ප්‍රීතිමත් මිනිසුන්ගේ සතුටට හේතු වන රහස් 10ක්

July 21, 2021
4,455
10 things happy people don’t do
සතුට යනු බොහෝවිට එක් නිර්වචනයක් දිය නොහැක්කක්.. මන්ද සතුට යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නක් නිසා.. එය එදිනෙදා අප කරන කියනා දේවල් මත සහ අපගේ තේරිම් මත බොහෝවිට රඳා පවතිනවා. ඇතැම් විට ඔබත් සෑමවිටම සතුටින් සිටින පුද්ගලයින් දැක ඇති.. ඔවුන් කුමන හෝ අවස්ථාවකදීවත් අසතුටෙන් සෘණාත්මක ආකල්ප ඇතිකර ගන්නේ නැහැ.. ඇතැම් විට ඔබ සිතනවා ඇති "කොහොමද අනේ මෙච්චර ප්‍රශ්ණ තියේද්දී හිනාවෙලා ඉන්නේ..?" එසේ නොමැතිනම් "මෙයා හැමවෙලේම සතුටින්.. මට ඇයි බැරි..?” “මොනාද හැමවෙලේම ප්‍රීතියෙන් සිටින්න අවශ්‍ය වන්නේ..?” ආදි දේවල්...

ලොව සතුටින්ම සිටින පුද්ගලයින් කිසිවිටක සිදු නොකරන දේවල් කිහිපයක් සහ ඔවුන්ගේ සතුටට හේතු මෙම ලිපිය මගින් අපි ඔබට ඉදිරිපත් කරනවා..

1. සතුටින් සිටිනා පුද්ගලයින් කිසිවිටක අන් අය සිතන දේ පිළිබදව කරදර වන්නේ නැහැ
අප බොහෝවිට දෙයක් කරනවිට අන අය ඒ සම්බන්ධයෙන් කුමක් සිතන්නේ දැයි කරදර වනවා.. නමුත් සතුටින් සිටින පුද්ගලයින් කිසිවිටක අනුන් සිතන දේ ගැන සිතන්නේ නැහැ. ඔවුන්ගේ හිතට එකඟව අවශ්‍යදේ ඔවුන් සිදු කරනවා..

2. ඔවුන් කිසිවිටක ඔවුන් අකමැති දේවල් සිදුකරන්නේ නැහැ
සතුටින් සිටින පුද්ගලයින් කිසි විටක ඔවුන් සතුටු නොවන, කිරීමට අකමැති දෑ හි නිරත්වන්නේ නැහැ.. උදාහරණයක් ලෙස ඔවුන් යම් රූපවාහිනි වැඩසටහනකට අකමැති නම් එය බැලීමට කාලය වෙන්කරන්නේ නැහැ..ඒ වේලාව තුල ඔවුන් වඩාත් ප්‍රියකරන ඔවුන්ව සතුටට පත්කරන දෙයක් කිරීමට යොමුවනවා. සතුටින් සිටින පුද්ගලයන් තුල ඇති ලොකුම වෙනස වන්නේ ඔවුන් තමන් අකමැති දේවල් පිලිබද මනා අවබෝධයකින් සිටින අතර කිසිවිටකත් බිය නිසා හෝ බැඳීම් නිසා හෝ අවස්ථාව අනුව තමන් අකමැති දෑ සිදුකරන්නේ නැහැ..

3. සතුටින් සිටින්නන් කිසිවිටක් අන් පුද්ගලයන් මෙහෙයවීමට හෝ වෙනස් කිරීමට උත්සාහ නොකරයි
සතුටින් සිටින්නන් තම අදහස් සහ හැඟීම් නොසඟවා අන් අය සමඟ බෙදා ගැනීමට පසුබට වන්නේ නැහැ.. නමුත් ඔවු කිසි විටක අන් පුද්ගලයන් හෝ ඔවුන්ගේ මතයන් වෙනස් කිරීමට උත්සාහ දරන්නේ නැහැ.. එය තමන්ගේ කාලය නාස්ති කිරීමක් ලෙසයි ඔවුන් සිතන්නේ..

4. අතීතයේ සිරවී සිටින්නේ නැහැ..
අතීතයේ සිදුවූ දෑගැන සිතමින්, කල්පනා කරමින් පසුතැවෙමින් සිටීම අසතුටට මූලික හේතුවයි.. එමනිසා සතුටින් සිටින පුද්ගලයින් කිසිවිටක අතීතය ගැන පසුතැවෙමින් සිටින්නේ නැහැ.. ඔවුන් වර්ථමානයේ සතුටින් ජීවත් වනවා.

5. අනාගතය පිළිබඳව අනවශ්‍ය ලෙස සිතන්නේ නැහැ
අනාගතය පිළිබද නිසි සැලසුමක් තිබීම සෑම දෙනෙකුටම ඉතා වැදගත් නමුත් වුවමනාවට වඩා සිතීම සහ අනාගතයේ සිදුවීමට නියමිත දෑ සිතමින් උපකල්පනය කරමින් සිටීම අනවශ්‍ය පීඩාවන් සිතට ගෙනඑනු ලබනවා.. එබැවින් සතුටින් සිටින පුද්ගලයින් තමන්ට හැකි පමණ අනාගතය ගැන සිතන අතර වර්ථමානයේ තමන් ගත කරන නිමේශය පිලිබඳව මනා සිහියකින් ගත කරනු ලබනවා..

6. ඔවුන් පරීපූරණත්වයක් අපේක්ශා කරන්නේ නැහැ
පරිපූර්ණතාවාදීන්වීම සතුටේ හතුරෙක් වන අතර නිතර සතුටින් සිටින පුද්ගල‍යින් කිසිවිටක ඕනෑම දෙයක පරිපූර්ණතාවයක් අපේක්ශා කරන්නේ නැහැ.. ඕනෑම දෙයක් සඳහා උපරිම දායකත්වයත් සහ ඔවුන්ගේ අරමුණු සාක්ශාත් කරගැනීමට වෙහෙස වුවත් පරිපූර්ණත්වයක් අපේක්ශා නොකරනවා. එමෙන්ම තම සහකරු, සහකාරිය, හවුල්කරුවන් දෙමවුපියන් ආදී චරිත තුල වුවද පරිපූර්ණතාවාදීන් වීමට උත්සාහ දරන්නේ නැහැ.. ඔවුන් තම ජීවිත සමාජ ජාලාවල සිටින චරිත සමග සන්සන්ධනය හෝ සම වීමට උත්සාහ නොදරා සාමාන්‍ය ආකාරයේ ජීවිත සෑමවිටම ගතකරනු ලබනවා..

7. සතුටින් සිටින්නන් සෑමවිටම තම සතුව ඇති දෙයට ස්තුතිවන්ත වනවා
ඔවුන් තමන් සතුව ඇති දෑ සමග සතුටින් සිටින අතර තමන්ට නොමැති හෝ ලැබීමට නියමිත දෑ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස සිතන්නේ නැහැ.. ඔවුන් සෑමවිටම ඕනෑම අන්ධකාරයක රිදී ඉරක් සොයා ගැනීමට උත්සාහ සහ උනන්දු වන අතර තමන් කොතරම් වාසනාවන්තදැයි සිතමින් සතුටින් සිටීමට උත්සාහ දරනවා.

8. තමන් ලබාගන්නා අත්දැකීම් අගය කරන අතර භෞතික සාධක පිළිබඳ තැකීමක් කරන්නේ නැහැ
පර්යේෂකයන් පවසන ආකාරයට සංචාරයේ යෙදෙන්නන්, ක්‍රීඩා තරග නරඹන්නන්, විනෝද චාරිකා, නාට්‍ය සංදර්ශන නරඹන්නන් ආදීන් තම මුදල් භෞතික දේවල් මිලට ගැනීම් සිදුකරන පුද්ගලයින්ට වඩා සතුටින් සිටිනවා. විශේෂයෙන් ඔවුන් තම පවුලේ සාමාජිකයන් හිතමිත්‍රාදීන් සමග කාලය ගතකරමින් ලබාගන්නා අත්දැකීම් භෞතික දේවල් වලට වඩා අගය කරනු ලබනවා.

9. ඔවුන්ගේ සතුට වැරදි ස්ථාන වලින් සොයා ගැනීමට උත්සාහ නොදරයි
ප්‍රීතිමත් මිනිසුන් ඔවුන්ගේ සතුට බැංකු ගිණුමේ සතු මුදල්වලින් හෝ තමා සතු වාහනය , නිවසේ හෝ ආදායමේ ප්‍රමාණය හෝ ෆේස්බුක්/ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිටින්නන් මත තීරණය කරන්නේ නැහැ. ඔවුන් තම සතුට ආර්ථාන්විතව සොයා ගනු ලබනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතා, අධ්‍යාත්මික සුවය සහ වෘත්තීය සාර්ථකත්වය ආදීය මත තීරණය කරනවා..

10. සෘණාත්මක අවස්ථා සහ පුද්ගලයින් මග හැරීම
ලොව සතුටින්ම සිටින පුද්ගලයන්ගේ ප්‍රධානතම රහසක් වන්නේ ඔවුන් සෑමවිට සෘණාත්මක අවස්ථා සහ සෘණාත්මක පුද්ගලයින් ප්‍රතික්ශේප කරනවා.. ඔවුන් ආතතියට පත්කරනු ලබන සිදුවීම් සහ පුද්ගලයින් හැකි සෑමවිටම මගහරිනු ලබන අතර කිසිදු විටක මානසික සහ ශාරිරික හිංසනයන් දරා සිටින්නේ සහ ඒ සඳහා පෙළඹවීම් සිදුකරන්නේ නැහැ..

ඉහත සියලුම කරුණු ලොව ප්‍රීතිමත්වම සිටින පුද්ගලයින් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රමුඛස්ථානයේ ලා සලකනු ලබන කරුණුයි. සතුට යනු සෑමවිටම ඔබ ඒ සඳහා දරනු ලබන කැපවීමේ සහ උත්සාහයේ ප්‍රථිඵලයක්.. එබැවින් පළමුව ඔබ වටා ඇති දෑ පිළිබඳව මනා අවබෝධයක් ලබාගත යුතු අතර ඔබව අසන්තෝෂ‍යට පත්කරවන සිදුවීම් පුද්ගලයින් සහ ඔබගේ සෘණාත්මක ආකල්ප ඈත්කර ධනාත්මක ආකල්ප වර්ධනය කරගත යුතුයි. ඔබට සතුටින් සිටීමට නම් භාවනාව, ව්‍යායාම සහ මනා නින්දක්, හොඳ ආහාර වැනි දෑ පමණක් නොව ඉහත ලැයිස්තුවද ඉතා වැදගත් බව හැඩකාරි අපි මතක් කර සිටිනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,246
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,994
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,413
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Kaju Dosi Recipe
   178,978
   20

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed