අද වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය පෝශණ අතිරේකයක් වන්නේ විටමින් C හෝ බහු විටමින් (Multivitamin) වර්ග අඩංගු පෝශණ අතිරේකයන් නොව විටමින් D අඩංගු පෝශණ අතිරේකයි. විටමින් D ඔබේ සිරැරේ කැල්සියම් නියාමනය කරන අතර අස්ථි ක්‍රියාකාරිත්වය සඳහාද වැදගත් වනවා.. එමෙන්ම ඔබගේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහාද වැදගත් වනවා.. එමනිසාම මේ දිනවල පැතිරයන කොරෝනා වසංගතයෙන් ආරක්ශාවීමට සිරැරේ ප්‍රතිශක්තිය වර්ධනය සඳහා ද විටමින් D ලබාගත යුතු බවට බොහෝ දෙනා සඳහන් කරනවා.
1. ඔබට වෙනදාට වඩා වෙහෙස දැනීම
සිරැරේ විටමින් D ප්‍රමාණවත් පරිදි නොවිම හේතුවෙන් නිතර හිසරදය, කැරකිල්ල, අධික වෙහෙස මහන්සි ස්වභාවයක් දැනීම සහ මාංශ පේශි කැක්කුම වැනි රෝග ලක්ෂණ දැනීමට පුළුවන්. එමෙන්ම ඇතැම් විට මානසික අවපීඩන තත්ත්වයන්ද ඇතිවනවා.
2. අස්ථි වේදනාව
විටමින් D ඌණතාවය ඔබගේ අස්ථි සෞඛ්‍යය කෙරෙහිද බලපාන බව නූතන අධ්‍යනයන්ගෙන් සනාථව තිබෙනවා. අස්ථි වේදනාව, මාංශ පේශි දුර්වල වීම, අස්ථි බිදීම්, අස්ථිවල ස්කන්ධය අඩුවීම වැනි රෝග තත්ත්වයන් ඇතිවීම දැකිය හැකියි.
3. මාංශ පේශීන් ආශ්‍රිත ගැටළු
පර්‍යේශකයන් පවසන ආකාරයට සාමාන්‍ය මාංශ පේශි ක්‍රියාකාරිත්වය සඳහා විටමින් D මගින් සැලකිය යුතු කාර්‍යභාරයක් ඉටුකරනු ලබනවා. එහි යම්කිසි ඌණතාවයක් ඇතිවීම හේතුවෙන් ඔබට නිතර මාංශ පේශි වේදනාව, කැක්කුම් සහ මස්පිඩු පෙරළීම වැනි තත්ත්වයන්ගෙන් පීඩා ඇතිවිය හැකියි.
4. මනෝභාවයන් වෙනස් වීම සහ අවපීඩනය
මානසික ආතතිය නැතිනම් අවපීඩනය මිනිසාගේ සමස්ථ ක්‍රියාකාරිත්වයම අඩපන කරනු ලබන ගැටළුවක්.. වර්ථමානය වන විට මානසික අවපීඩන සහ මනෝභාවයන් වෙනස් වීමෙන් පීඩා විදින බොහෝ දෙනා හට විටමින් D ඌණතාවයද බලපා ඇතිබවට හඳුණාගෙන තිබෙනවා. ඔබගේ මනෝ භාවයන් ඉක්මනින් වෙනස් වන්නේ නම් හෝ දැඩි ආතති ස්වභාවයක් දැනෙනවා නම් එයට හේතුව විටමින් D ඌණතාවයද විය හැකියි.
5. කුඩා දරුවන් තුල අස්ථි විකෘතිතා ඇතිවීම
විශේෂයෙන් දරුවන් තුල ශීග්‍ර වර්ධනයක් දැකිය හැකි කුඩා කලදී විටමින් D ඌණතාවය ඇතිවීමෙන් අස්ථි වර්ධනයට බාධා එල්ල විය හැකි අතර පාද ඇදවීම, අස්ථි වේදනාව ආදි රෝග ලක්ෂණ ඇතිවිය හැක.
ඔබට විටමින් ඌණතාවයක් තිබෙනවා යැයි සැකයක් පවතින්නේ නම් ඔබ කුමක් කළ යුතුද..?
ඔබ පළමුවෙන්ම කල යුතු වන්නේ වෛද්‍යවරයකු මුණගැසීමයි.. ඔබගේ රෝග ලක්ෂණ ව්නිශ්චය කිරීමෙන් පසු රුධිර පරීක්ෂණයක් මගින් ඔබගේ සිරැරේ විටමින් D මට්ටම පිළිබද පරීක්ෂා කල හැකියි. ඒ සඳහා වඩාත් ප්‍රචලිත පරීක්ෂණය වන්නේ 25-hydroxyvitamin D නමැති පරීක්ෂාවයි. යම් හෙයකින් ඔබගේ සිරැරේ විටමින් D ඌණතාවයක් තිබේනම් වෛද්‍යවරයා ඒ සඳහා විටමින් D අතිරේකයක් ලබාදෙනු ලබනවා..
ස්වභාවිකව සිරැරට විටමින් D ලබාගත හැකි මාර්ග
- හිරු එළියේ කාලය ගත කරන්න. (විශේෂයෙන් උදය කාලයේ)
- මේදය අඩංගු මාළු වර්ග (ඉස්සන්, දැල්ලන්, සැමන් වැනි දෑ) ආහාරයට ගන්න.
- හතු වැඩි වශයෙන් ආහාර වේල් සඳහා එක්කරගන්න.
- බිත්තර කහමද , දොඩම් වැනිදෑ එක්කරගන්න.