ඔබත් නිතර නිතර ඇතිවන බඩ පූරවා දැමීමෙන් පීඩා විඳිනවාද?

May 15, 2021
8,759
Do you suffer from bloating?
ඔබත් ආහාරයට පසු බඩ පුරවා දැමීමෙන් නිරතුරුවම පීඩාවට පත්වන්නේ ද..? එසේ නම් එයට හේතු මොනවාදැයි මෙතෙක් සිතා බලා නැද්ද.. සමහරවිට අප ආහාරයට ගන්නා දේවල් බඩ පුරවා දැමීම, එසේ නොමති නම් බඩේ ආම්ලිකතාව වැඩිකිරිමට හේතු වන බව ඔබ දන්නවාද.. අප ආහාරයට ගන්නා සමහර දෑ මගින් ආහාර ජීරණය පහසු කරන අතර තවත් සමහර දෑ එයට බාධා ඇතිකරනු ලබනවා. දැන් ඔබ සිතනවා ඇති කොහොමද අපි දැනගන්නේ අපේ ශරීරයේ ආහාර ජීරණ පද්ධතිය එහෙම නැත්නම් ඩයිජෙස්ට් සිස්ටම් එකේ ගැටලුවක් තියෙනවා ද කියලා.

1. ආම්ලිකතාවය එසේ නැතිනම් කවුරුත් කියන ගැස්ට්‍රයිටීස්
2. ආහාර ගත් විගසම ඇතිවන බඩේ රිදුම
3. දීර්ඝකාලිනව පවතින ආම්ලිකතාවයෙහි ප්‍රතිපලයක් ලෙස සමහර පුද්ගලයින්ට ඇතිවන ඉරුවාරදය

බොහෝවිට අපි කවුරුත් එතරම් අවදානයක් යොමු නොකරන සහ අපි නොදන්නා කාරණයක් තමයි අපගේ ආහාර ජීර්ණ පද්ධතියේ නීරෝගිතාවය යහපත් මානසික සුවතාවය උදෙසා කරනු ලබන බලපැම. දැන් අපි බලමු ආහාර ජීරණ පද්ධතියේ සුරක්ෂිතතාවය ඇති කර ගැනීමට අපට ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා.

විශේෂම දේ තමයි ඔයා ගන්න ආහාර වේලේ අන්තර්ගතය. පෝෂදායී සහ ගුණාත්මක, නිවැරදි සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් බඩවැල් ආශ්‍රිත ජීරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාකිරීමට උපකාරී වේ. බොහෝ ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන්හි මූලය වන්නේ නිවැරැදි ආහාර රටාවක් අනුගමනය නොකිරීමයි. කාර්යබහුල ජීවන රටාවත් සමඟ හැමෝම හුරු වෙලා ඉන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් ගැනීමට වඩා ලෙහෙසි පහසු ආහාරයක් සකසා ගැනීමටයි . එමෙන්ම අපගේ ආහාර සඳහා කාලාන්තරයක් තිස්සේ පැවත එන ආකල්ප ද බලපානු ලබනවා. උදාහරණයක් ලෙස ගොඩක් අය සිතනවා ආම්ලික තාවය හෙවත් ගැස්ට්‍රයිටීස් සඳහා යෝගට්, ශීතකල කිරි වැනි ආහාර ඉතා ගුණදායක බව. මෙය බොහෝ දුරට වැඩිහිටියන් විසින් අප හට පවසන ලද්දක්ද වනවා.. නමුත් ඇත්ත වශයෙන්ම කිරි වලින් බඩේ අම්ලිකතාවය අඩු නොකරන අතර කිරි වල ඇති ආම්ලිකතාවය බඩ්වැල් කෙරෙහි සෘජුවම බලපෑමක් එල්ල කරනු ලබනවා. සමහර අවස්ථාවලදී ශිත කල කිරි මගින් තාවකාලික සුවයක් ගැස්රයිටිස් රෝගය සඳහා ලැබෙන නමුත් සායනිකව බලන කල කිරි යනු ආම්ලිකතාවය ඉහළ, ශ්‍රේණිගත කිරීමේ දී මාංශ ආහාර තරමටම ආම්ලිකතාවයෙන් ‍යුතු ආහාරයක් ලෙසයි ලැයිස්තුගත කර ඇත්තේ.

දැන් අපි බලමු කොහොමද වර්තමානයේ ඇති කාර්ය කාර්යබහුල ජීවන රටාවත් වෙළෙඳපොළ තත්ත්වයත් එක්ක ආහාර ජීර්ණ පද්ධතියට හිතකර ආහාර රටාවක් පවත්වා ගන්නේ කොහොමද කියලා .මෙයට සුදුසුම ක්‍රමය තමයි නිවසේ සාදන ලද නැවුම් ආහාර දෛනික ආහාරයට එක්කර ගැනිම. ඒ වගේම පහත ක්‍රම අනුගමනය කිරීමත් ඉතා වැදගත්.

1.ඔබගේ දෛනික ආහාර වේලෙන් පාන් සහ සීනි ආශ්‍රිත ආහාර කපා හැරලා ඒ වෙනුවට කව්පි, කඩල, මෙනේරි, මිලට් වැනි ධාන්‍ය වර්ග ආහාරයට එක් කර ගැනීම.

2.ජානමය වෙනස්කම් කරන ලද සෝයා ආශ්‍රීත නිෂ්පාදන වෙනුවට ඔබට පුළුවන් ධාන්‍ය වර්ග, බ්‍රොකෝලි, හතු වැනි ප්‍රෝටීන් බහුල නිර්මාංශ ආහාර වර්ග ඔබගේ ආහාර වේලට එක්කර ගන්න. ඒ වගේම තමයි තන්තුමය ආහාර සහ කෙඳි සහිත ආහාර බඩවැල් ආශ්‍රිත හිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය කර බඩ්වැල්හි නිරෝගීතාව පවත්වාගෙන යනු ලබනවා.

3. ඉඟුරු සහ පෙරුම්කායම් හැකි සෑම විටම ආහාරයට එක්කර ගැනීම මගින් බඩේ වාතය පිරීම පාලනය වනවා වගේම ආහාර ජීර්ණ මාර්ගයේ සමතුලිතතාවයත්, හෘද ස්පන්දනය පාලනයටත් උපකාරී වනවා.

4. බොහෝ විට අප ආහාරයට ගන්නා සත්ත්වමය ආහාර මගින් බඩේ දැවිල්ල, බඩ පිපුම් වැනි තත්ත්වයන් ඇති කරනු ලබන අතර හැකි සෑම විටම කිරි ආශ්‍රිත ආහාර සහ මාංශමය ආහාර අඩු කර ඒ වෙනුවට ආමන්ඩ් කිරි, ඇට වර්ග ආහාර‍ය සඳහා එක්කර ගැනීමත් වැදගත්.

5. ඖෂධිය තේ පානයද ආහාර ජීරණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීම කෙරෙහි වැදගත් කාර්යයක් ඉටු කරනු ලබනවා. ශ්‍රී ලාංකික අපගේ මුළුතැන්ගෙයෙහි නොවරදින ඉතා පහසුවෙන් සොයා ගත හැකි ඉඟුරු, සුදුලූනු, කළු ගම්මිරිස්, කහ, එනසාල් වැනි ඖෂධ ඒ සඳහා භාවිතා කළ හැකියි. අමුතුවෙන් මිලදී ගැනීමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.

ඉතින් ඔබත් අද ඉඳන් මෙවැනි පුංචි පුංචි ක්‍රියාමාර්ග අනුගමනය කළොත් ඔබගේ ආහාර වේලටත් මෙවැනි එකක් හෝ දෙකක් එක් කර ගතහොත් නිරන්තරයෙන් ඇතිවන බඩ පිපුමෙන් වැළකී විශ්වාසයෙන් යුතුව දවස ගත කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1975 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:18:00 AM
Script:/article/1975/do-you-suffer-from-bloating.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:18:01 AM
Script:/article/1975/do-you-suffer-from-bloating.html