වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

May 13, 2021
31,996
10 remedies for dry skin
වියළි සමක් තිබීම තමයි අද කාලේ තරුණ තරුණියන්ට තිබෙන ප්‍රධානම රූපලාවණ්‍ය ගැටලුව.. බොහෝ විට මෙය මානසික පීඩාවක්. ඇත්තටම වියළි සමක් තිබීමට නොයෙක් හේතු බලපාන්න පුළුවන්. වියලි හෝ ශීත කාලගුණය, නිතර ස්නානය, වායුසමීකරණය කරන ලද් පරිසරයෙහි නිතර සිටීම වැනි හේතු නිසා සමේ තෙතමනය අඩු වී වියළී යාම සිදු වෙනවා.

මෙම තත්වය මග හරවා ගැනීමට කාන්තා අප නිතරම විවිධ ආලේපන වර්ග භාවිතා කරනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නත් පෙළඹෙනවා. හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

රූපලාවණ්‍ය ආලේපන මිලට ගැනීමට වඩා ස්වභාවික ප්‍රතිකාර කළ යුත්තේ ඇයි..

රූපලාවණ්‍යය ආලේපන නිෂ්පාදනයේ දී විවිධ වූ රසායන ද්‍රව්‍ය භාවිතා කරනවා.. ඒවා මඟින් යම් යම් අහිතකර බලපෑම් සමට එල්ල වෙන්න පුළුවන්.. ඇතැම් ආලේපන ඔබගේ සමට ආසාත්මිකත්මික වන්න පුළුවන්.. එම නිසා සෑමවිටම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතය වැදගත් බවයි ප්‍රවීණයන්ගේ මතය.

වියලි ඉරිතැලුන සමට ස්වභාවික පිළියම් උපකාරී වන්නේ කෙසේද..

සාමාන්‍යයෙන් අපගේ සම ස්වභාවිකවම සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය තෙල් නිපදවා ගනු ලබනවා. නමුත් අපි භාවිතා කරනු ලබන ක්‍රීම් වර්ග, සේදුම්කාරක සහ වියළී සහ ශීත කාලගුණය ආදී හේතූන් නිසා ස්වභාවිකව සම මත නිපදවන තෙල් ඉවත් වීම සිදුවෙනවා.. එවිට අපගේ සම වියලීමට ලක් වෙනවා.. සමට අවශ්‍ය තෙතමනය ලබාදීමට හොඳම තෙල් වර්ග ලෙසට එඬරු තෙල් (castor oil), ලැවැන්ඩර් තෙල් (lavender oil) සහ අලිගැටපේර තෙල් (avocado oil) හඳුන්වා දෙන්න පුළුවන්.. ඒ වාගේම ස්වභාවික පොල් තෙල් (Coconut oil) ඔබගේ මුළුතැන්ගෙය ඇති ප්‍රධානම රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක්.. කුරුලෑ ඇතිවීමේ අවදානම නැති අයට භාවිතා කිරීමට හැකි ස්වභාවික සත්කාරයක්. එමෙන්ම ඖෂධිය ගුණයෙන් හෙබි වටිනා ශාකයක් තමයි කෝමරිකා.. කෝමාරිකා ජෙල්වල අඩංගු mucopolysaccharides, මගින් සමේ තෙතමනය ආරක්ෂා කරනවා.


වියලි සමට ඔබට නිවසේදීම කරන්න පුළුවන් පිළියම් 10ක්..

1. පිරිසිදු ඔලිව් තෙල් මුහුණේ ආලේපය
ස්වාභාවික පිරිසිදුකාරකයක් සහ මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියා කරන ඔලිව් තෙල් ඉතා හොඳ ස්වාභාවික සත්කාරයක් ලබාදෙනවා.. එමගින් සම පිරිසිදු කරන අතර සමෙහි ඇති ස්වාභාවික තෙල් ගතිය ආරක්ෂා කරනවා.. සම මත ඔලිව් තෙල් ආලේප කර මද වේලාවක් තබා උණුසුම් රෙදිකඩකින් පිහිදා හරින්න.

2. අලිගැට පේර මාස්ක් එකක් දැමීම
අලිගැටපේර හොඳින් පොඩි කර ක්‍රීම් එකක් සේ සකසා මුහුණෙහි තට්ටුවක් ලෙස ආලේප කිරීම මගින් සමෙහි වියළි, ඉරිතැලුණු ගතිය මගහැර ගන්න ඔබට පුළුවන්. අලිගැට පේර ගෙඩියක බාගයක් පිරිසිදු කර හොඳින් සූරා එයට මී පැණි තේ හැන්දක් එක්කර මුහුණෙහි හොඳින් ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.. ඔබට පැහැදිලි වෙනසක් ඔබේ මුහුණ දැකගන්න පුළුවන්.

3. ඕට්ස් මිශ්‍ර ජලයෙන් ස්නානය කිරීම
උණුසුම් ජලයෙන් ස්නානය කරන විට වතුර භාජනයටට ඕට්ස් කෝප්පයක් එක්ක මද වේලාවක් පෙඟෙන්න තබා ස්නානය කරන්න.. ස්නානය කිරීමෙන් පසු සමෙහි වියළීම වැළැක්වීමට මෙය උපකාරී වනවා.

4. ඕට්ස්/ මී පැණි මිශ්‍ර ආවරණයක් මුහුණට දැමීම
ඕට්ස් තේ හැඳි 2 ක් මී පැණි තේ හැඳි 1 ක් සහ වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර මදක් උණුසුම් කර මුහුනේ තට්ටුවක් ලෙස (මාස්ක්) ආලේප කර විනාඩි 15 ක් හෝ 20 ක් තබා උණුසුම් ජලයෙන් සෝදා හරින්න..

5.රාත්‍රී නින්දට පෙර පොල් තෙල් ආලේප කිරීම
සාමාන්‍යයෙන් ස්වභාවික පිරිසිදු පොල්තෙල් කාමර උෂ්ණත්වයේදී යම්තාක් දුරට ඝණ වනවා.. මෙය ක්‍රීම් එකක් ලෙස ඔබට මුහුණේ හෝ වියළි සමේ ආලේප කරන්න පුළුවන්. ඔබට මෙය රාත්‍රී නින්දට පෙර හෝ ඔබ කැමති ඕනෑම වෙලාවක සමෙහි ආලේප කිරීම්ටත් පුළුවන්.

6 .ඔබ ස්නානය කරන වතුරට තෙල් එක් කිරීම
ස්වභාවික තෙල් මගින් සමට අවශ්‍ය තෙතමනය එහෙම නැත්නම් මොයිස්චරයිසින් ගතිය ලබා දෙනවා. නිතර නිතර මුහුණ හා අත් සේදීමට භාවිතා කරන සේදුම්කාරක සබන් වැනි ද්‍රව්‍ය නිසා සම ඉතාමත් ඉක්මනින් වියළීමට ලක් වෙනවා.. මෙයට පිළියමක් ලෙස ඔබ ස්නානය කරනු ලබන වතුරට ජෝජෝබා (jojoba oil), ආගන් (argan oil) සහ අලිගැට පේර තෙල් (avocado oil) වර්ගයකින් මේස හැඳි කිහිපයක් කරගන්න පුළුවන්. මෙමඟින් සමේ මෘදු බව සහ තෙතමනය ආරක්ෂා වෙනවා.

7. සම සිසිල් කිරීමට කිරි භාවිතය
කිරිවල ස්වාභාවිකවම සම සිසිල් කිරීමේ ගුණ අඩංගු වෙනවා.. පිරිසිදු කිරිවලින් පොඟවනු ලැබූ රෙදි කැබැල්ලක් හෝ තුවායක් මගින් සම මත ආලේප කර විනාඩි 5ක් 10ක් තබා සෝදා දමන්න..

8. ඔලිව් තෙල් සහ සීනි මිශ්‍ර ස්ක්‍රබ් එකක්
සීනි කෝප්පයක් ඔලිව් තෙල් තේ හැඳි 2 ක් සමඟ මිශ්‍ර කර මුහුනේ හෝ සමේ අනිකුත් ප්‍රදේශ වල ආලේප කර මෘදු ලෙස අතුල්ලන්න. පසුව සෝදා හැර මෘදු මොයිස්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් ආලේප කරන්න.. ඔබට අවශ්‍ය නම් සීනි සහ ඔලිව් තෙල් මිශ්‍රණයට ලැවෙන්ඩර් තෙල් ස්වල්පයක්ද එක් කිරීමට පුලුවන්..

9. සම පිරිසිදු කිරීමට පළතුරු/එළවලු එන්සයිම භාවිතය
සම මත ඇති මියගිය සෛල ඉවත් කිරීමටත්, සමේ අවපැහැ ස්වාභාවය ඉවත් කිරීමටත් ඇති ස්වාභාවික සත්කාරයක් ලෙසට පලතුරු යුශ සම මත ආලේපය සැලකෙනවා.. සතියකට දෙවතාවක් පළතුරු එන්සයිම මගින් සම පිරිසිදු කිරීම හෝ මාස්ක් එකක් ලෙස දැමීම මගින් ඔබටත් සමේ කැපී පෙනෙන වෙනසක් අත්විදීමට පුලුවන්.. විශේෂයෙන් ගස්ලබු, අලිගැටපේර, අන්නාසි, වට්ටක්කා, කැරට් වැනි දෑ යොදාගැනීමට හැකිය..

10. වියළි ඉරිතැලුණ සමමත කෝමාමාරිකා ආලේප කිරීම
අව්ව මගින් සම මත ඇති කරන වියළි ලප, සහ අධික ලෙස ඉරිතැලුණු සමට ප්‍රතිකාරයලක් ලෙස කෝමාරිකා ආලේප කරන්න පුළුවන්.. කෝමාරිකා සමෙහි තෙතමනය ආරක්ෂා කරනවා. සමේ වියළි ස්වභාවය සහ රැලි වැටුණු ස්වභාවය ඉවත්කර තරුණ බවක් ගෙන දෙනවා.. අධික සංවේදීතාවයෙන් යුතු සමවල් සඳහා ඇතැම්විට විට කෝමාරිකා ආසාත්මික වන්න පුළුවන් නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න..

ඔබේ සම ආරක්ෂා කර වියළීම වළක්වා ගැනීමට ගත හැකි පියවර

1. දිනපතා ස්නානයෙන් සහ සේදීමෙන් පසු හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් මුහුනේ සහ ඇඟේ ආලේප කිරීමෙන් සම වියළීම මගහරවා ගන්න ඔබට පුලුවන්.. විශේෂයෙන් මුහුණ අත් පා සහ මුළු සිරුරම ආලේප කරන්න.

2. උණුසුම් ජලය ස්නානය කිරීමෙන් හැකි තරම් වැළකීම සහ ඔබගේ ස්නානය කරන වේලාව විනාඩි දහයකට සීමා කර ගැනීම.. සබන් භාවිතයෙන් ඔබේ සම ඉතාමත් ඉක්මනින් වියළීමට ලක් වන අතර සබන් වෙනුවට මෘදු පවිත්‍රකාරකයක් හෝ දියර බොඩි වොෂ් එකක් තෝරා ගන්න.

3. අධික ලෙස රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමෙන් වැළලකී සිටීම. රූපලාවණ්‍ය ආලේපන වල ඇල්කොහොල් සහ ඇපල් සයිඩර් විනාකිරි වැනි රසායනයන් අඩංගු වනවා. දිගින් දිගටම මෙවැනි ආලේපන වර්ග ආලේප කිරීමෙන් සමමත වියළි, පිළිස්සුම් ස්වභාවයක් ඇති වන්න පුළුවන්.

4. පිරිසිදු ජලය හැකිතරම් පානය කරන්න. ජලය මගින් ශරීරය වියළීම වළකා සම තෙතමනය ආරක්ෂා කරනු ලබනවා.

5. පවතින කාල කාලගුණයට සුදුසු ආකාරයට ඔබගේ ඇඳුම් පැළඳුම් තෝරාගැනීම මඟින් සම ආරක්ෂා කර ගන්න ඔබටත් පුළුවන්. උදාහරණයක් ලෙස අධික වියළි කාලගුණයක් පවතින අවස්ථාවන් වලදී කපු ඇඳුම් වැනි සැහැල්ලු ඇඳුම් තෝරා ගැනීම/ ඉර එළියට යාමේදී සම හොඳින් ආවරණය කරගෙන යාම වැනි ක්‍රම මගින් සම වියළීම වළක්වා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed