හැමදාම ඉස්සෝ එකම විධියටම කාලා එපා වෙලා නේද....මෙන්න ඔබට රසවත් චිලී ප්‍රෝන්ස් රෙසිපි එකක්.. පොඩි වෙනසක් කරලා බලමුද එහෙනම්..
සෑදිමට ගතවන කාලය - විනාඩි 10
අවශ්‍ය ද්‍රව්‍ය (තුන් දෙනෙකු සඳහා)
ඉස්සන් 20
තෙල් තේ හැඳි 1
චොප් කරගත් ඉඟුරු සුදු ළූණු තේ හැඳි 1 බැගින්
කුඩා කැබලි කැපූ වියළි මිරිස් කරල් 2
බී ළූණු ගෙඩි 3
අඟල් භාගයක පමණ කැබලි කැපූ බෙල් පෙපර් හෝ මාලු මිරිස් 2
සෝයා සෝස් තේ හැඳි 1
රතු චිලී සෝස් තේ මේස හැඳි 2
කොළ චිලී සෝස් මේස හැඳි 1
විනාකිරි මේස හැඳි 1
රස අනුව ලුණු
සීනි තේ හැඳි 1/2
ගම්මිරිස් තේ හැඳි 1
ළූනු කොල ස්වල්පයක්
වතුර මේස හැඳි 1 ක දියකරගත් කෝන් පිටි තේ හැඳි 1
ඉස්සන් මැරිනේට් කිරිම සඳහා අවශ්‍ය වනවා
ඉස්සන් 20
සෝයා සෝස් තේ හැඳි 1
රස අනුව ලුණු සහ ගම්මිරිස්
කෝන් පිටි තේ හැඳි 4
අවශ්‍ය නම් වතුර
ගැඹුරු තෙලේ බැදීමට තෙල්
සාදන ආකාරය :
පියවර 1
- භාජනයක් ගෙන තෙල් හැර මැරිනේට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල බදුණකට දමා මිශ්‍ර කරන්න.
- පසුව ගැඹුරු භාජනයක් ගෙන තෙල් දමා රත්කර ඉස්සන් ටික බදින්න.
- රන්වන් පැහැවන තෙක් බැද පසෙක තබන්න.
පියවර 2
- පෑන් එකක් ලිප තබා තෙල් තේ හැඳි 1 දමා රත් කරන්න.
- ඉඟුරු, සුදු ලූණු, කැබලි කපාගත් වියළි මිරිස් එක්කරන්න.
- කැබලි කපාගත් බී ලූණු එක්කරන්න.
- මාලු මිරිස් හෝ බෙල් පෙපර් එක්කරන්න.
- සෝයා සෝස්, රතු සහ කොළ චිලී සෝස්, විනාකිරි, ලුණු, සීනි සහ ගම්මිරිස් එක්කරන්න.
- දැන් බැදපු ඉස්සන් ටික එක්කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
- දියකරගත් කෝන් පිටි ටික එක්කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
- අවසානයට සිහින්ව කපාගත් ළූනු කොළ ටික උඩින් ඉසින්න.
උණු උණුවේම රස බලන්න.