ඩෙංගු රෝගය මගින් දීර්ඝකාලිනව ඇතිකරනු ලබන අතුරු ආබාධ

June 21, 2021
7,018
4 long-term damages dengue can cause
මේ දිනවල පැතිරයන කොරෝනා වසංගතය නිසා අපට අප වටේ සිටින තවත් එක් භයානක සතුරෙක් පිලිබදව අමතක වෙලා තිබෙනවා.. කොරෝනා රෝගය කෙරෙහි අප අවධානය යොමුකල කාලසීමාවේ තවත් අපි හොඳින්ම දන්නා සතුරකු අපිට එරෙහිව අවි අමෝරාගෙන ඉන්නවා.. ඒ තමයි ඩෙංගු රෝගය. විශේෂයෙන් මේ දිනවල ඇති වර්ශාව නිසා ආ‍යෙත් ඩෙංගු රෝගය හිස ඔසවා තිබෙනවා.. විශේෂයෙන් නිරිත දිග මෝසම් තත්ත්වය වඩාත් සක්‍රිය කොළඹ, කළුතරම, ගම්පහ, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගින් සීග්‍රයෙන් වැඩිවී ඇති බවට සෞඛ්‍ය අංශ හෙලිදරව් කරනවා. විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාව වැඩිම අවධානමක් සහිත ප්‍රදේශයක්.

වයස් සීමාවකින් තොරව ඕනෑම වයසක සිටින්නකුට ඩෙංගු රෝගය වැළදීමේ අවධානම තිබෙනවා.. ඩෙංගු රෝගය පතුරවන ඊජිප්ට් එඩිස් යන මදුරුවා විසින් දෂ්ඨ කල විට එය වැළදෙන අතර එහි රෝග ලක්ෂණත් කොරෝනා රෝග ලක්ෂනයන්ට බොහෝ සමානයි.. දින 2 සිට 7ක් දක්වා පවතින උණ, මස්පිඩු වේදනාව, තදබල හන්දි වේදනාව, ඇස් යට වේදනාව නැතිනම් වමනය , බඩ රිදීම වැනි ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඇතිවනවා. එමනිසා දින දෙකක් ගතවන විටත් අඩු නොවන උණ සමග ඉහත රෝග ලක්ෂණ තිබේ නම් පවුලේ වෛද්‍යවරයා හමුවීම හෝ ළඟම ඇති රෝහලට යාම ඔබ අනිවාර්‍යෙන් කළයුතු වනවා.. මුල් අවස්ථාවේදිම රෝගය හඳුනා ගැණීමේන් රෝගය මාරාන්තික නොවන අතර ඩෙංගු කම්පන වැනි අසීරු අවස්ථාවන්ට මුහුණ දීමේන් ඔබට වැළකීමට පුලුවන්කම ලැබෙනවා.

ඩෙංගු රෝගය ඔබ තවත් එක් වෛරස් රෝගයක් සේ සළකනවා ඇති නමුත් ඔබ දන්නවාද ඩෙංගු රෝගය වැළදී සුවය ලැබුවත් ඔබට එහි දීර්ඝකාලින අතුරු ආබාධ සඳහා මුහුණ දීමට සිදුවන බව.. හැඩකාරි අපි මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කරන්නේ ඩෙංගු රෝගය වැළදීමෙන් පසු ඔබට ඇතිවන දීර්ඝකාලින් බලපෑම් 4ක් සම්බන්ධවයි.

1. හිසකෙස් ගැලවී යාම

ඩෙංගු රෝගය වැළදී සුවය ලබන බොහෝ දෙනෙකු හිසකෙස් ගැලවී යාමෙන් පීඩා විඳින අතර කාන්තා පාර්ශවය සඳහා මෙහි වැඩි බලපෑමක් තිබෙනවා.. ඩෙංගු රෝගය වැළඳීමත් සමග ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ ශරීරය දුර්වල වීම මෙයට බලපාන බව වෛද්‍යවරුන් පවසනවා.. ශරීරය දුර්වල වීමෙන් හිස්කෙස් ගැලවීයාම සිදුවන අතර මෙය ස්ථීර තත්ත්වයක් නොවුණත් යථා තත්ත්වයට පත්වීමට යම් කාලයක් ගතවනු ලබනවා.

2. හන්දිපත් සහ මස්පිඩු වේදනාව
ඩෙංගු රෝගය වැළඳීමත් සමගම ඇතිවන හන්දිපත් සහ මස්පිඩු වේදනාව රෝගය සුවවීමෙන් පසුවද බොහෝ දෙනා පීඩාවට පත්කරනු ලබනවා. විශේෂයෙන් ඔබ ඩෙංගු රෝගය සෑදි අසාද්‍ය තත්ත්වයට පත්වුනේ නම් මෙම තත්වය වඩාත් දැඩිව ඔබට දැනෙන අතර මස්පිඩු වේදනාවට අමතරව අධික වෙහෙස දැනීමද (Chronic fatigue syndrome) ඇතිවනවා. එමෙන්ම වෛද්‍ය විශේෂඥයන්ට අනුව ඩෙංගු රෝගයට ගොදුරු වූවන් තුල polyarthralgia නමැති තත්වය ස්ථීරවම ඇතිවන අතර ඔබට දියවැඩියාව, වකුගඩු හෝ අක්මාව ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු තිබෙනවා නම් ඩෙංගු රෝගයට ගොදුරු වීමේන් පසු ප්‍රතිශක්තීකරන පද්ධතිය දුර්වල වීම අනිවාර්‍යෙන් සිදුවන බැවින් දැඩි මාංශපේශි හා හන්දිපත් වේදනාවක් ඔබට ඇතිවනවා.

3. ඌනතාවයන්ට ගොදුරුවීම
ඩෙංගු රෝගයට ගොදුරු වූවන් තුළ බහුලව විටමින් සහ ඛනිජ ලවණ ඌනතාවය දැකිය හැකි වනවා. මෙය හන්දිපත් සහ මස්පිඩු වේදනාව ඇතිවිම කෙරෙහිත් බලපානු ලබනවා. ඩෙංගු රෝගයට ගොදුරු වූවන් තුල බහුලවම විටමින් D, B12, E වැනි ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් සහ පෝශක ඌණතාවයක් ඇතිවන බව පර්‍යේශනයකින් හෙලිව තිබෙනවා.. එමනිසා ඔබ හෝ පවුලේ කිසිවකු ඩෙංගු රෝගයට ගොදුරු වූයේ නම් ඉන්පසු ඔහුගේ/ ඇයගේ පෝශනය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වනවා.

4. සාංකාව සහ මානසික අවපීඩන තත්ත්වයන්ට ගොදුරු වීම
Dengue shock syndrome තත්වය බොහෝ රෝගින් ට ඇතිවන අතර එය බොහෝවිට ඩෙංගු රෝගය සුවවීමෙන් පසු කාලය පිළිබද සැලකිලිමත් නොවන්නන් සඳහා වඩාත් බලපානු ලබනවා. විශේෂයෙන් නැවතත් ඩෙංගු රෝගය ඇතිවුවහොත් රුධිර පීඩනය අඩුවී තත්ත්වය වඩාත් බැරෑරුම් වීම සිදුවනවා. එමෙන්ම ඩෙංගු රෝගයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා නැවත සුවය ලැබීමේ බලාපොරොත්තුව අඩුවු පුද්ගලයන් හට දීර්ඝකාලිනව බලපාන මානසික අව පීඩන සහ සාංකාව වැනි තත්ත්වයන් ඇතිවන බව වෛද්‍ය විශේෂඥයින් පවසනු ලබනවා.


ඩෙංගු රෝගය ඔබටත් ඔබගේ පවුලටත් මෙන්ම රටේ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහිත් විශාල අවධානමක් එල්ල කරනු ලබනවා.. විශේෂයෙන් මේ දිනවල පැතිරයන මාරාන්තික කොරෝනා රෝගය නිසා ඩෙංගු රෝගයත් අධිකව ව්‍යාප්තවීම විශාල අවධානමක් ඇතිකරවනු ලබනවා.. එබැවින් ඔබත් හැකි සෑම විටම ඔබගේ ගෙවත්තේත් ඔබ අසල පරිසර‍යේත් ඩෙංගු මදුරු කීටයන් බෝ වෙන ස්ථාන පිළිබද අවධානයෙන් සිටීම ඉතා වැදගත් වනවා.. සංචරණ සිමා නිසා දැන් ගෙදර ගතකරන්න ලැබෙන කාලයත් වැඩියි, ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන සුපරික්ෂාකාරිව හොයල බලලා ඊට පිළියම් යොදන්න අපිට ඕන තරම් කල් තිබෙනවා.

1. ගෙදර, ඩෙංගු මදුරුවන් බෝවෙන්න ඉඩ පහසුකම් සලසන වතුර එකතුවෙන ස්ථාන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
2. වැහි පිහිලි , ගෘහාලංකරණයට තියෙන වතුර පිරුනු පොකුණු සතියකට දෙපාරක්වත් සුද්ධ පවිත්‍ර හැකි සෑම විටම සිදුකරන්න.
3. පොල්කටු, වතුර එකතු විය හැකි ඉවතලන භාජන, විනාශ කරන්න, නැත්නම් වතුර එකතු විය නොහැකි තැනක තැබීම හෝ නිසි පරිදි නිවසින් බැහැර කරන්න.
4. ගෙදර ශීතකරණයේ සහ විසිතුරු මල්බඳුන්වල තැටිවල එකතුවෙන ජලය පිළිබඳ සැලකිලිමත් වී නිසිපරිදි ඉවත් කරන්න.
5. ඩෙංගු මදුරුවා දෂ්ඨ කරනවා යැයි පැවසෙන උදේ 6ත්- 9ත් හවස 3ත් 7ත් අතර කාලයේ එලිපහලියට යනවනම් ශරීරය වැහෙන්න ඇඳුමක් ඇඳීම, මදුරු විකර්ෂකයක් ආලේප කිරීම ආදිය සිදුකරන්න.
6. ඔබට කුඩා දරුවන් සිටීනම් ඔවුන් පිළිබඳ විශේෂ අවධානයක් දැක්වීම ඉතා වැදගත්වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1993 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:39:13 AM
Script:/article/1993/4-long-term-damages-dengue-can-cause.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:39:13 AM
Script:/article/1993/4-long-term-damages-dengue-can-cause.html