නිරාහාරව සිටීමෙන් උදරයට ඇතිවන අති විශාල බලපෑමක්

August 18, 2021
6,851
One major effect of fasting
බර අඩුකර ගැනීමේ වුවමනාව, කාර්‍යබහුලත්වය ආදී නොයෙකුත් හේතූන් නිසා බොහෝ දෙනා ආහාරවේල් මගහරිනවා. එමගින් සිරැර තුල විශේෂයෙන් ඔබගේ බඩවැල් ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් පිළිබද බොහෝදෙනා දැනුවත් නැහැ.. අද හැඩකාරි අප ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ නිරාහාරව සිටියහොත් ඔබට ලැබෙන ප්‍රයෝජනයක් පිළිබදවයි..

සාමාන්‍යයෙන් නිරාහාරව සිටීමෙන් ශරීරයට වන බලපෑම පිළිබදව මතයන් දෙකක් තිබෙන අතර ඉන් එකක් නිරාහාරව සිටිමෙන් ශරීරයෙ බර අඩුකරගත හැකි බව පවසන අතර අනික් මතය මගින් නිරාහාරව සිටීමෙන් ඔබගේ ශරීර සෞඛ්‍යයට වන හානිය පිළිබද කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් මෑතකදි ඉදිරිපත් වුණ පර්‍යේශණයකින් (University of British Columbia) පවසන ආකාරයට නිරාහාරව සිටීම තුළින් ඔබගේ උදරය නිශ්චල තත්ත්වයට පත්වන බවයි. නිරාහාරව සිටීම මගින් බඩවැල්වල ආසාදන වලින් ආරක්ෂාව සැලසෙන අතරම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත අසහනකාරි තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපාන බඩවැල් ආශ්‍රිත පටකයන්ට හානි වීම සහ දැවිල්ල (all intestinal tissue damage and inflammation) අඩු කරගත හැකියි.

එමෙන්ම ඔබ ආහාර ලබා ගැනීම සීමා කිරීම නිසා බඩවැල්වල සිටින ක්ෂුද්‍ර ජීවීන් ඉතිරිව ඇති පෝෂ්‍ය කොටස් ධාරණය කරගනු ලබන අතර එමනිසා බැක්ටීරීයා වැනි අහිතකර සාධක වර්ධනය වීම සීමාවනවා. නමුත් එවැනි ගැටළු ඇතිවීම පාලනය සඳහා දිගින් දිගටම නිරාහාරව සිටිම අනුමත නොකරන අතර එමගින් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීමෙන් ඔබට යම් පෝශණ ඌණතා ඇතිවිය හැකියි. ඔබට ආහාර විස වීමක් වුවහොත් වේලක් හෝ දෙකක් නිරාහාරව සිටීම මගින් යම් ප්‍රයෝජනයක් අත්වුවද දිගින් දිගටම නිරාහාරව සිටීම ගැටළුසහගත තත්වයන් ඇතිකරනු ලබනවා.

මෙම ලිපිය මගින් අප ඔබවෙත ඉදිරිපත් කලේ නිරාහාරව සිටීමෙන් බඩවැල් ක්‍රියාකාරිත්වයට උපකාරි වන එක් කරුණක් සම්බන්ධවයි.. නමුත් ඔබට යම් උදරය ආශ්‍රිත අසනීප තත්ත්වයක් තිබේ නම් ඔබ වෛද්‍යවරයකු හමුවී ප්‍රථිකාර ලබාගත යුතු වනවා.. නමුත් ඉහත පර්‍යේශකයන් පෙන්වා දෙන ආකාරයට අනුව ඉඳහිට ආහාර වේලක් හෝ දෙකක් මගහැර උදරයට විවේකයක් ලබාදීම මගින්ද ඔබට යම් ප්‍රයෝජනයන් ලබාගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2048 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:42:59 AM
Script:/article/2048/one-major-effect-of-fasting.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:43:00 AM
Script:/article/2048/one-major-effect-of-fasting.html