මානසික ආතතිය නිසා ඇතිවන කුරුලෑ සහ ඒවා පාලනය කර ගන්නා ආකාරය

August 7, 2021
9,785
stress acne and how to deal with it
ඔබ දන්නවාද ඔබගේ මානසික තත්ත්වය මුහුනේ කුරුලෑ ඇතිවීමට බලපාන බව.. ඔබ නිතර නිතර ආතතියට ලක්වන්නෙ නම් ඔබගේ මුහුනේ කුරුලෑ ඇතිවීම සාමාන්‍යයයි.. එසේ වන්නේ ඔබ ආතතියෙන් පෙළෙන විට ශරීරයෙන් කොටිසෝල් (cortisol) නමැති හෝමොනය නිකුත් වන අතර එය ඔබගේ සමට හානිදායක වනවා.. එහි ප්‍රථිපලයක් ලෙස ඔබගේ මුහුණේ කුරුලෑ හටගන්නවා..

මුහුණේ කුරුලෑ ඇතිවීම කාන්තා අප බෙහෙවින් පීඩාවට පත් කරන්නක් නිසාම හැඩකාරි මෙම ලිපිය මගින් ආතතිය නිසා මුහුණේ ඇතිවන කුරුලෑ ඉවත් කරගන්නේ කෙසේද සහ ඒ සම්බන්ධයෙන් ඔබට වැදගත් වන කාරණා කිහිපයක් ඉදිරිපත් කරනවා..

ආතතිය නිසා ඇතිවන කුරුළෑ වළක්වා ගන්නෙ කෙසේද..

බොහෝ විට ආතතිය මගින් ඇතිවන කුරුලෑ සඳහාද ප්‍රථිකාර ලෙස ඔබට ඔසු සලකින් ලබාගන්නා benzoyl peroxide සහ salicylic acid අඩංගු ක්‍රීම් වර්ගයක් ආලේප කල හැකියි.. ඔබට ඉතා පහසුවෙන් සම මත මෙම ක්‍රීම් ආලේප කිරීමට හැකි වුවත් එමගින් දීර්ඝකාලිනව සමට එල්ලවන බලපෑම වැඩි අතර දිගින් දිගටම එම ක්‍රීම් වර්ග ආලේප කිරීමෙන් සම වියළීම, ඉරිතැලීම ආදිය සිදුවනවා.. එමෙන්ම ආතතිය නිසා සම මත ඇතිවන වේදනාකාරි රතු පැහැති ගෙඩි සඳහා ඔබට අයිස් කැට හෝ ග්‍රීන් ටී දමා ශිත කල අයිස් කැට තැබීමට පුලුවන්. නමුත් කුරුලැ දිගින් දිගටම වර්ධනය වනවා නම් ඔබ චර්ම රෝග වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි.

කුරුලෑ වලක්වා ගැනීමට ප්‍රථිකාර කරනවා සේම වඩාත් වැදගත් වන්නේ කුරුළෑ ඇතිවීමට බලපානු ලබන ආතතිය මගහරවා ගැනීමයි.. ඔබ සෑම විටම ආතතියට පත් වන්නේ නම් ඔබ පළමුවෙන් ඔබ ආතතියට පත්වන මූලයන් හඳුනා ගත යුතුයි.. එදිනෙදා ජීවිතයේ සිදුවන අවිනිශ්චිත සිදුවීම් වලට මුහුණ දීමටත්, අපගේ පාලනයෙන් තොරව සිදුවන දේවල් සඳහා ශක්තිමත්ව, සන්සුන් මනසකින් මුහුණදීමටත් පුරුදු විය යුතුයි.. මේ සඳහා ඔබ යෝග අභ්‍යාසයන්හි යෙදිම, භාවනාව, ඇවිදීම, පිහිනීම වැනි ක්‍රමයන් අත් හදා බලා ඔබට වඩාත් ගැලපෙන ක්‍රමය සොයාගත යුතුයි. එමගින් ඔබගේ මනස සන්සුන් වන අතර ආතතිය පාලනය වනවා.

කුරුලෑ ඇතිවීම ඉතා වේදනාකාරි සිදුවීමක් නමුත් එයට වඩා ඔබට බලපෑම කිරීමට ඔබ නිරන්තරයෙන් පත්වන ආතති තත්වයට පුළුවන්.. සෞඛ්‍ය බිඳ වැටෙන අතර අධික රුධිර පීඩනය, හෘදයාබාධ, තරබාරුව වැනි රෝග සඳහා මූලාරම්භයක් ද වනවා.. එබැවින් ඔබ, ඔබ ගැන සැලකිලිමත් වී කටයුතු කිරීමත්, නිතර ඔබ වෙලාගන්නා ආතතිය මගහරවා ගැනීමටත් උත්සාහ දැරීම තුළින් ඔබට කුරුලෑ වලින් තොර මුහුණක් සහ සෑමවිටම සතුටින් සිටිමටත් අවකාශය සකසා ගැනීමට පුළුවන් කම ලැබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2032 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:38:50 PM
Script:/article/2032/stress-acne-and-how-to-deal-with-it.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:38:51 PM
Script:/article/2032/stress-acne-and-how-to-deal-with-it.html