දරුවාගේ මානසික සෞඛ්‍යය ඉහල නන්වන්න ඔබ කළයුතු දේවල් 5ක්

August 6, 2021
8,456
5 tips all parents do to support their child’s mental health
2020 වසරේ සිට ලෝකය වෙලාගෙන තිබෙන කොරෝනා වසංගතය නිසා දුවපැන ඇවිදපු, පාසල් ගිය අපේ පොඩි මල් කැකුළු දැන් නිවසටම කොටු වෙලා නේද.."අම්මි අපි කවදාද ආපහු ඉස්කෝලේ යන්නේ" ; "අපි පාක් යමුකෝ" "අනේ අම්මි මාව යාලුවගේ ගෙදර එක්ක යන්නකෝ" මෙවැනි දහසකුත් එකක් ඉල්ලීම් ඔබටත් දිනපතා ලැබෙනවා ඇති.. මෙම වසංගතය වැඩි වශයෙන්ම නිවසට කොටු වී සිටින කුඩා දරුවන්ට අමිහිරි අත්දැකීමක් වී තිබෙනවා ඒ වගේම එය දරුවන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා.. එයයි වසංගතයේ කටුක අමිහිරි සත්‍යය.

පවතින තත්ත්වයත් සමග අපට නැවතත් පෙර පරිදි කාලය ගත කිරීමට ලැබෙන දිනයන් අවිනිශ්චිතයි.. ඉතින් හැඩකාරි අපි මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේ වසංගත තත්ත්වය අතරතුර ඔබගේ දරුවාගේ මානසික තත්වය යහපත් ව පවත්වා ගැනීමට ඔබට අනුගමනය කරන්න පුළුවන් පහසු පියවර කිහිපයක්..

1. සෑමවිටම දරුවාගෙ මග පෙන්වන්නා බවට ඔබ පත්වන්න

සෑමවිටම දරුවාට ඔබ ආදර්ශයක් වියයුතුයි.. ඔබ නොකරන දෑ දරුවාට කිරීමට බල නොකල යුතුයි.. සෑමවිටම කියන දේ කිරීමටත්; කරන දේ කීමටත් ඔබ දරුවාට ආදර්ශයක් සැපයිය යුතුයි. ඔබ යම් දෙයක් කරමින් එය අනුකරණය කිරීමට දරුවා හුරු කරන්න .විශේෂ‍යෙන් කුඩා දරුවන් සෑම විටම තම මව හෝ පියා අනුගමනය කරන්නයි ප්‍රිය කරන්නේ.. ඔවුන්ගේ ළමා කාලයේ වීරවරිය හෝ වීරයා වන්නේ තම මව හෝ පියායි. ඔවුන් සෑමවිටම ඔබ ගැන අවධානයෙනුයි පසු වන්නේ.. එබැවින් ඔබ ප්‍රවේසම් විය යුතුයි එමෙන්ම සෑම විටම ඔවුන් වෙත ඔබගේ හැසීරීමෙන් සහ ආකල්ප මතින් ධනාත්මක හැඟීම් වර්ධනය කර ගැනීමට උදවු කරන්න.. සෑම විට දරුවාගේ හැඟීම්වලට ගරු කරන්න.. ඔවුන් සෑම විටම ඔබට අවශ්‍යම දේ නොකරාවි ; නමුත් ඔබ වඩාත් ඉවසිලිවන්තව ඔවුන් හා කටයුතු කිරීම වැදගත්.

2. දරුවා කෙරෙහි ඇති ආදරය ක්‍රියාවෙන් පෙන්වන්න

ඔබේ දරුවාට ආදරය කිරීම යනු සෑම විටම ඔහු හෝ ඇයගේ ඉල්ලීම් ඉටු කිරීම, පමණට වඩා ආරක්ෂා කිරීම , කැමති දේ කිරීමට ඉඩදීම නොවේ.. සෑම විටම ඔබ තුල දරුවා කෙරෙහි ඇති ආදරය ඔහු හෝ ඇය සමග කාලය ගත කිරීමෙන් ඔවුන්ට දැනෙන්නට ඉඩ හරින්න.. ඔවුන් වැලඳ ගැනීම, ඔවුන්ගේ ගැටළු සඳහා සවන් දීම, ඔවුන්ට යම් ගැටළුවක් ඇති වූ සෑම විටම ඔබ ඔවුන් හා සිටීම වැනි දෑ මගින් ප්‍රීතිමත් දරුවකු ගොඩ නැගීමට ඔබට හැකියි.. ඔවුන් සතුටෙන් සිටින විට ඔක්සිටොන් නමැති හෝමොනය මුදා හැරීම සිදුවනවා.. එමගින් දරුවා තුල සාමකාමි, උණුසුම් සහ ආශ්වාදජනක හැඟීම් ඇති කරනු ලබනවා..

