නිතර කුසගිනි දැනෙන්නේ ඇයි?

November 2, 2021
4,885
Why always hungry?
නිතර නිතර කෑමට දෙයක් වුවමනා වීම එසේත් නොමැති නම් නිතර නිතර කුසගිනි දැනීම බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක්.. විශේෂයෙන් කොවිඩ් 19 වසංගතයත් සමග නිවසට කොටුවී සිටීමත් නිවසේ සිට අධ්‍යාපන සහ රාජකාරිවල යෙදීමත් සමග පෙර හුරුව තිබූ කාලවේලා සියල්ල වෙනස් වි තිබෙනවා.. එක්සත් රාජධානියේ ලිවර්පූල් විශ්ව විද්‍යාලයෙන් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇති ආකාරයට ආහාර සම්බන්ධයෙන් පෙළඹවීම වැඩිවීමත් සහ ආහාර සඳහා පාලනයක් නොමැතිවීමත් වර්ධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කුසගිනි වැඩිවීමට බලපාන හේතු..

විවිධ ඖෂධවර්ග ගැනීම සහ රෝග තත්ත්වයන් කුසගිනි වැඩිවීමට හේතුවිය හැකි අතර ඊට අමතරව ප්‍රෝටීන් හෝ සාමාන්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම වැනි පෝෂණ සාධකද කුසගිනි වැඩිවීමට හේතුවිය හැකියි.

සමබර ආහාර වේලක් නොගැනීම නිතර කුසගිනි ඇතිවීමට හේතුවනවා.. විශේෂයෙන් ඔබගේ ආහාරවේලේ සුදු පාන්, සහල්, රසකැවිලි ආදිය අඩංගු සරල කාබොහයිඩ්‍රෙට් අඩංගු නම් ඒවා ඉක්මනින් ජීර්ණය වන බැවින් ඔබට ඉක්මනින් කුසගිනි දැනීමට ඉඩ තිබෙනවා. පූර්ණ බවක් දැනීමට ඔබට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන්, තන්තු සහ මේදය අඩංගු සමබර ආහාර වේලක් අවශ්‍ය වනවා.

ආහාර වේල් මගහැරීම නිසාද නිතර කුසගිනි දැනීම සිදුවනවා. උදාහරණ ලෙස ඔබ දිවා ආහාරය මගහරිනවා නම් ඔබට රාත්‍රී ආහාර වේල ලංවන විට දැඩි කුසගිනි ස්වභාවයක් දැනෙන අතර එය ආහාර විශාල ප්‍රමාණයක් ගැනීමට පෙළඹීමටද හේතු වනවා.

ඊට අමතරව ඇතැම් පාරිසරික වෙනස්කම්, ඔබගේ දෛනික ක්‍රියාකාරකම් මට්ටම්වල වෙනස්වීම්, ආතතිය හෝ නින්ද නොමැතිකමද අධික කුසගිනි ඇතිවීම කෙරෙහි බලපානු ලබනවා.


නිතර කුසගිනි දැනීම කලබල විය යුතු තත්ත්වයක්ද?

වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොවේ නම් නිතර කුසගිනි දැනීම එතරම සැලකිය යුතු තත්ත්වයක් නොවේ. නමුත් ඔබට එසේ වීමට බලපා ඇති හේතු පිළිබඳ සැලකිලිමත් වීමත් ඔබගේ ජීවන රටාවේ යම් කිසි වෙනස් වීම් ඒ සඳහා බලපා ඇත්දැයි යන්න ඔබ සිතා බැලිය යුතුයි. විශේෂයෙන් පෝෂණවේදියෙකුගෙන් ඔබගේ වර්තමාන ආහාර රටාව සහ ආහාර වේල් පිළිබඳව ඇගයීමක් කිරීම මගින් තෘප්තිමත් ආහාර වේලක් ලබාගන්නෙ කෙසේදැයි දැනගැනීමට හැකියි.

නිතර ඇතිවන කුසගින්න සමග කටයුතු කරන්නේ කෙසේද?

කුසගින්න සමග ගණුදෙනු කල හැකි හොඳම ආකාරය වන්නේ ප්‍රධාන ආහාරවේල් සඳහා සමබර ආහාර වේලක් ලබා ගැනීමයි. විශේෂයෙන් ප්‍රෝටීන්, හිතකර මේදය, තන්තු ආදිය අඩංගු පූර්ණ ආහාර වේලක් මගින් නිතර නිතර කුසගිනි ඇතිවීම පාලනයටද උපකාරි වන අතර ඔබට අවශ්‍ය පූර්ණ පෝශණයද ලබාදෙනවා.

විශේෂයෙන් ඔබගේ කුසයෙන් කුසගිනි සංඥා ලබාදෙනවා නම් ඒවා ගණන් නොගෙන සිටීම නුසුදුසු අතර ඒවා ඔබගේ සිරැරට යම් යම් පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය බවට පළකරනු ලබන සංඥා වියහැකියි.

නමුත් අධික ලෙස ආහාර ගැනීම තරබාරුව වැනි රෝග ඇතිවීම සඳහා හේතුවිය හැකි බැවින් ඔබගේ දෛනික ආහාර වේල් සම්බන්ධයෙන් පෝෂණවේදියෙකුගෙන් පෝෂණ උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් සහ නුවණැති තීරණයක් වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2084 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:02:53 AM
Script:/article/2084/why-always-hungry.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:02:53 AM
Script:/article/2084/why-always-hungry.html