දෙමවුපියන් විසින් දරුවන්ට කීමේන් වැළකිය යුතු වාක්‍ය 15ක්

August 17, 2021
4,126
15 phrases parent should avoid when talking to children
දෙමවුපියන් ලෙස අප ඇතැම් විට දරුවන්ට යම් යම් කාරණා කීමේදී එතරම් සැලකිලිමත් වන්නේ නැහැ.. එම අවස්ථාව තුල අපගේ මනෝභාවයන් ගේ සහ දරුවාගේ හැසිරීම ඒ සඳහා බලපානු ලබනවා.. අප පවසන දෑ පිළිබදව අප එතරම් නොසිතන්නේ අපත් කුඩා අවධියේදි අපගේ දෙමවුපියන්ගෙන් මෙවැනි වදන් අසා තිබෙනා බැවිනි.. නමුත් වර්ථමානය වනවිට මනෝවිද්‍යාඥයන් නිර්දේශ කර තිබෙන දෙමවුපියන් ලෙස ඔබ දරුවන්ට කීමට නුසුදුසු කරුණු කිහිපයක් පිළිබදව මෙම ලිපිය මගින් ඔබට කරුණු ඉදිරිපත් කිරීමට හැඩකාරි අපි බලාපොරොත්තු වනවා..

1. “Don’t make me...!” - “මට කියලා කරවන්න හදන්න එපා..”
ඔබත් එක්වරක් හෝ දරුවාට යම් කරුණක් හෝ සම්බන්ධයෙන් තර්ජනය කර ඇති.. හරියට, "ඔයා සෙල්ලම් බඩු ටික අස් කරේ නැත්තම් මම ඒවා ටික විසි කරනවා" වගේ දේවල්.. නමුත් ඔබ කිසිවිටෙකත් සෙල්ලම් බඩු කුණු කූඩයට දමා නැතිව ඇති. ඒ නිසා ඒ වගේ දෙවල් කීමෙන් වලකින්න. තර්ජනය කරන්න එපා. ඔබ ඇත්තටම කරන දෙයක් කියන්න. "හෙට සිට දවස් 5ක් සෙල්ලම් කරන්න දෙන්නේ නෑ" වගේ දෙයක්. හැබැයි ඔබ එය අනිවාර්යයෙන් කරන්නත් ඕනේ. නැති නම් ඔබ කියන දේවල් දරුවා යම් දිනක ගනන් ගන්නේ නැතිව යාවි.. ඒ වගේම ඔබ දරුවාට යමක් කිරීමට පොරොන්දු වුනේ නම් එය අනිවාර්‍ය‍යෙන්ම ඉටුකල යුතුයි.. එසේ නොවුණහොත් දරුවා අපෙක්ශාභංගත්වයට පත්විය හැකියි..

2. “Why do I have to repeat myself 100 times?” – “එකම දෙය කී සැරයක් කියන්නද..?”
කුඩා දරුවන් බොහෝ විට එක් වරක් කීමෙන් දෙයක් කිරීමට පෙළඹෙන්නේ නෑ. නමුත් ඔබත් එක්වරක් හෝ දරුවාට මෙසේ පවසා ඇති.. ඔවුන්ට කීප සැරයක් එකම දේ කීමේන් ඔවුන් මානසිකව විඩාවට පත්වනවා. ඇත්ත වශයෙන්ම මෙය අර්ථ විරහිත ප්‍රකාශයක් ලෙසයි මනෝ මනෝවිද්‍යාඥයන් හඳුන්වනු ලබන්නේ.. එමනිසා මෙයට වඩා දරුවාට වඩාත් දැනෙන වාක්‍යක් වෙත මාරුවීම සුදුසුයි.. උදාහරණයක් ලෙස "එකම දෙය මන් ඔබට කී සැරයක් කියන්නද..?" යැයි අසනවාට වඩා "මන් මේක ඔයාට කීප සැරයක්ම කිව්වා ; එමනිසා ඔයාට දැන් පුළුවන් නම්..." යැයි ආදි ලෙස පැවසීමට උත්සාහ කරන්න.

3. “You are so smart!” – “ඔබ ඉතා දක්ෂ්‍යයි නේ”
දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගීම සඳහා නිතර දරුවා ඇගයීම, ප්‍රශංසා කිරීම සුදුසු බවට දෙමවුපියන් විශ්වාස කරනවා.. නමුත් එය දරුවාගේ සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරන බවයි මනෝවිද්‍යාඥයින් පවසන්නේ.. එමගින් දරුවා තමා පිළිබදව අතිශෝක්තියෙන් සිතීමට පෙළෙඹිය හැකියි. උදාහරණයක් ලෙස ඔබේ දරුවා පංතියේ වැඩිම ලකුණු ලබාගත් විට එයට ප්‍රශංසා නොකර දරුවා මහන්සි වී වැඩකල ආකාරය අගයන්න. එසේ නොමැතිනම් දරුවා තුළ මහන්සි වී වැඩ කිරීමේ පෙළඹවීම නැති වී යාවි.

4. You’re being ridiculous - "ඔයා විහිළුවක්/විකාරයක්"
දරුවන්ගේ හැසිරීම නිසි පරිදි වෙනස් කල හැක්කේ වැඩිහිටියන් වන අපටයි.. එමනිසා දරුවාගේ හැසිරීම දෙස බලා "ඔබ ව්හිළුවක්/විකාරයක්" යැයි පවසනවාට වඩා දරුවාගේ හැසිරීම තේරුම් ගැනීමට උත්සාහ කරන්න. සෑමවිටම ඔබගේ කුඩා කාලය සිහියට ගෙන දරුවාගේ හැසිරීම විනිශ්චය කරන්න.

5. “It’s not a big deal.” "එය මහ ලොකු දෙයක් නොවේ"
දරුවා යම් දෙයක් සඳහා දුකෙන්, කළකිරීමෙන් සිටිනවා නම් කිසිදු විටක "එය එතරම් ලොකු දෙයක් නොවේ" යනුවෙන් පැවසීමෙන් වළකින්න.. ඇතැම් විට එය ඔබට ඉතා සුළු දෙයක් සේ පෙනුනත් දරුවාට එය ව්ශාල දෙයක් වියහැකියි.. උදාහරණයක් ලෙස දරුවා ප්‍රිය කරන සෙල්ලම් බඩුවක් කැඩී දරුවා ඉතා දුකෙන් පසුවනවා නම් ඔබ දරුවා සනසන්න.. කිසි විටකත් එය "ගණන් ගත යුතු තරම් දෙයක් නොවේ" යන්න පවසන්න එපා.. ඒසේ පැවසීමෙන් ඔවුන් හට ලැජ්ජාවක් ඇතිවිය හැකියි.

6. “Hurry up and get ready.” - “ඉක්මණින් සූදානම් වන්න,”
කුඩා දරුවන් හට කාලයේ වටිනාකම පිළිබද අවබෝධයක් නැති අතර ඔබ යම් යම් දෑ සඳහා "ඉක්මන් කරන්න; ඉක්මනින් සූදානම් වන්න" ආදි ලෙස පැවසීමෙන් දරුවා කලබලයට සහ ආතතියට පත්වීමේ ඉඩ තිබෙනවා.. එමනිසා දරුවාට කාලයේ වටිනාකම, ඉක්මණින් කටයුතු කිරීමේ වැදගත්කම සරලව වටහා දෙන්න.

7. “I’ve always hated math!” - " මම කවදාවත් ගණිතයට කැමති වුනේ නැහැ; මම අකමැතිම විෂයක්".
දරුවන්ගේ පාසල් වැඩකටයුතු කෙරෙහි තම ආකල්ප මගින් වන බලපෑම පිළිබද කිසිදු ආකාරයක අවබෝධයක් ඇතැම් විට දෙමවුපියන්ට නැහැ.. ඔවුන් ක්‍රීඩාවලට හෝ විශයයන් වලට තමාගේ අකමැත්ත දරුවා සමග ඍජුව පවසනවා.. ඇත්ත වශයෙන්ම එය දරුවාගේ මානසික මට්ටම කෙරෙහි බලපෑම් කරන අතර දරුවා තුලද එම විශයයන් හෝ ක්ශේත්‍රයන් පිළිබද ඍණාත්මක ආකල්ප වර්ධනය වීමට ඉඩ තිබෙනවා.

8. “I know you didn’t mean to hurt him.” – “මම දන්නවා ඔබ එය හිතා මතා නොකළ බව”
දරුවන් ඇතැම් අවස්ථාවල අනුමත කල නොහැකි ආකාරයෙන් හැසිරෙනවා.. එම මොහොතේ එය ඔවුන් විනෝදයට පත් කලත් ඔබ එම වරද සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කර, ඔහු හෝ ඇය නිවැරදි කිරීමට යාම සුදුසු වන්නේ නැහැ.. දරුවාගේ වැරදි හැසිරීම වටහාගෙන එයින් මිදීමට ඉගෙන ගැනීමට දරුවාට උපකාර කරන්න..

9. “Did you have a good day at school?” - “අද ඉස්කෝලේ හොඳද? / හොඳින් ගත කළාද?”
ඔබ දරුවාගෙන් ඉහත ආකාරයේ ප්‍රශ්ණ ඇසීම තුල දරුවා ඔහුගේ හෝ ඇයගේ හැඟීම් බෙදා නොගෙන සඟවා ගැනීමේ උත්සාහයක් දරනු ලබන බවයි මනෝ උපදේශකයින් පවසන්නේ.. මන්ද, ඔබ අසනු ලබන ප්‍රශ්ණය තුලින් සියල්ල හොඳින් විය යුතු සහ වී ඇතිබවට ඔබගේ වන අපේක්ශාව ඉදිරිපත් වනවා.. එමගින් දරුවා අපහසුතාවයට පත්වීමෙ ඉඩක්ද වනවා.. එය ඔබ වටහා ගත යුතුයි.. ඒ වෙනුවට "අද දවස කොහොමද?” “ අද පාසලේ මොනවද වුනේ?” “මොනවද කළේ?" වගේ දේවල් සැහැල්ලුවෙන් අහන්න,

10. “What is wrong with you?” - "ඔයාට මොකද වෙලා තියෙන්නේ?”
බොහෝ විට මවක් ලෙස මෙම ගැටළුව ඔබ දරුවාගෙන් අසනවා ඇති.. නමුත් ඔබ මෙම ප්‍රශ්ණය දරුවාගෙන් අසන ව්ට ඔබගේ හඬෙහි වන කෝපය හෝ කළකිරුණු ස්වභාවය දරුවා තුළ යම් ගැටළු සහගත තත්ත්වයන් ඇති කරනු ලබනවා. මෙම ගැටළුව මගින් දරුවාට යම් ගැටළුවක් ඇත්දැයි හැඟෙන අතරම ඔවුන් ඒ පිළිබඳ දිගින් දිගට සිතීමටද යොමුවනවා.. අවසානයේ එය චිකිත්සක ප්‍රථිකාර පවා ගත යුතු ගැටළුවක් වීමටද ඉඩ තිබෙනවා.

11. “He didn’t do it on purpose.” - "ඔහු/ ඇය එය වුවමනාවෙන් කළේ නැහැ"
සෑම දරුවකුටම කුඩා කලසිටම මවුපියන්ගේ නිසි උපකාරත්, ආරක්ශාවත් අවශ්‍ය වනවා. නමුත් සෑමවිටම දරුවාගෙන් සිදුවන වැරදි වලදී, අපහසුතාවන් වලදී දරුවා එම අවස්ථාවෙන් ගලවා ගැනීම/ බේර ගැනීම සහ වරද නිවැරදි කිරීමට පෙනී සිටීම වැනිදෑ කිරීම නොකළ යුතුයි. එමගින් දරුවාට වැරදි ආදර්ශයක් සැපයෙන අතර ඔවුන් සෑමවිටම අන් පුද්ගලයන් මත රැදී සිටී , තනිව තම ගැටළු විසඳා ගැනිමේ ගැටළු ආදියට මුහුණදෙනවා. ආත්ම ව්ශ්වාසය සහ අභිමානය පිළිබද ගැටළුකාරි තත්ත්ව ඇතිවීමේ ඉඩක්ද වන බැවින් ඔබ වඩාත් කල්පනාකාරි වියයුතු වනවා.

12. “I don’t know how we will pay all these bills.” - "මම දන්නේ නැහැ, මේ බිල් කොහොම ගෙවන්නද කියලා"
ආර්ථික අපහසුතා අද කාලයේ ඕනෑම පවුලක තිබෙනවා. නමුත් ඔබ දරුවන් ඉදිරියේ ඒ පිළිබද කතාබස් කිරීම දරුවාගේ මානසික තත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිකරනු ලබනවා.

13. “Stay here then, I’m leaving.” - "ඔබ මෙතන ඉන්න. මම යනවා."
ඇතැම් අවස්ථාවල දරුවන් ක්‍රීඩා පිටියෙන් ඉවතට ගැනීම හෝ වෙනත් ඔවුන් ප්‍රිය කරන ස්ථානයකින් ඉවත් කරගැනිමට නොහැකි වූ විට ඔබත් මෙසේ දරුවාට තර්ජනය කර ඇති.. නමුත් ඇතැම් ස්ථානවල දරුවා තනිකර යන බවට තර්ජනය කිරීමෙන් දරුවා තුල අනාරක්ශිත බවක් ඇතිවිය හැකියි. එමනිසා එසේ කිරීමෙන් වැළකීම සුදුසු වනවා.

14. “Stop being such a baby.” - "බබෙක් වෙන්න එපා"
ළමා මනෝවිද්‍යාඥයන්ට අනුව දරුවකුට නොපැවසිය යුතුම වාක්‍යයක් ලෙස ඔවුන් මෙය හඳුන්වනු ලබනවා.. එමගින් දරුවාගේ හැඟීම් හිරකරන අතර දරුවා අදහස් බෙදා හදා ගැනිමට මැලිවිය හැකියි.. එමනිසා මෙවැනි වදන් වෙනුවට "ඇයි ඔබ මේ වගෙ දෙයක් කරන්නේ" හෝ " ඔබට කුමක්ද මේ සම්බන්ධයෙන් දැනෙන්නේ" වැනි ආකාරයක් යොදා ගැනීම වඩාත් සුදුසුයි.

15. “Sharing is caring.” - "බෙදා ගැනීම ඉතා හොද පුරුද්දක්"
බොහෝ දෙමවුපියන් දරුවන් කුඩා කල සිටම බෙදාහදා ගැනීම හුරු කරවීමට උත්සාහ කරනවා.. නමුත් දරුවාට ළමාවියේ මුල් කාලයේදි මෙවැනි හැඟීම් පිළිබද අවබෝධයක් නොමැති නිසා ඔවුන් බොහෝ විට තම සෙල්ලම් බඩු සහෝදර සහෝදරිය හෝ මිතුරු මිතුරියන් සමග බෙදාහදා ගැනීමට අකමැති විය හැකියි. නමුත් ඔබ දරුවාට ඔහුගේ හෝ ඇයගේ ප්‍රියතම දෑ බෙදාගැනීමට කීමෙන් දරුවා අපහසුතාවට පත්විය හැකියි. එවිට යමක් අවශ්‍ය වූ විට හැඬීමෙන් එය කෙසේ හෝ ලබාගත හැකියි යන වැරදි වැටහීම එවිට ඔවුන් ලබාගනු ලබනවා. එමනිසා ඔබ සැලකිලිමත් විය යුතුයි.

ඔබගේ වචන ඔබගේ කුඩා දරුවාට කෙසේ බලපානවාදැයි දැන් ඔබට වැටහෙනවා නේද.. දරුවන්ගේ හිත් මල් වැනියි.. ඒ මල තලාපෙලා නොදමා සැමදා නැවුම්ව තබා ගැනීමට නම් මවක හෝ පියක ලෙස ඔබ වඩාත් සූක්ශම විය යුතුයි.. එවිට ඔබගේ සිතැඟි පරිදිම යහපත් දරුවකු සමාජගත කරගැනීමේ ගෞරවය ඔබට ලබාගත හැකියි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Never do this when you take a shower in the morning
   931
   183

උදේට නානවා නම් මේ දේ කරන්න නම් එපා

ස්නානය කර දවස නැවුම්ව ආරම්භ කිරීමට කැමති හැඩකාරි ඔබත් මේ කරුණු ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්.. වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔබගේ මේ උදෑසන ස්නානය අතරතුර ඔබ ව්සින් වැළකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා
15 Easy methods to organize your home
   492
   68

නිවස පිළිවෙලකට තියාගන්න ප්‍රවීණයන්ගෙන් පහසු උපදෙස් 15ක්

ඔබට තියෙන්නේ කෙසේ පිළිවෙලට සකස් කලත් ඉක්මනින් අපිලිවෙල වෙන නිවසක් නම්.. අඩුම තරමින් දින කිහිපයක් හෝ නිවස එක දිගට පිළිවෙලට තබා ගැනීමට ඔයාට ඕනේ නම්.. ඒ සම්බන්ධයෙන් ක්ශේත්‍රයේ ප්‍රවීණයන් ගේ අදහස් විමසා බලමු..
6 things guys will only do when they are crazy about you
   35,731
   65

ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ට පිස්සු වැටුනහම මොකද කරන්නේ?

කතාවට වගේ හැමෝම කියන්නේ ආදරේ පිස්සුවක් කියලනේ. හැබැයි ඉතින් මේක කොච්චර පිස්සුවක් උනත් අපි කාටවත් ආදරයක් නැතුව ජීවත් වෙන්න අමාරුයි
Children calling out and getting out of bed
   7,686
   52

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක
Food to regulate your menstrual circle
   17,660
   47

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed