බර අඩුකර ගැනීමට සීමාකල යුතු පානයන් මොනවාද?

October 22, 2021
4,992
Drinking habits to lose weight
ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා ආහාර පාලනය සම්බන්ධව දැණුවත් වුවත් බර අඩුකර ගැනීම සඳහා සීමාකල යුතු පාන වර්ග පිළිබඳව එතරම් දැනුවත් බවක් නැහැ..

1. රසගන්වන ලද තේ වර්ග



කිරි සහ සීනි එකතු නොකළ හරිත තේ හෝ බ්ලැක් තේ පානය කිරීම වඩාත් හිතකර වන අතර විවිධ රසයන්ගෙන් යුතු අයිස් තේ වර්ග පානය කිරීම සිරැරේ බර ඉහළ යාමට හේතු වනවා. සාමාන්‍යයෙන් 450mlක පමණ අයිස් තේ බෝතලයක කැලරි 200 සිට 450 දක්වා ප්‍රමාණයක් අඩංගු වනවා. විශේෂයෙන් bubble tea වල සාමාන්‍ය අයිස් තේ පානයන්ට වඩා ඉහළ සීනි සහ කැලරි ප්‍රමානයක් අඩංගු වනවා.

2. රස ගන්වන ලද කෝපි වර්ග



සාමාන්‍යයෙන් කෝපි අලෙවිසැල්තුල ඇති විව්ධ වර්ගයේ කෝපි වර්ගයන් හි කැලරි 390 ක් සහ සීනි ග්‍රෑම් 50ක් පමණ අඩංගු වන බැවින් දිනපතා මෙවැනි කෝපි වර්ග පානය මගින් සිරැරේ බර වැඩිවීමට හේතු විය හැකියි.. එමනිසා හැකි සෑමවිටම අඩු මේද සහිත කිරි සහ සීනි අඩු කෝපි පානය කිරීම වැදගත් වනවා.

3. Enhanced Water



සාමාන්‍ය ජලයේ කැලරි සහ සීනි අඩංගු නොවුණත් වැඩිදියුණු කල ජල (enhanced water) බෝතල් පානය කිරීමේදි සැලකිලිමත් වීම ඉතා වැදගත් වනවා.. මන්දයත් එම වැඩිදියුණු කරන ලද ජල බෝතල් හි ඇතැම් විට සීනි අන්තර්ගත විට හැකියි..

4. පළතුරු යුෂ



පළතුරු යුෂ සෞඛ්‍ය සම්පන්න පානයක් ලෙස සැලකුවත් ඇතැම් අවස්ථාවල ඒවායේ අන්තර්ගත සීනි ශ‍රිරයේ තැන්පත් වීමෙන් බර වැඩිවීම සිදුවන බවට පෝෂණවේදින් සඳහන් කරනවා.

5. ඇල්කොහොල් භාවිතය



ඔබ පානය කරන ඇල්කොහොල් වර්ගය අනුව එක් රැයකට බීම දෙකක් ගැනීමෙන් ඔබේ කැලරි ප්‍රමාණය දිනකට කැලරි 200 සිට 500 දක්වා ප්‍රමාණයකින් ඉහළ යාම සිදුවනවා. ඒ වෙනුවට සැහැල්ලු බීර, ඩ්‍රයි වයින් සතියකට වරක් හෝ දෙවරක් ගන්නා ලෙසට පෝෂණවේදින් උපදෙස් ලබාදෙනවා.

6. ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම



ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම නිතර කුසගිනි දැනීම, ශක්තිය අඩුවීම සහ ව්‍යායා කිරීමේදි අවශ්‍ය ශක්තිය හීන වීමට හේතුවනවා. එමනිසා සෝඩා, ශක්තිජනක බීම, පැණි රස අයිස් තේ, ලෙමනේඩ්, පළතුරු යුෂ වෙනුවට ජලය ආදේශ කරන්න.. එමගින් සිරැරේ අනවශ්‍ය බර අඩුකර ගැනීමට ඔබටත් හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2081 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:49:09 PM
Script:/article/2081/drinking-habits-to-lose-weight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:49:10 PM
Script:/article/2081/drinking-habits-to-lose-weight.html