විටමින් D ඔබේ බඩවැල් සඳහා ඇතිකරන බලපෑම

September 27, 2021
5,661
Effect vitamin D has on your gut
විටමින් D ප්‍රමානවත් පරිදි ලැබීම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වීමටත් අස්ථි ශක්තිමත් කිරීමටත් උපකාරි වන බව අප සැවොම දන්නා කාරණයක්.. එමෙන්ම විටමින් D ප්‍රමානවත් පරිදි ලැබීම මානසික සෞඛ්‍යය ඉහළ නැංවීමටද හේතුවනවා.. එමෙන්ම මෑතකදී කරන ලද පරීක්ෂණයන් මගින් විටමින් D බඩවැල් ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම පහළ දැමීමටත්, මුත්‍රාශයේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමටත් මෙන්ම මේ දිනවල පැතිර යන කොවිඩ් 19 රෝගයේ ලක්ෂණ ඇතිවීමේ අවධානම අඩුකිරීමටත් උපකාරි වන බවයි.

විශේෂයෙන් ඔබගේ බඩවැලෙහි නිසි ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයක් පැවතීම සෞඛ්‍ය සම්පන්න කායික ක්‍රියාකාරකම් සඳහා වැදගත් වනවා. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට මනාව පවත්වා ගැනීමටත් විවිධා ආසාදන වලින් ආරක්ශා වීමටත් එම බඩවැල් ආශ්‍රිත මයික්‍රෝබයෝටා ක්‍රියාකාරිත්වය උපකාරි වනවා. නීරෝගි බඩවැල් ක්‍රියාකාරිත්වයක් පැවතීම මගින් මොළයේ ස්නායු ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ වෙමින් මනා ශරීර සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගැනීමට හේතුවනවා.

Frontiers of Immunology නමැති ජර්නලයට අනුව ක්ෂුද්‍ර ජීවීන් සහ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් ඇති අතර විටමින් ඩී පරිභෝජනය මෙම ක්‍රියාකාරකම් දෙක එකිනෙකට සම්බන්ධ කරන ප්‍රධාන සාධකය බවට හඳුන්වාදී ඇත. විශේෂයෙන් බඩවැල් ආශ්‍රිත inflammatory bowel disease නම් රෝග ඇති පුද්ගලයන් සඳහා එය වඩාත් වැදගත් වී තිබෙනවා.

දිනකට අවශ්‍ය විටමින් D ප්‍රමාණය

උපතේ සිට මාස 12 ක් දක්වා - 400 IU
අවුරුදු 1 සිට අවුරුදු 13 දක්වා - 600 IU
අවුරුදු 14 සිට අවුරුදු 18 දක්වා - 600 IU
අවුරුදු 19 සිට අවුරුදු 70 දක්වා - 600 IU
අවුරුදු 71 සිට ඉහළට - 800 IU
ගර්භනී සහ කිරිදෙන මවුවරු - 600 IU

ඔබට ස්වභාවිකව විටමින් D ලබාගත හැකි පහසු ක්‍රමය වන්නේ සතියකට කිහිපවරක් විනාඩි 5ත් විනාඩි 30ත් අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීමයි. ඊට අමතරව විටමින් D අඩංගු ආහාර (තෙල් සහිත මාලු, බිත්තර කහමද, රතු පැහැ මස්, හරක් මස් සහ මාලු පීකුදු) පරිභෝජනය කිරීමත් ඔබට විටමින් ලබාගැනීමට හැකි ක්‍රමයන් ලෙස දැක්විය හැකියි.එමෙන්ම විටමින් D අධික ලෙස ලැබීමෙන් hypercalcemia නමැති අතුරු ආබාධ තත්ත්වය ඇතිවිය හැකියි. ඔබට ලැබෙන ස්වභාවික විටමින් D ප්‍රමාණය ප්‍රමාණවත් වනවාද සහ ඔබට විටමින් D අතිරේකයක් අවශ්‍ය වනවාද සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමත් ඔබට කළ හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2070 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:21:40 AM
Script:/article/2070/effect-vitamin-d-has-on-your-gut.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:21:40 AM
Script:/article/2070/effect-vitamin-d-has-on-your-gut.html