වර්තමානයේ බොහෝ දෙනා ගතකරන අතිශය කාර්‍යබහුල ජීවන රටාවත් සමග උදෑසන ආහාරය මගහරිනු ලබනවා.. විශේෂයෙන් කාන්තාවන්.. උදෑසන අවදිවීමෙන් පසු නිවසේ නොයෙකුත් කටයුතු සමග කාර්‍යබහුල වන අතර ඉන්පසු කලබලයෙන් රැකියා ස්ථානයට හෝ දරුවන් පාසල් රැගෙන යාමට නිවසින් පිටවීමට ඔවුන්ට සිදුවනවා.. ඔවුන්ගේ උදෑසන ආහාරය බොහෝ විට ගැනීම ඔවුන් අතපසු කර ගනු ලබනවා..
එසේ නොමැති නම් උදෑසන බීමට ගන්නා සීනි වැඩි තේ කෝප්පය හෝ ඩයට් කරන කෙනෙක් නම් ඔබේ ආහාර සැලසුම් ඇතැම්විට උදෑසන ආහාරය නොගැනීමට හේතුවක්.
නමුත් ඔබ දන්නවාද ඔබ දවසේ ගත යුතු ප්‍රධානම සහ අත්‍යවශ්‍යම ආහාර වේල උදෑසන ආහාර වේල බව.. සමබර උදෑසන ආහාරයක් ඔබගේ දෛනික ජීවිතයට අවශ්‍ය ශක්තිය හා ජවය ලබාදෙනු ලබනවා.
ඔබ උදේ ආහාරය මග හැරීමෙන් ඔබගේ රුධිරයේ අන්තර්ගත සීනි මට්ටම පාලනයට අවශ්‍ය පෝශක නොලැබී යනවා.. එමෙන්ම එය ඔබගේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය අඩාලවීමට ප්‍රධාන වශයෙන් හේතු වනවා. පර්‍යේශකයන්ට අනුව නිසි පරිදි උදෑසන ආහාරය ලබාගන්නා පුද්ගලයින්ගේ ශරීරයේ කැලරි දහනය වඩාත් හොඳින් සිදුවනවා.
උදේ ආහාරය මග හැරීම යනු ඔබගේ සිරැරේ පරිවෘත්තිය ක්‍රියාවලිය සදහා අවශ්‍ය ඉන්ධන ලබාදීම මගහැරීමයි..
Breakfast යන්නෙහි තේරූම breaking the fast (උපවාසය බිඳීම/නැවතීම) යන්න සහ ඔබගේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් පරිවෘත්තිය ක්‍රියාවලිය ඉක්මන් කිරීමයි. ඔබගේ ශරීරය යන්ත්‍රයක් ලෙස සිතුවහොත් එහි එන්ජිමෙහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන නිසි පරිදි නොලැබීමෙන් එය වැඩිදුරටත් ක්‍රියාත්මක නොවේවි. එමෙන්ම උදෑසන ආහාරය නිසිපරිදි ගැනීම යනු කඩයෙන් මිලට ගන්නා කුමක් හෝ කාදැමීම නොවෙයි.. තන්තු අඩංගු සමබල ආහාර වේලක් ගැනීමයි.
දෛනිකව උදෑසන ආහාරයෙන් ලැබෙන පෝශණ නොලැබී යාමෙ ප්‍රථිඵලයක් ලෙස පරිවෘත්තිය ක්‍රියාවලියට බාධා සිදුවීමෙන් උදරය ඉදිරියට නෙරා ඒම, රුධිර පීඩනය, ග්ලූකෝස් මට්ටම ඉහළ යාම, ශරීරයට අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවීම වැනි තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිකරනු ලබනවා.
උදෑසන ආහාරය මගහැරීමෙන් ආහාර අධික ආහාර රුචිය ඇතිවීම කෙරෙහි බලපානවා.
ප්‍රමාණවත් පරිදි සමබර ආහාර වේලක් සහිත උදෑසන අහාර වේලක් නොගැනීමෙන් ඔබට දවස පුරා නිරන්තර කුසගිනි තත්ත්වයක් ඇතිවීමට බලපානු ලබනවා.. එමෙන්ම දවස පුරා අධික ආහාර රුචියකින් යුක්තව ආහාර විශාල ප්‍රමාණයක් ගැනීමටත් එය හේතුවනවා.. ඉහල ප්‍රෝටින් අන්තර්ගතයකින් යුක්තව උදෑසන සහ දිවා ආහාරය ගැනීම මගින් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ස්ථාවරව පවත්වා ගැනීමටත් අධික ආහාර රුචිය පාලනය කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. එමෙන්ම එය සිරැරේ බර කළමණාකරණයටද වැදගත්වනවා.
රාත්‍රී ආහාරයත් උදෑසන ආහාරයත් අතර කොපමණ පරතරයක් තිබිය යුතුද..?
වෛද්‍යවරුන්ට අනුව රාත්‍රී ආහාරයත් උදෑසන ආහාරයත් අතර පැය 12 ත් 14 ත් අතර පරතරයක් තිබීම ගැටළුවක් නොවේ. නමුත් රාත්‍රී ආහාරය ප්‍රමාදවී ගැනීම උදෑසන ආහාරය මගහැරීමට හේතුවක් වනවා… නමුත් ශරීරයේ නිසි පරිදි ක්‍රියාකරවීමට අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් සමබර උදෑසන ආහාර වේලක් ලබා ගැනීමයි. සම්පූර්ණ ධාන්‍ය වර්ග අඩංගු ආහාර, ඕට්ස්, බිත්තර,විටමින් C අඩංගු පළතුරු උදෑසන ආහාරයට වඩාත් සුදුසු වනවා.