Deodorant ද සහ Antiperspirant ද හොඳ?

October 22, 2021
18,836
What is better between Deodorant and Antiperspirant?
අප බොහෝදෙනා දහදිය දුගඳ වළක්වා ගැනීමට Deodorant භාවිතා කරනවා.. සමහරු දහදිය දුගඳ වළක්වා ගැනීම සඳහා Antiperspirant භාවිතා කරනවා.. මේ එක් එක් ක්‍රමය පිළිබඳ විවිධ මත සමාජයේ තිබෙනවා.. එමනිසා හැඩකාරි අපි Deodorant සහ Antiperspirant වල වෙනස්කම් සහ දහදිය දුගඳ වළක්වා ගැනීමට හැකි වඩා සාර්ථක ක්‍රමය කුමක්දැයි යන්න පිළිබඳව චර්ම රෝග විශේෂඥවරුන් දරන මතයන් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට සිතුවා.

ඩියෝඩ්‍රන්ට් යනු මොනවාද..?

නමේ සඳහන් ආකාරයටම ඩියෝඩ්‍රන්ට් මගින් දහදිය දුගඳින් සම ආරක්ෂා කරනවා.. ඩියෝඩ්‍රන්ට් මගින් සමේ ආම්ලිකතාව ඉහළ නංවන අතර එමගින් අත් යට ඇති දහදිය දුගඳ ඇතිකරන බැක්ටීරියා විනාශ කරනු ලබනවා. එමෙන්ම ඇතැම් ඩියෝඩ්‍රන්ට් වර්ගවල ඇති සුවඳකාරක බැක්ටීරියා වර්ධනය වැළැක්වීමට උපකාරි නොවන ඒවා ආවරණය පමණක් සිදුකරනවා.. එමෙන්ම ඩියෝඩ්‍රන්ට් මගින් අත් යට වියළීමකින් තොරව සුවඳ පමණක් වහනය සිදුකරනවා.

antiperspirant යනු මොනවාද..?

මෙම විෂබීජනාශක හි අඩංගු aluminum සංඝටක මගින් දහදිය නාල අවහිරකරන අතර දහදිය පාලනය සහ අත් යට සම වියළිව තබාගැනීමට උපකාරි වනවා.. එමෙන්ම antiperspirant මගින් දහදිය ගඳ ඇතිකරන විජබීජ උත්පාදනය අවම කර දහදිය දුගඳ වළක්වා ගනු ලබනවා.

antiperspirant භාවිතය අහිතකරද..?

පියයුරු පිළිකාව සහ ඇල්සයිමර් රෝගය ඇතිවීම සඳහා විෂබීජනාශක / antiperspirant හේතුවන බවට සමාජයේ මිත්‍යාමත පවතින බවට සමේ රෝග විශේෂඥයන් පවසන අතර එසේ වන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් සිදු වී නොමැති අතර antiperspirant හි අඩංගු වන ඇලුමිනියම් සංඝටක සමේ ආරක්ෂාව සඳහා වැදගත් අංගයක් ලෙසට සලකන බවට ඔවුන් පවසනවා..

ඔබ අධික ලෙස දහදිය දැමීම නිසා පීඩා විදිනවා නම් antiperspirant වඩා හොඳ තෝරාගැනීමක් විය හැකියි. නමුත් antiperspirant වල අඩංගු ඇලුමිනියම් සංඝටක නිසා ඇතැම් අවස්ථාවලදී දුර්වල වකුගඩු ක්‍රියාකාරිත්වයක් ඇති පුද්ගලයන් සඳහා antiperspirant නිර්දේශ කරන්නේ නැහැ..


භාවිතයට වඩාත් සුදුසු වන්නේ antiperspirant ද..? deodorant ද..?

ඔබගේ කැමැත්ත සහ අවශ්‍යතාවය මත මෙම වර්ග දෙකෙන් ඔබට සුදුසු නිශ්පාදනයක් තෝරාගත හැකියි.. ඩියෝඩ්‍රන්ට් මගින් දහදිය දුගඳ ආවරණය කරන අතර antiperspirant මගින් දහදිය ඇතිවීම පාලනය කරයි. එසේ නොමැති නම් මෙම වර්ග දෙකෙහිම ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍ය නම් deodorant සහ antiperspirant යන වර්ග දෙක සංයෝජනය කර භාවිතා කල හැකියි. deodorant ආලේප කිරීමට පැය 2 කට හෝ 3කට පෙර antiperspirant ආලේප කිරීම මගින් එහි උපරිම ප්‍රයෝජන ලබාගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2080 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:28:47 PM
Script:/article/2080/what-is-better-between-deodorant-and-antiperspirant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:28:47 PM
Script:/article/2080/what-is-better-between-deodorant-and-antiperspirant.html