නින්ද ඔබගේ මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරය සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් සිදුවන හානි

August 23, 2021
593
How sleep affects the brain
ඔබ නිදාගන්නේ ඇයි..? ඔබ කෙදිනක හෝ එසේ සිතා තිබෙනවාද.. නැතිනම් සිරැරට විවේකයක් ලබාදීම පිණිස ඔබ නිදා ගන්නවාද..? නිදා ගැනීම සම්බන්ධයෙන් විවිධ මතවාදයන් අති අතර එය ඔබගේ සිරැරට සහ විශේෂයෙන් මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා ඉතා වැදගත් ක්‍රියාවක් බවයි නින්ද පිළිබදව කරනු ලැබ ඇති අධ්‍යනයන්ගෙන් හෙළිවී තිබෙන්නේ.. ව්ශේෂ‍යෙන් එම අධ්‍යනයන් මගින් නින්ද අවශ්‍ය වන්නේ ඇයි සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් අතිවන අහිතකර ප්‍රථිපලයන් සම්බන්ධයෙන් කරුණු රාශියක් ඉදිරීපත් කර තිබෙනවා.. ඔබ අනිවාර්‍යෙන් ඒ සමබන්ධයෙන් දැනුවත් විය යුතුයි..

ශක්තිමත් මතකයක් සඳහා නින්ද උපකාරි වනවා

නින්ද මගින් සිදුවන ප්‍රධාන කාර්‍යයක් නම් එය දිගුකාලීන මතකය ශක්තිමත් කරගැනීමට උපකාරි වනවා. ස්නායුක සබඳතා ශක්තිමත් කර අනවශ්‍ය ස්නායුක සබඳතා ඉවත්කර මතකයන් රඳවා ගැනීමට මොලය ක්‍රියා කරනවා. දිවා කාලයේදි මොළය බොහෝ ක්‍රියාකාරකම් සඳහා දායක වුවත් රාත්‍රී කාලයේ නින්ද ලබා ගැනීමෙන් මතකය හොඳින් රැදී පවතිනවා. විශේෂයෙන් දිවා කාලයේදි අප උගත් දෑ මතක තබා ගැනීමට රාත්‍රී නින්ද උපකාරි වන ආකාරය ඔබ බොහෝදෙනා අත්විඳ ඇති කාරණයක්.
නින්ද පිලිබඳව තවත් එක් වැදගත් සංසිද්ධියක් වන්නේ නින්ද මගින් සෘණාත්මක මතකය ඉවත් කිරීමත් පශ්චාත් කම්පන මානසික ආතතිය (Posttraumatic stress disorder (PTSD)) සහ මානසික අවපීඩන තත්ත්වයන් සමනය සඳහාත් සැලකිය යුතු කාර්‍යභාරයක් ඉටුකරනු ලැබීමයි.

නින්දේදි විෂ හරණය කිරීම

පසුගිය වසර කිහිපය තුල වෛද්‍ය ක්ශේත්‍රයේ සිදුකල දීප්තිමත්ම සොයාගැනීමක් වන්නේ අප සිරැර නින්දේ සිටින කාලයේදි මොළය මගින් විෂ හරණය සිදුකරනා බවයි. විශේෂයෙන් ඇල්සයිමර් (Alzheimer) නමැති රෝගයට අදාල β-amyloid protein හරණය සිදුකරනවා.

සංජානනය සඳහා නින්ද අවශ්‍ය වනවා

සංජානනමය කාර්ය්‍යන් ඒ කියන්නේ ඇසීම, පෙනීම සහ අවට සිදුවන දේ ගැන පරීක්ෂාකාරී බව සඳහා නින්ද අත්‍යවශ්‍ය සාධකයක්.. ප්‍රමාණවත් නින්දක් නොමැති නම් අවධානය, තීරණ ගැනීම ආදි බොහෝ කාරණා සඳහා බලපානු ලබනවා.. විශේෂයෙන් එය බහු කාර්‍ය ක්‍රියාවලින් (multitask) සඳහා සැලකියයුතු මට්ටමේ දායකත්වයක් දක්වනවා.. උදාහරණයක් ලෙස රිය පැදවීම අප බොහෝ දෙනා සිදුකරනු ලබන බහුකාර්‍ය ක්‍රියාවක් එහිදි අපගේ අත්, පා, ඇස් ආදි සියළුම් ඉන්ද්‍රියන් අප භාවිතා කරනු ලබනව.. නමුත් ඔබ ප්‍රමාණවත් නින්දක් නොලැබු විට එම කාර්‍ය සඳහා අනිසි බලපෑම් සිදුකරනු ලබනවා.. බොහෝමයක් රිය අනතුරු වීම් සඳහා එය හේතුවක්ව තිබෙන්නේ එම නිසායි.

නින්ද ඔබගේ නිර්මාණශීලිත්වයට හේතුවක්

නිර්මාණශීලිත්වය සඳහා නින්ද ප්‍රධාන හේතුවක්.. ඔබ ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් සෑම විටම වෙහෙස මහන්සියෙන් සහා නොරුස්නා හැඟීමෙන් පිඩා විදින විට ඔබතුල නිර්මාණාත්මක හැඟීම පහල වන්නේ නැහැ.. නමුත් නින්ද තුළින් ලැබෙන ප්‍රබෝධවත් බව ඊට මග පෙන්වනු ලබනවා.

නින්ද නොයෑම සහ මානසික අවපීඩනය

ආතතියට පත්වූ එසේ නොමැතිනම් විවිධාකාරයේ මානසික අවපීඩන තත්ත්වයන්ගෙන් පීඩා විදින පුද්ගලයින්ගේ ප්‍රධාන රෝග ලක්ෂනය වන්නේ ඔවුන්ට ප්‍රමාණවත් නින්දක් නොලැබීමයි. එසේ නොමැතිනම් ඇතැම් විට ඔවුන් දිනය පුරා අධික නින්දක් ලබා ගන්නවා.. මෙම දෙයාකාරයම අහිතකර තත්ත්වයක්. අධ්‍යනයන්ගෙන් හෙළිව තිබෙන්නේ රාත්‍රී කාලයේ පැය 6ත් 8ත් අතර නින්දක් නොලබන පුද්ගලයින් බොහෝ විට මානසික අවපීඩන තත්ත්වයන්ගෙන් පීඩා විඳින බවයි. නින්ද නොයෑම කාන්සිය සහ පීඩනය ඇති කරනු ලබනවා.

දිගුකාලයක් ජීවත්වීම සහ ශාරිරික සෞඛ්‍යය තත්ත්වය

රාත්‍රියේ ප්‍රමානවත් පරිදි නින්දක් නොලබන පුද්ගලයන් දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ තරබාරුව මෙන්ම ඇතැම් හෘද රෝග ඇතිවීම සඳහාද අවධානාකට මුහුණදෙන බව අධ්‍යනයන් මගින් හෙළිව තිබෙනවා. ප්‍රමාණවත් නින්දක් ලබා අවධිවීම් සිරැරේ සියළුම ඉන්ද්‍රියන්ගෙ ක්‍රියාකාරිත්වය සඳහා ධනාත්මක බලපෑම් එල්ල කරනු ලබනවා.. එමනිසා නිරෝගි පුද්ගලයකුට දිනකට පැය 6ත් 8ත් අතර නින්දක් ලබා ගැනීම සුදුසු වනවා.

කුඩා දරුවන් සඳහා නින්ද ඉතා අත්‍යවශ්‍ය සාධකයක්

ඔබ නිවසේ කුඩා දරුවකු සිටීනම් ඔවුන් ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නා විට ඇතිවන බලපෑම ඔබ ඉතා හොඳින් දන්නවා ඇති.. නින්ද කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය සඳහා ඉතා වැදගත් සාධකයක්. එමෙන්ම රාත්‍රියෙ හුස්ම ගැනීමේ අපහසුව සහ වෙනත් හේතුන් නිසා ප්‍රමාණවත් නින්දක් නොලබන ළමුන් තුළ නිසි පරිදි නින්ද ලබාගන්නා ළමුන්ට වඩා Attention deficit hyperactivity disorder (ADHD) ලක්ශණ පවතින බව සොයාගෙන තිබෙනවා.. එමනිසා කුඩා දරුවන් සඳහා ඔවුන්ගේ වයසට අදාලව නිදාගත යුතු කාලසීමාව ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් කාරණයක්.

ඇතැම් විට ඔබ අධික ලෙස කාර්‍යබහුල නම් ඔබට නින්ද එතරම් වැදගත් නොවන බව හෝ එය ඔබට හිමිකම් කිව නොහැකි සුඛෝපභෝගි දෙයක් ලෙස හැඟේවි.. නමුත් ඇත්ත වශයෙන්ම නින්ද යනු සෑම පුද්ගලයකු සඳහාම අත්‍යවශ්‍ය සාධකයක් සහ එය භුක්ති විදීම ඔබගේ අයිතියක් ලෙසයි සැලකිය යුත්තේ… එමනිසා නින්ද පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව ක්‍රියාකිරීම ඔබගේ ශාරිරික සහ මානසික සෞඛ්‍යය කෙරෙහි ඉතාමත් වැදගත් වන බවයි හැඩකාරි අපගේ අදහස වන්නේ..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Never do this when you take a shower in the morning
   933
   185

උදේට නානවා නම් මේ දේ කරන්න නම් එපා

ස්නානය කර දවස නැවුම්ව ආරම්භ කිරීමට කැමති හැඩකාරි ඔබත් මේ කරුණු ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්.. වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔබගේ මේ උදෑසන ස්නානය අතරතුර ඔබ ව්සින් වැළකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා
6 things guys will only do when they are crazy about you
   35,762
   88

ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ට පිස්සු වැටුනහම මොකද කරන්නේ?

කතාවට වගේ හැමෝම කියන්නේ ආදරේ පිස්සුවක් කියලනේ. හැබැයි ඉතින් මේක කොච්චර පිස්සුවක් උනත් අපි කාටවත් ආදරයක් නැතුව ජීවත් වෙන්න අමාරුයි
15 Easy methods to organize your home
   494
   70

නිවස පිළිවෙලකට තියාගන්න ප්‍රවීණයන්ගෙන් පහසු උපදෙස් 15ක්

ඔබට තියෙන්නේ කෙසේ පිළිවෙලට සකස් කලත් ඉක්මනින් අපිලිවෙල වෙන නිවසක් නම්.. අඩුම තරමින් දින කිහිපයක් හෝ නිවස එක දිගට පිළිවෙලට තබා ගැනීමට ඔයාට ඕනේ නම්.. ඒ සම්බන්ධයෙන් ක්ශේත්‍රයේ ප්‍රවීණයන් ගේ අදහස් විමසා බලමු..
Does eating late at night gain weight?
   1,674
   61

ප්‍රමාද වී රාත්‍රී ආහාරය ගැනීමෙන් සිරැරේ බර වැඩිවෙනවද..?

බොහෝ පුද්ගලයින් සිතනවා ප්‍රමාද වී ආහාර ගැනීමෙන් ඔවුන්ගේ ශරීරයේ බර වැඩි වෙනවා කියා. ඇත්තටම එසේ සිදු වනවා ද? අද ලිපිය මගින් රාත්‍රී ආහාරය සහ බර වැඩි වීම සම්බන්ධයෙන් ඔබට වැදගත් කරුණු කියන්න සිතුවා...
Children calling out and getting out of bed
   7,686
   52

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක

Latest Articles

Most Viwed