දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට ගත්තොත් ඔබගේ ශරීරයට අත්වන ප්‍රතිලාභ ගැන ඔබ දන්නවාද?

November 9, 2021
6,775
See what happens to your body if you start eating a cucumber every day
බොහෝ දෙනාට පිපිඤ්ඤා යනු එතරම් රසයක් නොමැති ජලය වැඩිපුර අඩංගු ආහාරයක් පමණයි.. බොහෝ දෙනා එය එළවලුවක් ලෙස සැලකුවත් ඇත්ත වශයෙන්ම පිපිඤ්ඤා යනු පළතුරක් වන අතර ඊට අමතරව එය පෝශණයෙන් පිරී ඇත. මේදය රහිත ඉතා අඩු කැලරි දර්ශකයක් සහිත පිපිඤ්ඤාවල ජලය බහුලව අඩංගු වන බැවින් සිරැර වියළීමෙන් තොරව පවත්වා ගැනීමටත් බර අඩුකර ගැනීමටත් උපකාරි වනවා. එමෙන්ම පිළිකා රෝග, දියවැඩියාව සහ හෘද රෝගවලින් පවා යම් ආරක්ෂාවක් ලබාදීමට එයට හැකියි..

දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට එක්කර ගැනිමෙන් ඔබගේ ශරීරයට ලැබෙන ධනාත්මක ප්‍රතිලාභයන් දැනගැනීමට කියවන්න..

ලෙඩ රෝග වලින් ආරක්ෂාව
ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අඩංගු බැවින් පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඔක්සිකාරක හානි වළක්වා ගත හැකියි. එමෙන්ම දිනපතා ආහාරයට ගැනීමෙන් ප්‍රබල ෆ්ලේවනොයිඩ් සහ ටැනින් ප්‍රභේදය ඉහළ නැංවීම සිදුවනවා. හෘද හා පෙනහළු ගැටළු, පිළිකා සහ ස්වයං ප්‍රතිශක්තිකරණ ආශ්‍රිත රෝග වලින් ආරක්ෂාව සලසනු ලබනවා.

සිරැර සජලීයව තැබීම
දිනකට ජලය වීදුරු 8ක් පානය කල යුතු බව දැන සිටියත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බොහෝ දෙනාට නොහැකි වනවා.. නමුත් ජලය යනු ශාරිරයේ උෂ්ණත්වය නියාමනය, පරිවෘත්තීය ක්‍රියා, භෞතිකක්‍රියා සහ අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී අත්‍යවශ්‍ය ක්‍රියාවලීන් සඳහා බලපානු ලබන ප්‍රධාන සාධකයකි. එමනිසා ජලය පානය කිරීම ගැටළුවක් නම් පිපිඤ්ඤා වැනි ජලය බහුල ආහාර ගැනීමෙන් දෛනික ජල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.. පිපිඤ්ඤාවල 96%ක් පමණ ජලය අන්තර්ගත වනවා. විශේෂයෙන් අධ්‍යනයන් මගින් හෙළිව ඇති ආකාරයට දෛනික ජල අවශ්‍යතාව‍යෙන් 40%ක් පමණ එළවලු සහ පළතුරු ආහාරයට ගැනීමෙන් සපුරා ගත හැකියි.

සිරැරේ බර අඩුකිරීම
පිපිඤ්ඤාවල කැලරි ප්‍රමාණය අඩු වුවත් එහි තන්තු බහුලව අඩංගු වන බැවින් කාබොහයිඩ්‍රේට් ආහාරයට ගැනීමෙන් තොරව ආහාර වේලෙහි පරිපුර්ණ බවක් ගෙන දෙනවා. ඔබ දිනකට මේදය අඩංගු ආහාර නොමැතිව පිපිඤ්ඤා පමණක් ආහාරයට ගන්නේ නම් කැලරි 45ක් පමණ සහ ප්‍රෝටීන්, විටමින් C, විටමින් K, මැග්නීසියම්, පොටෑසියම් සහ මැංගනීස් වැනි අත්‍යවශ්‍ය පෝශ්‍ය පදාර්ථ රාශියක් ලබාගනු ලබනවා. අධ්‍යයනවලින් පෙන්වා දෙන ආකාරයට ජලය බහුලව අඩංගු ආහාර ගැනීම මගින් ශරීර ස්කන්ධය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගත හැකි බවයි.

රුධිරයේ සීනි අඩුකිරීමට සහය වීම
සිරැරේ සීනි මට්ටම පාලනය නොකිරීම දියවැඩියා රෝගය සඳහා හේතුවන අතර දැනටමත් දියවැඩියා රෝගයෙන් පීඩා නොවිදින පුද්ගලයකුට වුවත් දියවැඩියාව ඇතිවීමේ අවධානම ඉහළ නංවනු ලබනවා. පරීක්ෂණ වලින් පෙන්වා දෙන ආකාරයට පිපිඤ්ඤා වලට රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට සහ දියවැඩියාවෙන් ආරක්ෂාවක් ලබාදීමට හැකියාව ලබාදෙනවා.

මලබද්ධය වැළකීම
ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම, ආහාර තෝරා ගැනීමේ ගැටළු, මානසික ආතතිය වැනි කරුණු මලබද්ධය ඇතිවීමට හේතු වනවා.. පිපිඤ්ඤා වල විශේෂ පෙක්ටීන් නම් දියරමය තන්තු අඩංගු වන අතර දිනපතා ආහාරයට ගැනීමෙන් බඩවැල් මාංශ පේශිවල චලනය වේගවත් කරන අතර ආහාර දිරවීමට සහාය වනවා. එමගින් දිනපතා මලපහ පිට කිරීමත් මලපහ මෘදු කිරීමත් සහ, පිටවීමත් පහසු කරනවා.

ලංකාවේ අපට පහසුවෙන් සහ අඩු මිලකට මිලදී ගත හැකි පිපිඤ්ඤා සලාද, යුෂ, ස්මූති හෝ සුප්, ව්‍ය‍යංජන ආදි කිහිප ආකාරයකට ආහාරයට එක්කර ගත හැකියි. දීප්තිමත් සමක් සහ නිසි බර මට්ටමක් තබාගැනීමට උත්සාහ කරන ඔබට පිපිඤ්ඤා යනු ඉතා හොඳ පිළියමක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2087 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:56:31 AM
Script:/article/2087/see-what-happens-to-your-body-if-you-start-eating-a-cucumber-every-day.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:56:32 AM
Script:/article/2087/see-what-happens-to-your-body-if-you-start-eating-a-cucumber-every-day.html