න පුළුවන්.

6. සංජනනාත්මක කුසලතා වැඩි දියුණු කිරීම (Enhances cognitive performance)
ප්‍රාණයාම ක්‍රමයෙන් ප්‍රධාන වශයෙන් හුස්ම ගැනීමත් පිට කිරීමත් ක්‍රමවත් කරන අතර එමගින් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සිදු කරයි. පර්යේෂකයන්ට අනුව ප්‍රානයාම ක්‍රමය මඟින් මානසික ආතතිය දුරු කිරීම සහ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ලබාගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම මෙයට හේතුවන බවයි .

7. දුම්වැටි පානය කිරීම සඳහා ඇති කැමැත්ත අඩු කිරීම (Reduces cigarette cravings)
දුම්වැටි පානය නතර කි‍රීමට උතසාහ ද‍රණ පුද්ගලයින් මෙම ප්‍රාණයාම යෝග අභ්‍යාසය ප්‍රගුණ කිරීමෙන් ඔවුන්ට දුම්වැටි පානය සඳහා ඇති කැමැත්ත අඩු කරන බව පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

බොහෝවිට යෝග අභ්‍යාස මගින් සිදු කරන්නේ ඔබගේ මනස සහ ශරීරය සැහැල්ලු කිරීමයි . ප්‍රාණයාම ක්‍රමයෙහි අරමුණ වන්නේ ශරීරය සහ මනස අතර ශක්තිමත් සබඳතාවයක් ඇති කිරීමයි. අප සියලු දෙනාගේම අරමුණ වන්නේ සිත සැහැල්ලුවෙන් ජීවත්වීමයි. ඉතින් ඔබත් තවමත් යෝග අභ්‍යාස පිළිබඳ දන්නේ නැතිනම් ඒ පිළිබඳව ඉගෙන ගන්න කැමති නම් අත්දැකීම් බහුල පුහුණුකරුවකු වෙත යොමුවීමයි කරන්න පුළුවන් හොඳම දේ.. ඉදිරියේදිත් හැඩකාරී අපි යෝග ව්‍යායාම සම්බන්ධ ලිපි කිහිපයකින් හම්බු වෙමු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,248
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,996
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,981
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,415
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed