නිවැරදිව දරුවාගේ ශරීර උෂ්ණත්වය මැනගන්නේ කෙසේද?

June 14, 2021
15,537
How to take your child's temperature correctly
දරුවන් කුඩා අවධියේදි නිතර නිතර උණ නැතිනම් ශරීර උෂ්ණත්වය වැඩිවීමට ගොදුරු වන අතර විශේෂයෙන් ඔවුන් ළදරු පාසල් යාම ආරම්භ කිරීමත් සමග මෙම තත්වය වඩාත් වැඩි වනවා. උණ ඇතිවීම ඇතැම්විට ඉතා භයානක රෝගයක් නොවේ; සාමාන්‍ය උණක දී ඔබට දැනගත හැකිවනවා දරුවාගේ ශරිරයට යම් ආසාදනයක් ඇතිවී ඇති බවත් ශරීරය එයට එරෙහිව ප්‍රතික්‍රියා කිරිම ආරම්භ කර ඇති බවත්. නමුත් අධික උණ තත්ත්වයකදී දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වනවා.. මෙම ලිපිය මගින් ඔබට දරුවාගේ ශරීර උෂ්ණත්වය නිසි ආකාරයට ලබාගන්නේ කෙසේද යන්න පිලිබදව වැදගත් කරුණු ඉදිරිපත් කරනවා.

ඔබ භාවිතා කරන්නෙ කුමන වර්ගයේ උෂ්ණත්වමානයක්ද..

ඩිජිටල් උෂ්ණත්වමාන - Digital Thermometers

ඩිජිටල් උෂ්ණත්වමානයක් භාවිතය මගින් ඔබට ඉක්මණින්, නිවැරදි දත්ත ලබගත හැකි අතර වර්ථමානයේදි වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන්නේ කුඩා දරුවලු සිටී නම් ඔබ ඩිජිටල් උෂ්ණත්වමානයක් නිවසේ තබාගත යුතු බවටයි. එය ඔබට ඕනෑම ඖෂධහලකින්, සුපිරි වෙළදසැලකින් විවිධ වර්ගයන්ගෙන් සහ හැඩයකින් මිලට ගැනීමට හැකියි. නමුත් ඔබ මිලදී ගන්නා උෂ්ණත්වමානය භාවිතයට පෙර එහි උපදෙස් පත්‍රිකාව හොඳින් කියවිය යුතුවනවා..

විවිධ ඩිජිටල් උෂ්ණත්වමාන පහත පරිදි ශරීරයේ විවිධ ස්ථානවලින් උෂ්ණත්වය පිළිබද දත්ත ලබාගැනීමට භාවිතා කරනු ලබනවා.

ගුද මාර්ගයේ පහළින් (in the bottom) - මෙම ක්‍රමය අවුරුදු 3ට අඩු කුඩා දරුවන්ගේ උෂ්ණත්වය මැනීම සඳහා යොදාගනු ලබනවා.

මුඛය තුලින් (oral (in the mouth) ) - අවුරුදු 4 -5 ත් අතර දරුවන් සඳහා වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට හැකියි.

අත යටින් (under the arm) - පළමු පරීක්ෂාව සඳහා සුදුසු වන අතර අවම වශයෙන් නිවැරදි තොරතුරු ලබාදෙනු ලබයි.

වෙනත් උෂ්ණත්වමාන වර්ග
Temporal Artery Thermometers - මාස 3ට අඩු හෝ වැඩි කුඩා දරුවන්ගේ ශරීර උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන අතර නළල දෙපසට තබා දත්ත ලබාගනු ලබනවා.

Electronic Ear (tympanic) Thermometers - කන්වල තාප තරංග මගින් උෂ්ණත්වයට අදාල දත්ත ලබා ගනු ලබනවා. මාස 6 හෝ ඊට වැඩි දරුවන් සඳහා භාවිතා කළ හැකියි.

වෛද්‍යවරුන් භාවිතය සදහා නිර්දේෂ නොකරනු ලබන උෂ්ණත්වමාන

- ප්ලාස්ටික් තීරු උෂ්ණත්වමාන - plastic strip thermometers
- පැසිෆියර් උෂ්ණත්වමාන - pacifier thermometers
- ජංගම දුරකතනවල භාවිතා වන යෙදවුම් මෘදුකාංග - smartphone temperature apps
- වීදුරුවලින් සාදන රසදිය උෂ්ණත්වමාන - Glass mercury thermometer

විවිධ වයස් ඛාණ්ඩ සදහා නිවැරදිව උෂ්ණත්වය මැනීම සඳහා ඉඟි

ඔබ සැමට අත්දැකීම් ඇති ඔබගේ කුඩා දරුවාගේ උෂ්ණත්වය මැනීම කෙතරම් අසීරුද කියා.. දරුවන් සෑමවිටම එයට සහයෝගය ලබාදෙන්නේ නැහැ.. වඩාත් සාර්ථක ක්‍රමවේදය වන්නේ දරුවාගේ වයස හා ස්වභාවයට ගැලපෙනු ලබන ක්‍රමයක් භාවිතයයි.

- ඩිජිටල් උෂ්ණත්වමානය ගෙන ක්‍රියාකර පැරණි දත්ත ඉවත් කරන්න. එහි ඇති තිරය මතින් ඔබට එය දර්ශනය වනු ලබනවා.
- උෂ්ණත්වමානය සඳහා ඉවත දමනු ලබන ආවරන භාවිතා කරනවා නම් එය යොදාගන්න.
- දරුවාගේ කමීසය මදක් උඩට කර උපදෙස් පත්‍රිකාවේ සඳහන් ආකාරයට උෂ්ණත්වය පරීක්ෂා කර සටහන් කරන්න.
- එය උපදෙස් පත්‍රිකාවේ සඳහන් ආකාරයට පිරිසිදු කර බහාලුමේ තැන්පත් කරන්න.



1. මාස 3ට අඩු දරුවන්
ගුද මාර්ගය තුළින් උෂ්ණත්වය පරීක්ශාකරන ඩිජිටල් උෂ්ණත්වමානයක් භාවිතය වඩාත් සුදුසු වන අතර උෂ්ණත්වය 100.4°F (38°C) වැඩිනම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. විශේෂයෙන් දරුවා මාස 3ට අඩු නම් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වනවා..

2. මාස 3ත් මාස 6ත් අතර දරුවන්
ගුද මාර්ගය තුළින් උෂ්ණත්වය පරීක්ශාකරන ඩිජිටල් උෂ්ණත්වමානයක් භාවිතය වඩාත් සුදුසුවනවා.

මාස 6ත් අවුරුදු 4ත් අතර දරුවන්
ගුද මාර්ගය තුළින් උෂ්ණත්වය පරීක්ශාකරන ඩිජිටල් උෂ්ණත්වමානයක් භාවිතයට හැකි අතර නැතිනම් අතයට තබා බලන උෂ්ණත්වමානයක් හෝ ඩිජිටල් උෂ්ණත්වමාන ද භවිතා කලහැකියි. එහෙත් එහි නිරවද්‍යතාවය පිළිබද අවධානය යොමුකල යුතු වනවා.

අවුරුදු 4 හෝ ඊට වැඩි දරුවන්
ඔබට සාමන්‍ය ඩිජිටල් උෂ්ණත්වමානයක් භාවිතයෙන් මුඛය හෝ අත් යට තබා දත්ත ලබා ගත හැකියි.. නමුත් දරුවා කැස්ස හෝ සෙම්ප්‍රතික්ශාවෙන් පෙළෙන විට ඔබට මුඛය මගින් උෂ්ණත්වය ලබාගැනීම දුෂ්කර විය හැකි බැවින් ඒ සඳහා විකල්ප ක්‍රමයක් භාවිතා කල යුතුයි. උදාහරන ලෙස ඔබට ගුද මාරගය, අක්ශි හෝ කණ ආශ්‍රයෙන් දත්ත ලබා ගන්නා උෂ්ණත්වමාන භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.


ගුද මාරගය තුළින් උෂ්ණතවය මනින්නේ කෙසේද..?

බොහෝ විට මෙය ඉතා අපහසු ක්‍රමයක් ලෙස බොහෝ දෙමවුපියන් සිතුවත් එය ආරක්ෂාකාරි සහ සරල ක්‍රියාවකි.

උෂ්ණත්වමානයේ කෙලවර සබන් යොදා පිරිසිදු ජලයෙන් සෝදන්න.

උෂ්ණත්වමානයේ උපදෙස් පත්‍රිකාවේ සඳහන් ආකාරයට අදාල ලිහිසි කාරකය හෝ පෙට්‍රොලියම් ජෙල් (petroleum jelly ) වර්ගය උෂ්ණත්වමානයේ අග කොටසෙහි ආලේප කරන්න.

දැන් දරුවා රූපසටහනේ දැක්වෙන ආකාරයට මුණින් අතට හරවා ඔබගේ උකුළ හෝ පැතලි මතුපිටක තබාගන්න. ඔබගේ අතින් දරුවාගෙ පිටුපස රදවා ගන්න.
නැතිනම්
රූපසටහනේ දැක්වෙන ආකාරයට දරුවා උඩු අතට තබා දෙපා කලවා පෙදෙසෙන් නමා ඔසවන්න.



පසුව,
දැන් ලිහිසි කාරක තැවරූ උෂ්ණවමානයේ අග කොටස අගල් භාගයක සිට අගලක් දක්වා ප්‍රමාණයට නැතිනම් සෙන්ටි මීටර 1.25 සිට සෙන්ටි මීටර 2.5 දක්වා ( ½ inch to 1 inch about 1.25 to 2.5 centimeters) දරුවාගේ ගුද මාර්ගයට ඇතුල් කරන්න. නැතිනම් ගුද මාරගයේ අවසාන කොටස ගුද මාර්ගයට ඇතුල් වන සේ.
ඔබගේ අතේ දෙවන හා තෙවන ඇගිලි මගින් උෂ්ණත්වමානය රඳවා ගන්න.
දරුවා සන්සුන් කර ගැනීම සදහා දිගටම දරුවා සමග කතා කරන්න.
දත්ත ලැබී බීප් නාදය ඇසුණු පසු ප්‍රවේශමින් උෂ්ණත්වමානය පිටතට ගන්න.
ඔබ දත්ත ලබාගත් වේලාව සහ උෂ්ණත්ව ප්‍රමාණය සටහන් කරගන්න.

මුඛය තුළින් උෂ්ණත්වය මැනගනු ලබන ආකාරය

වයසින් වැඩි දරුවකුගේ උෂ්ණත්වය මුඛය තුළින් ලබා ගැනීම වඩාත් පහසු වන අතර දරුවා එයට සහයෝගය ලබාදිය යුතු ආකාරය ඔබ දරුවාට කියාදිය යුතුයි. දරුවා ආහාර හෝ යමක් පානය කර විනාඩි 20ත් 30 ත් අතර කාලයක් ගතවූ පසු මුඛයෙන් උෂ්ණත්වය මැනිය යුතුයි. දරුවාගේ මුඛය තුල චුයින්ගම්, ටොෆී වැනි දෑ තිබේදැයි පළමුව පරීක්ෂා කර යුතු වනවා.

උෂ්ණත්වමානයේ අග කොටස මුඛයට ඇතුල් කර හොඳින් කට වසා සාමාන්‍ය ආකාරයට හුස්ම ගන්නා ලෙස සහ මුඛය විවෘත නොකරන ලෙස දරුවාට පවසන්න.
දත්ත ලබාගෙන අවසානයේ උෂ්ණත්වමානය තුලින් බීප් නාදය හෝ අදාල සංඥාව ලැබුණු පසු උෂ්ණත්වමානය පිටතට ගන්න.
දරුවාගේ උෂ්ණත්වය සහ මැනගත් වේලාව සටහන් කරන්න.
උෂ්ණත්වමානය පිරිසිදු කර තබන්න.

දරුවාගේ අත යටින් උෂ්ණත්වය (Axillary Temperature) මැන ගන්නා ආකාරය

මුඛය හෝ ගුද මාර්ගයෙන් ලබාගනා උෂ්ණත්ව දත්ත මෙන් නිරවද්‍ය නොවුණත් බොහෝ විට දෙමවුපියන් ප්‍රියකරන පහසු ක්‍රමය මෙයයි. විශේෂයෙන් කුඩා දරුවන් දඟලන කලබල කරන බැවින් බොහෝ දෙමවුපියන් ගුද මාර්ගයෙන් හෝ මුඛයෙන් උෂ්ණත්වය මැනීමට එතරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ.

1. දරුවාගේ උඩු කය ඇඟලුම් සියල්ල ඉවත් කරන්න.
2. දරුවාගේ අත ඔසවා උෂ්ණත්වමානය නිසි පරිදි බාහුව යට තබා අත පපුව ඉදිරියෙන් නවා රඳවා ගන්නා ලෙස දරුවාට පවසන්න.
3. බීප් නාදය හෝ අදාල සංඥාව ලැබුණු පසු උෂ්ණත්වමානය පිටතට ගන්න.
4. උෂ්ණත්වය ලබාගත් වෙලාව සහ අගය සටහන් කරන්න.

එමෙන්ම ඔබ මතක තබා ගත යුතු වැදගත් කරුණු ලෙස පහත කරුණු දැක්විය හැකියි.

දරුවා ස්නානය හෝ සේදුව විගස උෂ්ණත්වය ලබාගැනීමෙන් වළකින්න.
දරුවා තද ඝනකම් ඇඳුම් ඇඳ සිට ඉවත් කල විගසද උෂ්ණත්වය මැනීම සුදුසු වන්නේ නැහැ,
3. ඔබ දරුවාගේ උෂ්ණත්වය මැන ගැනීම සඳහා උෂ්ණත්වමානය මුඛයේ හෝ අතයට තැබුණු පසු දරුවාගෙන් ඉවතට නොගොස් ඔහු හෝ ඇය ආසන්නයේම සිටින්න.
4. දරුවාගේ උෂ්ණත්වය නිසි කාලසීමාවෙන් කාලසීමාවට පරීක්ෂා කර සටහන් කරගත යුතුයි.
5. ක්‍රමක්‍රමයෙන් උෂ්ණත්වය වැඩි වන්නේ නම් හෝ දරුවා තුළින් රෝගි ස්වභාවයක් දිස්වන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා දරුවා යොමු කල යුතු වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,782
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,706
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed