බබා දිව හපනවද? ඒ ගැන ඔබ දැනගන්න ඕන දේවල් ටිකක්

June 22, 2021
10,747
Does your baby bite his tongue
අලුත් උපන් දරුවෙක්ගේ පුංචි දඟ වැඩ දකිද්දී හැම අම්මා කෙනෙක්ගේම ස​හ තාත්තා කෙනෙකුගේම හිතට සතුටක් ඇති කරනවා. දිව හැපීම අසාමාන්‍ය දෙයක් ලෙස පෙනුණත් එය යමක් ඇඟවීමක් වෙන්නත් පුළුවන්. දරුවා නිතර දිව තදින් හපන්නේ ඇයි කියලා ඔබ කල්පනා කර තිබෙනවාද?

ළදරුවන් දිව හපමින් සිටීම සාමාන්‍ය දෙයක්. මෙය දරුවන්ට ඇතිවන නොයෙකුත් උත්තේජනයන්ට ප්‍රතිචාර වශයෙන් ස්වයංක්‍රීයව සිදුවන මාංශ පේෂි ප්‍රතික්‍රියාවක්. දිව හැපීම පිටුපස වෙනත් හේතු ද තිබෙනවා.

ළදරුවන් ඔවුන්ගේ දිව හපන්නේ ඇයි?

1. ගවේෂණය කිරීමට
ළදරුවන් නිරන්තරයෙන් ඔවුන්ගේ ශරීරයේ කොටස් සහ ඒවායේ භාවිතයන් ගවේෂණය කරයි. ඉතින් දිව හැපීම ද මෙහි ප්‍රතිඵලයක් විය හැක. ඔවුන්ගේ ගවේෂණය භුක්ති විඳීමට දිව චලිතය කරනවා. කුඩා තැනැත්තා ඉන්ද්‍රිය ගවේෂණය කිරීමේ කොටසක් ලෙස ඔවුන්ගේ දිව එළියට දිගු කරයි.

2. කුසගින්න
අඬනවාට අමතරව, ළදරුවන් විවිධ ආකාරවලින් කුසගින්න ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ දිවට හපමින් සිටීම අම්මාට ඔවුන්ගේ කුසගින්න ඇඟවීමේ එක් ක්‍රමයක් විය හැක. ඝන ද්‍රව්‍ය ගන්නා වැඩිහිටි ළදරුවන් ආහාර හැපීම සහ කුසගින්න සමඟ සම්බන්ධ වෙයි. එමනිසා, ඔවුන් කුසගින්නෙන් පෙළෙන විට දරුවන් දිව හපන්න බව සොයා ගෙන තියෙනවා.

3. දත් කැක්කුම
ළදරුවන් දත් වර්ධනය නිසා ඇතිවන වේදනාව හා අපහසුතාවයන් සමනය කිරීම සඳහා විවිධ ක්‍රම සොයනවා. විදුරුමස් අතුල්ලමින් හා මෘදු වස්තූන් හපන විට ළදරුවන්ට ඇති වන අපහසුතා සමනය කර ගත හැක. ඔවුන්ගේ දිව සෑම විටම ඔවුන්ගේ මුඛය තුළ ඇති නිසා දත් කැක්කුම අඩු කර ගැනීම සඳහා ඔවුන්ට ඕනෑම වේලාවක දිව හපන්න පුළුවන්.

4. වෙනත් සංවර්ධන සන්ධිස්ථාන සඳහා සූදානම් වීම
මාස හතරත් හයත් අතර ළදරුවන් ඝන ආහාරය ගැනීම සඳහා සූදානම් වීමේ ලකුණක් ලෙස දිව හපන්න පුළුවන්. මාස හතරක් වයසැති දරුවෙකු ප්‍රකාශන සමඟ ගැටීමට පටන් ගන්නා අතර ඔවුන්ට ඇසෙන ශබ්ද නැවත කිරීමට උත්සාහ කරයි. මෙම සංවර්ධන සන්ධිස්ථාන මගින් ළදරුවාට ඔවුන්ගේ දිව සමඟ අත්හදා බැලීම් කළ හැකි අතර බොහෝ විට දිව හපයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,840
   50

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,027
   36

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,631
   29

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,084
   22

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,031
   21

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed