කැප්සියුල් වෝඩ්‍රෝබ් එකක් සකසගන්න පහසු පියවර 7ක්

May 10, 2021
6,102
7 easy ways to create a capsule wardrobe
කාන්තා අපිට ගමනක් යන්න එහෙමත් නැතිනම් උදේට වැඩට යන්න සූදානම් වෙන්න යද්දි වැඩිම වේලාවක් යන්නේ ඇඳුම් තෝරන්න තමයි.. ඇඳුම් අල්මාරිය කොයි විදියට අස් කලත් ටික දවසක් යද්දි ආයෙත් අවුල් ජාලාවක් වෙනවා. ගොඩාක් වෙලාවට අපි අල්මාරිය ඉස්සරහට ගිහින් දවස පටන් ගන්නේම ආතතියට පත්වෙලා නේද… කොයිතරම් ඇඳුම් තිබුනත් සමහර වෙලාවට අපිට හිතෙනව නේද "අඳින්න කිසිම ඇඳුමක් නෑ" කියලා..

එහෙම නම් මෙන්න හැඩකාරි අපෙන් ඔයාගේ ඇඳුම් අල්මාරිය පිලිවෙලකට සකස් කරගන්න පහසු පියවර කිහිපයක්.. මෙය කැප්සියුල් ක්‍රමය (A Capsule Wardrobe) කියලයි හඳුන්වන්නේ..

ඇත්තටම මොකක්ද මේ ක්‍රමය..
Capsule Wardrobe කියලා කියන්නේ පරිස්සමෙන් තෝරාගන්නා ලද ඇඳුම් ආයිත්තම් වල එකතුවක් ලෙස ඔබගේ අල්මාරිය පවත්වාගෙන යාමයි.. මෙයින් ඔබට ලැබෙන ප්‍රයෝජනය තමයි ඔබගේ කාලය ඉතුරු වීම. ඉතින් ඔබගේ අල්මාරියේ ඇති අනවශ්‍ය දෑ ඉවත්කර අත්‍යවශ්‍ය දෑ පමණක් තබා ගැනීමට සූදානම් නම් ඔබට මේ ක්‍රමයේ වාසි අත්විඳින්න පුළුවන් .

කැප්සියුල් අල්මාරියක් සකස් කරගන්න පහසු පියවර හත..

පළමු පියවර
ප්‍රධානම දේ තමයි.. ඔයාට කරන්න තීරණය කරන්න වෙනවා ඔයාගේ අල්මාරියේ කොතරම් ඇඳුම් ප්‍රමාණයක් තියාගන්නවද කියලා.. එය ඔබට තරමක් අමාරු වෙන්න පුළුවන්, ඒත් උත්සාහ කරන්න වෙනවා. උපරිම ඇඳුම් කට්ටල පනහට අඩු ප්‍රමාණයක් තබාගන්න. මෙම කට්ටල සඳහා ඔබට අවශ්‍ය කලිසම්, බ්ලව්ස් ටී ෂර්ට්, ගවුම්, සායවල් සහ ඒවාට ගැලපෙන පාවහන් ලෙස වර්ග කරගන්න. නමුත් මෙම කට්ටල සඳහා පිහිනුම් ඇඳුම්, පිජාමා ඇඳුම්, ව්‍යායාම් ඇඳුම්, යට ඇඳුම් ආදිය එක්කර ගන්න එපා. ඔබගේ ඉලක්කය විය යුත්තේ ඕනෑම අවස්ථාවක් සඳහා පහසුවෙන් අඳින්න පුළුවන් සාමාන්‍යයෙන් ඔබ කරන විලාසිතා රාමුවට ගැලපෙන ඇඳුම් එකතුවක් ඔබගේ අල්මාරියෙ තබා ගැනීම.

දෙවන පියවර
ඔබ ළඟ දැනට තියෙන සියලුම ඇඳුම් පිළිවෙලකට අස්කර ඔබට තබාගත යුතු ගැලපෙන කට්ටල සකස් කර ගන්න. සාමාන්‍යයෙන් අපි පුරුදුවෙලා ඉන්නේ දකින ඕනෑම ඇඳුමක් මිලදී ගන්න; අපිට ගැළපෙනවා කියලා හිතුන ඇඳුමක් දැක්ක ගමන් අපි මිලදී ගන්නවා. ගොඩක් දුරට මෙම පියවර කරන්න ඔබට බොහෝ අපහසු වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම ඔබට කැප්සියුල අල්මාරියක් අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා ඔබගේ ඇඳුම් එකතුව සීමා කරගන්න.

ඒ වගේම හැඩකාරි අපි ඔයාට යෝජනා කරනවා මෙය සිදු සිදුකරන විට ඉතාමත් සැලකිල්ලෙන් කරන්න කියලා. මොකදඅපි කොක්ටේල් පාටි වලට නිතර යන්නේ නැත්නම් එසේ යාමට සුදුසු ඇඳුම් 5ක් පමණ තබා ගැනීම වැදගත් නැහැ. ඒ නිසා ඔබගේ ඇඳුම් අල්මාරිය අස් කරන විට සාමාන්‍යයෙන් ඔබගේ දෛනික ජීවන රටාව පිළිබඳව සැලකිල්ලෙන් මෙය සිදු කරන්න.

තුන්වන පියවර
ලංකාව වගේ රටක ජීවත්වෙන අපිට ශීත කාලය, ගිම්හාන කාලය, වසන්ත කාලය කියලා නැහැ.. ඉතින් ඒක නිසා අවුරුද්ද පුරාවටම අපිට අඳින්න පුළුවන් ඇඳුම් වල එකතුවක් තමයි අපේ අල්මාරියේ තියෙන්න ඕන. එතකොට ඔබ කල්පනා කරාවි ඔබට නිතර උවමනා නොවන සමහර විට ඔබ ආයෙත් අඳින්නෙ නැති ඔබගෙ මංගල ඇඳුම වගේ මතකය තිබෙන ඇඳුම් කොහෙද ගබඩා කරන්නේ කියලා. එවිට ඔබට පුළුවන් ඒවා ඔබගේ කැප්සියුල අල්මාරියෙ කොටසක යම් සීමාවක තබන්න.

හතරවන පියවර
ඔබ මේ විදියට 1 2 3 කියන පිය පියවරවල් පසු කරාට පස්සේ ඔබට සිතෙයි ඔබගේ අල්මාරියෙ හි තිබිය යුතුම ආකාරයෙහි ඇඳුමක් උදාහරණයක් විදියට කළු පැහැති කලිසමක්, සුදු පැහැති බ්ලවුසයක් වගේ අත්‍යාවශ්‍යම ඇඳුමක් නැහැ කියලා.. එවිට ඔබ ඊළග සාප්පු සවාරියේදී කරන්න ඕනි ඔබගේ ඇඳුම් එකතුවට අනිවාර්යයෙන් තිබිය යුතු ඇඳුම් පමණක් මිලදී ගැනීම. නැතුව කලින් වගේම දකින දකින ඇඳුම් පැලඳුම් මිලදී ගන්න එකෙන් වළකින්න ඕන. වැදගත්ම දේ තමයි මිල අධික වුවත් ඉතා හොඳ තත්වයේ ඇඳුම් මිලදී ගන්න එක. ඔබ කැප්සියුල් අල්මාරියක් පවත්වා පවත්වාගෙන යනවා නම් ඔබගේ ඇඳුම් එකතුව පරිපූර්ණ විය යුතුයි.

පස්වන පියවර
මෙම පියවර වන විට ඔබ capsule අල්මාරිය නිර්මාණය කර අවසන්.. ඔබ උත්සාහ කළ යුතුයි ඔබගේ අල්මාරිය අවම වශයෙන් මාස තුනත් හයත් අතර කාලයක් වත් පවත්වාගෙන යන්න. ඔබ ක්‍රමානුකූලව ඇඳුම් එහි තැන්පත් කළා නම් ඔබට නිතර නිතර එය අස් කිරිමට අවශ්‍ය වන්නේ නැහැ.. බොහෝවිට ජනවාරි සිට ජුනි දක්වා එක දිගට ඔබගේ අල්මාරිය capsule අල්මාරියක් ලෙස පවත්වාගෙන ගියානම් ඔබට ජූලි මාසයේ මුල, එළැඹෙන නත්තල් කාලය ගැනත් සිතා ඔබගේ ඇඳුම් ආයිත්තම් නැවත සකසන්න අවශ්‍ය නම් පුළුවන්.

හයවන පියවර
ඔබ capsule අල්මාරියක් සැකසීමේ දී මූලිකවම සිතිය යුතුයි ඔබ මෙය මාස කීයකට වරක් සිදු කරනවා ද කියා.. එම කාලසීමාව අවසානයේ ඔබ ඔබගේ අල්මාරිය නැවත සකසන විට ඉවත් කරන ඇඳුම් සහ නැවතත් ඇඳීමට හැකි ඇඳුම් ලෙස වර්ග කරන්න පුළුවන්. නැවත සාප්පු සවාරි ගොස් ඔබට අවශ්‍ය ගැලපෙන කාලාන්තරයක් පාවිච්චි කර හැකි නව විලාසිතාවට ගැලපෙන ආකාරයට මිලදී ගන්න පුළුවන්. නැවතත් කාල සීමාව තීරණය කර capsule අල්මාරිය පවත්වාගෙන යන්න පුළුවන්.

හත්වන පියවර
හැඩකාරි අපි හැමවෙලේම ඔබට කියන්නේ කාන්තාවක් ලෙස විලාසිතා තෝරා ගැනීමේදී ඔබේ පෞරුෂත්වය වර්ධනය කරන ඔබට ගැලපෙන, ඔබගේ සිරැරේ හැඩය සහ පෙනුම වැඩිදියුණු කරන්න පුළුවන් විලාසිතා තෝරා ගන්න කියලයි. ඉතින් capsule අල්මාරියක් පවත්වාගෙන යන විටත් ඔබ අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබ අඳින ඇඳුමට ගැළපෙන ආකාරයට ඔබගේ අනෙකුත් ආභරණ, පාවහන්, බෑග්, කොණ්ඩ විලාසිතාව ආදී සියල්ල පිළිබඳවම සැලකිලිමත් වීම වැදගත් වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,249
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,997
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed