සතුටු හෝමෝනය ස්වභාවිකව වැඩි කරගන්න මොනාද කරන්න පුලුවන්

September 8, 2021
6,056
How to boost endorphins naturally
එන්ඩොර්ෆින් (Endorphins) සතුටු හෝමෝනය ලෙසටයි හඳුන්වනු ලබන්නේ.. එමගින් අප සිත් තුල නිරන්තරව හොඳ හැඟීම් ජනිතවන අතර වේදනාව සහ ආතතිය පාලනය කරමින් ධනාත්මක හැඟීම් වර්ධනය සඳහා උපකාරි වනවා. ඊට අමතරව කාංසාව, මානසික අවපීඩනය සහ වෙනත් මනෝභාවයන් කළමනාකරණය කිරීමට සහ අඩු කිරීමට උපකාරි වන විශිෂ්ඨ සංසිද්ධියකි..

දැන් ඔබටත් ගැටළුවක් ඇති කෙසේද මේ සතුටු හෝමෝනය ඔබතුල වර්ධනය කරගන්නේ කියා.. ඇත්තටම මෙය උත්පාදනය වන්නේ කෙසේද? එය ස්වභාවිකවම වර්ධනය සඳහා ඔබ කුමක් කල යුතුද..? ඒ සඳහා ඔබට ඉතා සරළ පියවරයන් කිහිපයක් අනුගමනය කරන ලෙසට ප්‍රවීණයන් උපදෙස් ලබාදෙන අතර ඉනුත් ඇවිදීම හෝ ඩාර්ක් චොකලට් ආහාරයට ගැනීම වැනි දෑ ඔබ දැනටමත් දන්නවා ඇති.. එසේනම් මෙන්න ස්වභාවිකවම ශරීරයේ එන්ඩොර්ෆින් ඉහළ නැංවීම සඳහා ඔබට කළ හැකි සරළ ක්‍රියාකාරකම් 8ක්..

නිතිපතා ව්‍යායාමයේ නිරතවන්න
වේගවත් ශාරිරික ව්‍යායාමයකින් (දිවීම හෝ වෙනත් ව්‍යායාමයක්) පසුව ඔබගේ සිරැරේ වෙනස්කම් රාශියක් සිදුවනවා.. ආශ්වාස ප්‍රාශ්වාසය වේගවත් වීම, හෘද සඵන්දනය වේගවත් වීම සිදුවන අතර මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා රුධිරය පොම්ප කිරීම වේගවත් වනවා.. එමගින් එන්ඩොර්ෆින් හෝමෝනය උත්පාදනය වේගවත් වීම සිදුවන අතර එය චිත්තවේගී ආතතිය අඩු කිරීමට, ස්වාභාවික ප්‍රති-ගිනි අවුලුවන ක්‍රියාවක් ලෙස ක්‍රියා කිරීමට, වේදනාව සමනය කිරීමට සහ හොඳ හැඟීමක් ඇති කිරීමට උපකාරී වනවා.


සිනහවන්න
සිනහව සෑම ලෙඩකටම ඇති හොඳම බෙහෙත බවට පුරාණ කියමනක් ඔබත් අසා ඇති.. ඇත්ත වශයෙන්ම සිනහවීමේන් එන්ඩොර්ෆින් ශ්‍රාවයවීම ප්‍රවර්ධනය වන අතර එමගින් ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් ආග්‍රාණය කරගන්නා අතර පෙණහලු, හෘදවස්තුව සහ මාංශ පේශීන් ක්‍රියාකාරිත්වය වේගවත් වීම සිදුවනවා.. එමෙන්ම සිරැරට ක්ෂණික උත්තේජනයක්ද ලැබෙනවා.

ලිංගික ක්‍රියාකාරකම් හි නිරත වන්න
ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම් මෙන්ම සක්‍රිය ලෙස ලිංගික ජීවිතයක් ගත කිරීමද එන්ඩොර්ෆින් ස්වාභාවිකව ඉහළ නැංවීම සඳහා හේතු වනවා. ලිංගික ක්‍රියාකාරකම් සහ ශාරීරික සමීපභාවය බොහෝ විට ස්වාභාවික වේදනා නාශක ලෙස සලකනු ලබන අතර එමඟින් මනෝභාවයන් ඉහළ නංවා ගැනීමට, සැහැල්ලු වීම සහ සමීපභාවය වර්ධනය වීමට හේතුවනවා.

කටු චික්ත්සාව සඳහා යොමුවීම
පුරාතනයේ සිට යම් යම් නිධන්ගත වේදනා සමනය කිරීමේ සිට සාමාන්‍ය සෙම්ප්‍රතික්ශා සහ ආසාත්මිකතා වැනි රෝග සඳහා පිළියම් කිරීමට කටු චිකිත්සාව භාවිතා කර තිබෙනවා.. නවතම අධ්‍යනයන්ට අනුව මෙම තුනී ඉදිකටු චිකිත්සක ක්‍රමය එන්ඩොර්ෆින් ශ්‍රාවය වේගවත් කල හැකි බවට තහවුරු කොටගෙන තිබෙනවා. එමගින් මානසික ආතතිය අඩුකරවන අතර යහපත් හැඟීම් වර්ධනය සඳහා ඉවහල් වන බව පැවසෙනවා.

සංගීතයට සවන් දීම
සංගීතයට ඇත්ත වශයෙන්ම ඔබ සතුටට පත්කල හැකියි. ඔබ ප්‍රියකරන සංගීතයට සවන් දෙන විට ඔබගේ චිත්තවේගී වේදනා සමනය වන අතර ප්‍රීතිමත් සිතිවිලි වර්ධනය වීම සිදුවේ.. එසේ වන්නේ සංගීතයට සවන් දෙනවිට එන්ඩොර්ෆින් ශ්‍රාවය වේගවත් වීමෙනි.. සංගීතයට සවන් දීමට අමතරව ගායනය, නර්ථනය සහ බෙර වාදනය වැනි සංගීතයට සම්බන්ධ නිර්මාණාත්මක දෑහි නිරත වීමටත් ඔබට හැකියි. ඔබගේ ප්‍රියතම සංගීතයට සවන් දෙමින් නර්ථනයේ යෙදී බලන්න.. වෙනස ඔබව පුදුම කරාවි.

ලැවෙන්ඩර් සුවඳ ආඝ්‍රානය කිරීම
මානසික ආත්තිය සහ අධික හිසරදයෙන් මිදීම, නින්ද නොයෑම සඳහා ප්‍රථිකාරයක් ලෙස ලැවෙන්ඩර් තෙල් ඉතා ප්‍රචලිතයි.. එමෙන්ම ලැවෙන්ඩර් තෙල් ආඝ්‍රානය කිරීමෙන් සිරැරේ එන්ඩොර්ෆින් හෝමෝන ක්‍රියාකාරිත්වය වේගවත් කිරීමට උපකාරි වනවා. එමගින් මනස සහ ශරීරය සන්සුන් වීම සිදුවනවා.

සම්භාහනය
සම්භාහනය මගින් සිරැර උත්තේජනය වන අතර රුධිර සංසරණය වේගවත් වී එන්ඩොර්ෆින් නිපදවීම වැඩි කරනු ලබනවා.. සම්බාහන ප්‍රතිකාර මගින් ආතතිය දුරු කිරීම සහ නිදන්ගත වේදනාව සමනය (chronic pain) සහ අධික විඩාව ඇතුළු රෝග ලක්ශණ පාලනය සිදුවනවා.

ඩාර්ක් චොකලට් ආහාරයට ගැනීම
ඩාර්ක් චොකලට් වල අඩංගු විශේෂ සංඝටක මගින් මොළය ක්‍රියාකාරිත්වය වේගවත් කරන අතර එන්ඩොර්ෆින් වැනි හෝමෝනයන් ශ්‍රාවය වේගවත් කරනු ලබනවා.. දෛනිකව ඩාර්ක් චොකලට් ආහාරයට ගැනීමෙන් ඔබට නිරතුරුව හොඳ හැඟීමකින් යුක්තව සහ ප්‍රීතියෙන් කටයුතු කල හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,385
   67

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,294
   40

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,825
   26

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Weralu benefits
   23,357
   23

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…

Latest Articles

Most Viwed