3. සෑමවිටම කාරුණික සහ ධනාත්මක සිතන මවක හෝ පියකු වන්න

සාමාන්‍යයෙන් කුඩා දරුවකු උපත ලබන්නේ මොළයේ සෛල බිලියනයක් පමණ සහිත සම්බන්ධතා කිහිපයක් සමගිනි.. එමගින් දරුවාගේ සිතිවිලි නිර්මාණය, ක්‍රියාවන් මෙහෙය වීම, පෞරුෂය හැඩගැසීම සහ තමාට තමා කවුරුන්දැයි හඳුණාගැනිමට උපකාරි වනවා.. ඉන් කාලාන්තරයක් මුළුල්ලේ ලබා ගන්නා අත්දැකිම් මගින් අප ශක්තිමත් කර අපගේ ජීවිතයන් ප්‍රතිමූර්තිමත් කරනු ලබනවා.. එබැවින් සෑම විට දරුවා තුල ධනාත්මක හැඟීම් වර්ධනයට සහ ක්‍රියා කිරීමට අප උපකාරි විය යුතු අතර එවිට දරුවා එය නිසිපරිදි ක්‍රියාත්මක කිරීමටත් අන් අය සමග බෙදාහදා ගැනීමටත් පෙළඹෙනු ලබනවා..

දරුවා සමග විහිළු තහළු කිරීම, ගීතයක් ගායනය, පොත් කියවීම, ඔහු හෝ ඇය ප්‍රිය කරන වැඩසටහනක් නැරඹීම නැතිනම් වීඩීයෝ ක්‍රීඩාවක නිරත වීම, කොට්ට පොර ගැසීම, ඇවිදීම, පිහිනීම වැනි දෑ මගින් ඔබට දරුවා සමග මනා සම්බන්ධතාවයක් ඇති කර ගත හැකියි.. සෑම විටම දරුවාට ගැටළුවක් පැන නැගුනු විට එය විසඳන්නේ කෙසේද, අභියෝගයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න සහ නිවැරදි තීරන ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිලිබඳව ප්‍රායෝගික අත්දැකීම් ගැනීමට උදවු ලබා දීම මගින් දරුවාගේ මොළයේ යහපත් සම්බන්ධතාවයන් ඇතිවන අතරම දරුවාගේ ඉදිරි දිවිය තුලදී ඔබ සම්බන්ධයෙන් ප්‍රීතිමත් මතක ඔහු හෝ ඇය තුළ ගොඩගැසීමටත් හැකියාව ලැබෙනවා.

4. දරුවාට ඔබ අසල ආරක්ෂාව ඇති බව ඒත්තු ගන්වන්න

සෑම විටම දරුවාට ඇතිවන ගැටළු, යම් යම් නොසන්සුන්කාරි තත්ත්වයන් විසඳීමට සහ දරුවාගේ ප්‍රීතිය බෙදා හදා ගැණීමට ඔබ ඔහු හෝ ඇය සමග සිටිනා බව සෑමවිටම ඒත්තු ගැන්වෙන පරිදි කටයුතු කරන්න.. දරුවාට තනිව ගොඩ නැගීමට ඉඩදි ඔබ සෑමවිට ඔහුට ශක්තිය සහ මගපෙන්වීම ලබා දෙන්න.. දරුවාට අවශ්‍යය වන රැකවරණය හා උණුසුම ඔබ සතුව තිබෙන බවත් ඔබ ඔහු හෝ ඇයගේ පිටුපසින් නිරන්තරයෙන්ම සිටින බවත් දැනවීම සහ ඔබගේ ඉක්මන් ප්‍රතිචාරයන් දරුවාට ලබා දීම මගින් දරුවා තුල යහපත් මානසික හා සමාජීය කුසලතා සංවර්ධනය විම සහ වඩාත් යහපත් මානසික සෞඛ්‍ය රටාවක් ගොඩනැගීමට ඔබට හැකියාව ලැබෙනවා. .දෙමවුපියන් ලෙස ඔබගේ අපේක්ශාවත් එයම නොවේද..?

