නිවසේ සිට වැඩකිරීමේ ආතතිය වළක්වා ගන්නේ කෙසේද..?

October 21, 2021
4,683
How to prevent work from home stress
කොවිඩ් 19 වසංගතය නිසා වසර දෙකකට ආසන්න කාලයක් අපගේ ජිවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස්වීම් වලට භාජනය වෙලා.. දරුවන් නිවසට කොටුවෙලා; නිවසේ සිට රැකියාවේ නිරතවන නිසා සමාජීය ආශ්‍රයෙන් ඈත්වෙලා.. ඇත්තටම මෙම අන්තර් සමාජීය ක්‍රියාවන්ගෙන් ඈත්වීම සහ දෛනික රාජකාරි තුළ ඇතිව තිබෙන වෙනස් කම් සහ නිශ්චිත පිළිවෙලක් නොමැතිවීම ශාරිරික සහ මානසික සෞඛ්‍යය කෙරෙහි පමණක් නොව අපගේ පිටස්තර පෙනුම සඳහාද බලපා තිබෙනවා.. අපේ පෙනුම පෙරට වඩා අඳුරු සහ වියළි ස්වභාවයක් ගෙන ඇති..

නිවසේ වැඩකටයුතු වඩාත් පිළිවෙලට සිදුකරමින් නිවසටම කොටුවී සිටීමෙන් ඇතිවන මානසික ආතතිය මගහරවාගන්නේ කෙසේද සහ කාන්තා අපගේ සම වියළි බවෙන් සහ අඳුරුවීමෙන් වළක්වා ගන්නේ කෙසේද කියා ඔබටත් ගැටළුවක් ඇති.. එසේනම් මෙන්න ඒ සඳහා කදිම පියවරයන් කිහිපයක්..

සමබරතාවයක් ගොඩනගා ගන්න
නිවසේ සිට රාජකාරියේ නිරත වීම අපහසුයි.. ඒ සඳහා නිශ්චිත කාල වේලාවක් වෙන්කරගන්න. හැකිනම් රාජකාරි කටයුතුවල නිරතවීමට නිවසේ නිශ්චිත ස්ථානයක් වෙන්කරගන්න.. රාජකාරි වේලාව පෞද්ගලික ජීවිතයේ වේලාව සමග පටලවා නොගෙන කටයුතු කරන්න. පුද්ගලික ශරීර සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන අතරම සම සඳහා සත්කාර ලබාදෙන්න.

දිනපතා ස්නානය
ඔබගේ සමට සහ ඔබගේ මනසට ප්‍රබෝධවත් වීම සඳහා ලබාදිය හැකි හොඳම සත්කාරය ලෙස ස්නානය හැඳින්විය හැකියි. විශේෂයෙන් එමගින් ඔබගේ හානිවී ඇති සම ප්‍රබෝධමත් වනවා. සුදුසු මොයිස්චරයිසින් අඩංගු ආලේපන සහිතව නිදහස් දිගු ස්නානයක් මගින් සමටත් මනසටත් සැහැල්ලුවක් ළඟාකරගත හැකියි. එමෙන්ම ඔබ රැකියාවට යන විට සම පිරිසිදු කරන අතර සමේ ආරක්ශාවට විව්ධ ආලේපන භාවිතා කරනවා.. නමුත් නිවසේ සිටින විට ඒ සියල්ල මගහැරී ඇති.. ඔබ නිවසේ සිට රාජකාරි කලත් සම සඳහා සිදුකල සත්කාරයන් ඒ ආකාරයෙන්ම සිදු කරන්න.

ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න
ජලය ජීවය ලෙස නැතිනම් අමෘතය ලෙස හඳුන්වන්නේ එමගින් සජලනය ලබාදෙන නිසයි.. නමුත් ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීමෙන් සිරැර විජලනය වන අතර එවිට ආතති හෝමෝන මට්ටම (cortisol hormone) ඉහළ නැංවෙනවා.. බොහෝවිට මානසික ආතති තත්ත්වයන් ඇතිවීමට එය හේතු වනවා.. මෙය වළකා ගත හැකි ක්‍රමය වන්නේ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමයි.

ව්‍යායාම් හෝ යෝග අභ්‍යාසයන්හි නිරත වීම
ක්‍රියාශීලිවීම ආතතිය වළක්වා ගැනීමට ඇති සාර්ථකම පිළියමයි. කාර්‍යබහුල දිනක අවසානයේ හෝ දවස අතරතුර සිරැර ලිහිල් කරවන ව්‍යායාමයක නිරත වීම, නැටුම් /යෝග අභ්‍යාසයක නිරත විම මගින් ශරීරයට සහ මනසට ඉක්මන් සහනයක් ගෙන දෙනවා. එපමණක් නොවේ, එය ක්‍රියාශීලීව සිටීමට සහ ඔබේ වැඩ කෙරෙහි අවධානය වඩා හොඳින් යොමු කිරීමට ද උපකාරී වන අතර සෑම පැයකටම වරක් කෙටි විවේකයක් ගැනීම සුදුසු වනවා.

විවේකයක් ලබාගන්න
දිගින් දිගටම නිවසටම කොටුවී රාජකාරිවල නිරත විමත් නිවසේ කටයුතුවල නිරත වීමත් ඔබව ශාරිරිකවත් මානසිකවත් වෙහෙසට පත් කරන්නක්.. එමනිසා හැකිනම් දිනක හෝ විවේකයක් ලබාගන්න.. ඔබට සතුටු කරන ක්‍රියාවන්හි නිරත වන්න.. නිවාඩු සඳහා පිටතට යාම මෙම ලොක්ඩවුන් සමයේ කළ නොහැකි වුවත් ඔබට නිවසේ සිට විවේකයෙන් සිටීමට හැකි ක්‍රමයන් අත් හදා බලන්න.. ඔබ ප්‍රියකරන කෑමක් රසවිදීමට හෝ රෙසිපියක් අත් හදා බැලීම, ප්‍රියතම චිත්‍රපටයක් නැරඹීම හෝ පවුලේ සියලු දෙනා එක්ව බාබකියු සාදයක් හෝ පැදුරු සාජ්ජයක් දැමීම වැනි දෑ ක්‍රියාත්මක කිරීමට ඔබටත් පුළුවන්..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,058
   71

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,780
   28

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,272
   26

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed