දිදුලන සමකට කොපමණ ජලය පානය කළ යුතුද?

July 6, 2021
17,646
How much water to drink for glowing skin?
ඔබ දිනකට ජලය කොපමණ ප්‍රමාණයක් පානය කරනවාද.. ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා කොපමණ ජලය ප්‍රමාණයක් අවශ්‍යවනවාද.. නැතිනම් ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කරනවාද.. ජලය පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද..? යන්න සම්බන්ධයෙන් විවිධ වූ ගැටළු ඔබටත් ඇති.. එසේ නම් මේ ලිපිය ඔබටයි.

ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් සිරැර විජලනය වීමෙන් වැළකී මුලු සිරැරම සජලනය වනවා.. එමෙන්ම සිරැරේ ඇති විශාලම ඉන්ද්‍රිය වන සම පිරිසිදු වීම සහ විෂ හරණය වීම සිදුවනවා.. ජලය පානය කිරීමෙන් ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ මෙන්න..

1. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමෙන් සමෙහි ඇති විෂ හරණය වී සම පැහැපත් කරයි .

2. සම වියපත් වීම වළකනවා - ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා වන අතර රැලි වැටුණු ස්වභාවය අඩුකර තරුණ පෙනුම රැකදෙනු ලබනවා.

3. අව්වට පිලිස්සුණ සම යථා තත්ත්වයට පත්කරනු ලබනවා.

4. සමේ පිම්බුණු ස්වභාවයක් ඇතිවිට එම සම් ස්ථරයන් හි ජලය රඳවා ගනි ලබන අතර එසේ වන්නේ ඔබ අඩුවෙන් ජලය පානය කරනා විටයි.. නමුත් ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරනවිට මුහුණේ පිම්බුණ ස්වභාවය පාලනය වනවා.

5. කුරුලෑ ඇතිවීම පාලනය කරයි. ඔබ ප්‍රමානවත් පරිදි ජලය පානය කරන විට සමෙහි ඇති මේදය සහ ජලය ප්‍රමානය සමබර වන අතර සමෙහි තෙල් ස්වභාවය වැඩිවීම සහ ස්‍රාවය වීම වළකා කුරුළෑ ඇතිවීම පාලනය කරනු ලබනවා.

6. සම වියළීම නිසා ඇතිවන ගැටළු පාලනය - ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීමෙන් සම වියළී යන අතර කැසීම, ඉරී තැලිම යන සමේ රෝග ඇතිවීමේ අවධානම පාලනය වනවා.

7. සම එල්ලා වැටීම වළක්වාලනවා.

8. සිරැරේ pH අගය සමතුලිතව පවත්වා ගැනීමටත් සමේ රෝග වළක්වා ගැනීමටත් උපකාරි වනවා.

9. ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීමෙන් සමේ උෂ්ණත්වය පාලනය වනවා.. විශේෂයෙන් වියළි කාලගුණයක් සහිත කාලවලදී ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකර සිටීමෙන් සම අධිකව වියළෙන අතර සමෙහි කැසීම් සහ කුෂ්ඨ ඇතිවීමට ඉඩ තිබෙනවා.

10. ජලය පානය මගින් බඩවැල් ආශ්‍රිතව නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යාහැකි අතර සිරැරට ප්‍රමාණවත් පරිදි ජලය ලැබීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියා කිරීමත් ශරීරයේ අපහරණ කාර්‍ය්‍යන් (මල/ මුත්‍රා පිටවීම) ඉටුවිමත් සිදුවනවා.. මෙම සියල්ලේම ප්‍රථිඵලයක් ලෙස ඔබගේ සම නීරෝගි වී පැහැපත් සමක් ලබා ගැනීමට ඔබට හැකියි.

සමේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පරිදි ජලය පානය හැකි ආකාර

- ජලය සමග මින්ට් කොළ එක්කර
පිරිසිදු ජලයට මින්ට් කොළ කිහිපයක් එක්කර තම්බා සිසිල්වූ පසු පානය කිරීමෙන් ආහාර ජීර්නය පහසු වී සමේ විෂහරණය සිදුකරන අතර මනා පෙනුමක් ගෙන එනු ලබනවා.

- ජලය සමග බැසිල් කොළ එක්කර
සමේ ඇති ප්‍රදාහයන් අඩු කිරීමේ විශ්මිත හැකියාවකින් යුතු බැසිල් කොල දමා උනුකරන ලද ජලය පානය කිරීමෙන් සමට ආරක්ෂාව සැලසෙනවා.

- ලෙමන්
විටමින් C අන්තර්ගත ලෙමන් පානය කිරීම, පළතුරු සලාද ආදියට එක්කර ගැනීමෙන් ශරීරයේ කොලජන් ආරක්ෂා කර දෙන අතරම අක්මාවේ විෂ හරණය කර පිරිසිදු සමක් ලබා ගැනීමට උපකාරි වනවා.

- ඉඟුරු
ඉතාමත් විශිෂ්ඨ ගුණයන්ගෙන් පරිපූර්ණ ඉඟුරු ඔබේ තේ කෝප්පයට හෝ උණුවතුරට එක්කර පානය කිරීමෙන් ආහාර ජීරණයට උපකාරි වන අතර ශරීර ප්‍රදාහය සමනය කරනු ලබනවා.

- අයිස් කැට
ඔබට නිතර ජලය පානය කිරීමේදී අපහසුවක් දැනෙනවා නම් වෙළදපොලේ ඇති පළතුරු යුෂවල ඉහල සීනි ප්‍රමාණයක් අන්තර්ගත වීම නිසා පානය කිරීමෙන් වැළකී සිටිනවා නම් නැවුම් පළතුරු යුෂ අයිස් කැට සාදන ට්‍රේ එකකට දමා ශීතකර ජල බෝතලයට එක්කර පානය කරන්න.. වෙනස් රසයක් ඔබටත් දැනේවි.

- නැවුම් මීපැණි සහ ඇපල් සයිඩර් විනාකිරි
ඔබගේ ජල වීදුරුවට නැවුම් මී පැණි බිංදු කිහිපයක් සහ ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් එක්කර පානය කිරීමෙන් කුරුළෑ ඇතිවීම සහ සම එල්ලා වැටීම පාලනය වනවා.

දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා කොපමණ ජලය ප්‍රමාණයක් පානය කළ යුතුද..

- විශේෂඥයන්ට අනුව කාන්තාවක් විසින් දිනකට ජලය ලීටර් 2.7 ක් සහ පිරිමියකු විසින් දිනකට ජලය ලීටර් 3.7ක් පානය කල යුතු වනවා. මෙහීදී මෙම ජලයට අමතරව වෙනත් ඕණෑම පානයන් වර්ගයක් ලබාගත හැකියි. උදාහරණ ලෙස පළතුරු බීම, පලතුරු වර්ග, එළවලු වර්ග ආදී ජලය වැඩි වශයෙන් අඩංගු වන ඕනෑම දෙයක් එක්කර ගත හැකියි.

- ජලය පානය කිරීමෙන් ශරීරය වියළීමෙන් වළකා තෙතමනය ආරක්ෂා කර දීම සිදු වනවා

- ඔබ වියළි කළි කාලගුණයක් සහිත ප්‍රදේශයක හෝ ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවන රැකියාවක හෝ ක්‍රීඩාවක නිරත වන්නේ නම් ඉහත ප්‍රමාණයට වඩා ජලය වැඩි වශයෙන් පානය කළ යුතු වනවා .

- එසේම ඔබ දීර්ඝ ගුවන් ගමනෙකක යෙදෙන්නේ නම් එහිදී ඇතිවන සංකූලතාවයන් මගහරවා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කළ යුතු වනවා.

- එළිමහනේ හිරු එළියට නිරාවරණය වන සේ වැඩි කාලයක් ගත කරන්නේ නම් ඔබ ජලය වැඩි වශයෙන් පානය කළ යුතුයි.

ජලය වැඩිපුර පානය අවධානම්ද..?

ප්‍රමාණය ඉක්මවා ජලය පානය කිරීමද ශරීරයට අහිතකර ප්‍රථිපල ගෙන එනු ලබනවා.. එසේ වැඩිපුර ජලය පාන‍යෙන් සිරැර අවශ්‍ය ප්‍රමාණයට වඩා සජලනය වන අතර එය overhydration ලෙස හඳුන්වනු ලබනවා.. ජලය වැඩි වශ‍යෙන් පානය කිරීමෙන් වකුගඩු වල නියමිත ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ක්‍රියාකාරී වීම සිදුවන අතර වමනය, කරකැවිල්ල, හිසරදය, තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂන ඇතිවිය හැකියි. මෙම තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර නොකිරීමෙන් මාරාන්තික බලපෑම් ඇතිවීමට වුවද ඉඩ තිබෙනවා.

සමට සුදුසු වන්නේ කුමන ආකාරයේ ජලයද..?

- මද උණුසුම් ජලය (Lukewarm) වඩාත් සුදුසු වනවා.
- pH අගය 6.5 - 8.5 අතර ප්‍රමානයේ වන ජලය පානය කිරීමට වඩාත් සුදුසු ලෙස සැලකෙනවා.
- සාමාන්‍යයෙන් බෝතල් කරන ලද පානීය ජලයේ pH අගය 6.5 ත් 7.5 ත් අතර වනවා.
- අප හුස්ම ගන්නා විට පවා අප ශරීරයෙන් ජලය පිටවන නිසා වැඩි වශයෙන් ජලය පානය කල යුතුයි.
- සුප්, තැඹිලි, පොල් වතුර, බටර් මිල්ක්, පිපිඤ්ඤා, දොඩම්, ලෙමන් ආදියද ශරීරයට ජලය ලබා ගැනීමට ඇති හොඳ ප්‍රභවයන් ලෙස සැලකිය හැකියි.
- ඔබ ඇල්කොහොල් පානයන් ලබා ගන්නා විට සීනී රහිත සෝඩා වලට ලෙමන් එක්කර පානය කල හැකියි.

නීරෝගි සමක් අප සෑම දෙනාගේම අපේක්ෂාවයි.. කිසිදු අමතර වෙහෙසකින් තොරව පහසුවෙන් ඔබට ජලය පානය කලහැකියි.. අවශ්‍ය වන්නේ ඔබ එයට හුරුවීම පමණයි.. එවිට වියපත් රැලි වැටුණු අඳුරු පැහැ සමක් වෙනුවට පැහැපත් දීප්තිමත් සමක් ඔබටත් ලබා ගැනීමට හැකියාව ලැබෙවි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,389
   68

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,296
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,826
   27

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Food to regulate your menstrual circle
   47,142
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed