කොට්ට සහ ඇඳ ඇතිරිලි මත උකුණන්ට ජීවත් විය හැකිද?

June 28, 2021
10,088
Do head lice survive in beds
උකුණන් සාමාන්‍යයෙන් දරුවන්ට බලපාන බව දිගු කලක් පටන් පවතින මතවාදයකි. කොහොම වුනත්, උකුණන් ඉක්මනින් බෝවන අතර ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් පවුලේ සෑම සාමාජිකයෙකුටම එය බලපානවා. ඔවුන් ඔබේ හිස්කබලේ කැසීම් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔබේ තුවා, තොප්පි, කොට්ට සහ ඇඳ ඇතිරිලි මතට බඩගා යා හැක.

එමනිසා, ඔබේ නිවස උකුණන්ගෙන් තොරව තබා ගැනීම සඳහා නිසි ලෙස විෂබීජ නාශක යෙදීම වැදගත්. ඔබේ ඇඳ ඇතිරිලි වල ඇති උකුණන් ඉවත් කිරීමට ඔබ වෙහෙසෙන්නේ නම්, මෙම ලිපියේ සඳහන් ටිප්ස් උත්සාහ කරන්න. විස්තර දැන ගැනීමට කියවන්න...

උකුණන් යනු කවුද?
උකුණන් කියන්නේ පරපෝෂිත කෘමීන් වර්ගයක් වන අතර මිනිස් හිස්කබලේ ඇති රුධිරයෙන් පෝෂණය වෙනවා. උකුණෝ පියාසර කරන්නේ නැහැ. පොදුවේ ඇඳුම්, තොප්පි සහ පනා භාවිතයෙන්ද උකුණන් ආසාදනය වෙන්න පුළුවන්. මෙවැනි උපාංග බෙදා ගත් විට නිරෝගී පුද්ගලයන්ට ආසාදිත කෙනෙකුගෙන් බෝවිය හැක.

ඔබේ කොට්ට සහ ඇඳ ඇතිරිලි මත මෙම කෘමීන්ට නොනැසී පැවතිය හැකිදැයි දැන් අපි බලමු.

උකුණන්ට ඇඳ ඇතිරිලි ජීවත් විය හැකිද?
ඔව්. නමුත් හිස උකුණන් ඇඳේ ඉතා දිගු කාලයක් ජීවත් වෙන්න බැහැ. උකුණන්ට ජීවත්ව සිටීමට හිස්කබලේ රුධිරය සහ උණුසුම අවශ්‍ය වන අතර, කොට්ට සහ ඇඳ ඇතිරිලි වැනි ජීවී නොවන මතුපිටක පැය 24 කට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ.

හිස කෙස් කෙස් කළඹ හරහා හෝ පනා, තුවා සහ තොප්පි බෙදාගැනීමෙන් උකුණන් බෝ විය හැක.

ඇඳ ඇතිරිලි සහ කොට්ටවලට උකුණන්ට ජිවත් වීමට නොහැකි වීම සහනයක් වුවද, ඒවා හොඳින් පිරිසිදු කළ යුතුය. ඔබේ ඇඳ මත ඇති උකුණන් ඉවත් කිරීම සඳහා ප්‍රයෝජනවත් උපදෙස් කිහිපයක් මෙන්න.

ඇඳ ඇතිරිලි මත ඇති උකුණන් ඉවත් කරන්නේ කෙසේද?
ඔබේ ඇඳ ඇතිරිලි පිරිසිදු කිරීම සඳහා වඩාත් පොදු ක්‍රමය වන්නේ කුමක්ද? කෘමීන් ආහාර හා උණුසුම නොමැතිව තනිවම මිය යනු ඇත. ඔබේ කොට්ට සහ මෙට්ට මත ඇති උකුණන් ඉවත් කිරීමට ඔබ කළ යුතු දේවල් මෙන්න:

සියලුම ඇඳ ඇතිරිලි ඉවත් කරන්න (කොට්ට ආවරණ, ඇඳ ඇතිරිලි සහ බ්ලැන්කට්)
ලිනන් රෙදි උණු වතුරෙන් සෝදන්න. Hot clothes dryer එකේ ඔබේ ඇඳ ඇතිරිලි සහ කොට්ට විෂබීජහරණය කළ හැක.
සේදිය නොහැකි දෙවල් සතියක් පමණ ප්ලාස්ටික් බෑගයක ගැටගසා තියලා ගන්න.
ආසාදිත අයිතම දින කිහිපයක් හිරු එළිය යට තබන්න.
ඉතිරිව ඇති උකුණන් ඉවත් කිරීම සඳහා ඇඳ වැකියුම් (vacuum) කරන්න.

පළිබෝධකයන් මුළුමනින්ම මරා දැමීමට කොට්ට සහ ඇඳ ඇතිරිලි උණු වතුරෙන් හෝ hot dryer යන්ත්‍රයකින් ප්‍රමාණවත් නොවන බව ඔබට හැඟේ නම්, ඒ වෙනුවට මෙම ක්‍රම අත්හදා බලන්න.

ඔබ තවමත් උකුණන් ගැන කරදර වන්නේ නම් කුමක් කළ යුතුද?

1. Eliminate Lice From The Source
ඔබේ ඇඳ මත උකුණන් බෝවීම නැවත ඇතිවීම නැවැත්වීමට මේ ක්‍රමය උපකාර කරයි. උකුණන් ඉවත් කිරීම සඳහා ඔබේ හිසකෙස් මතට ඖෂධීය ක්‍රීම්, තෙල් සහ ෂැම්පූ භාවිතා කළ හැක. මිය ගිය උකුණන් සහ ලේන්ඩි ඉවත් කිරීම සඳහා ඔබේ හිසකෙස් සෝදා අතරතුර ලේන්ඩි පනාවක් භාවිතා කර පිරන්න. මෙම ප්‍රතිකාර සාර්ථක නොවන්නේ නම්, වඩා හොඳ විසඳුම දැන ගැනීම සඳහා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

2. ගෙදර හැදූ ඉසින
ඇඳ ඇතිරිලි මත ඇති උකුණන් ඉවත් කිරීම සඳහා වැකුම් කිරීම ප්‍රමාණවත් නොවන බව ඔබට හැඟේ නම්, ඔබට ආරක්ෂිතව සිටීමට ගෙදරම සැදූ ඉසින කිහිපයක් උත්සාහ කරන්න පුළුවන්.
ඔබට අවශ්‍ය වන්නේ
බ්ලීච් මේස හැඳි 1
වතුර කෝප්පයක්
ස්ප්‍රේ බෝතලයක්
ස්ප්‍රේ බෝතලය තුළට බ්ලීච් සහ ජලය මිශ්‍ර කරන්න.
මෙම මිශ්‍රණය ඔබේ ඇඳ ඇතිරිලි, බ්ලැන්කට් සහ කොට්ට ආවරණ මත ඉසින්න.
මිශ්‍රණය වියළී යන තෙක් රැඳී සිටිමින් ඇඳ ඇතිරිලි උණු වතුරෙන් සෝදන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2002 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:16:49 AM
Script:/article/2002/do-head-lice-survive-in-beds.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:16:50 AM
Script:/article/2002/do-head-lice-survive-in-beds.html