5. දරුවාගේ මොළයේ ක්‍රියාකාරිත්වය දියුණු කිරීමට සෑම විටම අදහස් බෙදා හදා ගන්න

හැකි සෑම විටම දරුවා සමග කතා බහ කරන්න.. යම් යම් දෑ සම්බන්ධයෙන් ඔවුන් තුල ඇති ආකල්පයන්, හැඟීම් එවිට ඔවුන් ඔබ හා බෙදා හදා ගනීවි..දරුවා සමග යහපත් සන්නිවේදනයක් පවත්වා ගැණීමෙන් සෑම විටම දරුවා ඔහුට හෝ ඇයට ගැටළුවක් උපකාරයක් , අදහසක් ලබා ගැනීමට අවශ්‍ය වූ සෑම විටම බාහිර පාර්ශවයන් වෙත යොමු නොවී ඔබ කරා පැමිණේවි.. එමෙන්ම එමගින් තවමත් වර්ධනය වෙමින් පවතින දරුවාගේ මොළයේ කොටස් ඒකාත්මික කිරීමටත් හැකියාව ලැබෙනවා.. ඔබ ඇතැම් විට නිවසේ කටයුතු රැකියා කටයුතු සමග කාර්‍යබහුල මවක් හෝ පියෙකු වීමට පුලුවන්. නමුත් දිනපතා අවම වශයෙන් පැයක්, පැය භාගයක් පමණ වෙලාවක්වත් ඔබ දරුවා සමග සිටීම වැදගත්.. ඔබට මේ වේලාව තුල ඔබත් දරුවාත් අතර සතුටුදායක සබඳතාවක් ගොඩනගා ගැනීමටත් එකිනෙකා හා අදහස් බෙදා හදා ගැණීමටත් උත්සාහ දැරීමට පුළුවන්.. දිනක් හෝ දෙකක් ගතවන විට දරුවා වඩාත් සක්‍රීයව මෙයට දායක වනු ඔබට දකින්නට හැකිවේවි.. ඇතැම් විට ඔවුන්ගේ ගැටළු, ප්‍රශ්ණ ඇසීම ඔබව වෙහෙසට, කෝපයට පත් කරාවී නමුත් ඔබගේ නොපසුබසිනා උත්සාහය දිනක සාර්ථක වනු ඔබට පෙනේවි. ඔවුන්ගේ සියලු ගැටලු වලට පිළිතුරු ඇතැම්විට ඔබ ලග නොමැති වුවත් ඔවුන්ට සවන්දීමම පමණක් ඇතැම් විට ප්‍රමාණවත් විය හැකියි.

මේ වනවිට ලොවම වෙලාගෙන සිටින රුදුරු වසංගතය දිනක පහව යනු ඇතැයි සුභවාදි බලාපොරොත්තුවක් පමණක් සිත තුල තබාගෙන කටයුතු කිරීම පමණයි ඇතැම්විට ඔබට කළ හැක්කේ.. නමුත් මෙම තත්ත්වය නිවසට කොටුවී සිටින ඔබේ දරුවාට තේරුම්කිරීම අපහසුයි.. ඔබට කල හැක්කේ මෙම කාලය දරුවාට ප්‍රීතියෙන් ගත කිරීමට උපකාර කිරීමයි.. පාසලින්, අධ්‍යාපනයෙන්, මිතුරු මිතුරියන්ගෙන්, කෙළි සෙල්ලමින් ඈත් වී නිවසට කොටුව සිටින දරුවන් බොහෝ විට මානසික පීඩාවකින් සිටිනවා.. එය බොහෝ විට ඔබට දැකීමට නොහැකි වුවත් ඔවුන් තුළ අභ්‍යන්තරයේ එම හැඟීම් ඔවුන්ට පීඩාකාරී ලෙස බලපානවා. ඉහත සරල පියවර මෙම කාලසීමාවට පමණක් නොවේ, යහපත් මානසික සෞඛ්‍යයකින් යුතු දරුවකු සමාජගත කිරීමට සෑමවිටම උපකාරී වේවි.. නමුත් මවක හෝ පියකු ලෙස ඔබ වඩාත් අවධාරණය කරගත යුතු වන්නේ දරුවන් සෑම විටම දරුවකුගෙන් තවත් දරුවකුට වෙනස් බවත් බොහෝ විට මෙම ක්‍රමයන් අනුගමනය කිරීම ඔබ සිතන තරම් පහසු නොවේවි. නමුත් ඉවසීම සහ කැපවීම් මත ඔබට දිනක සතුටු වීමට හැකි බවත් සිත තබාගෙන කටයුතු කිරීම වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2030 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:16:16 PM
Script:/article/2030/5-tips-all-parents-do-to-support-their-child-s-mental-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:16:16 PM
Script:/article/2030/5-tips-all-parents-do-to-support-their-child-s-mental-health.html