සම වියලීම නතර කරගන්න මේ දේවල් කරන්න ඕනේ

December 15, 2021
19,612
Things you have to do to avoid dry skin
මිනිස් සම බාහිර බලපෑම් වලින් සිරැරට ආරක්ෂාව සපයන බාධකයක් ලෙස ක්‍රියාකරනවා.. සම විජලනය වීම හේතුවෙන් වර්ථමානයේ බොහෝ කාන්තාවන් පීඩා විදින අතර සම විජලනය බොහෝමයක් රූපලාවන්‍ය ගැටළු සඳහාද හේතු වනවා. සමට නිසි තෙතමනයක් නොලැබීම සහ උණුසුම් ජල ස්නානය, ලුණු අධික ආහාර පරිභෝජනය, කොක්ටේල් පානය කිරීම, අධික උණුසුම් පරිසරයක ජීවත් වීම සහ නිසිපරිදි මොයිස්චරයිසින් භාවිතා නොකිරීම වැනි හේතු සම වියළීම සඳහා ඍජුවම බලපානු ලබනවා.

වියළි සම සහ විජලනය වූ සම හදුණාගන්නේ කෙසේද..?


සම වියළීම සිදුවන්නේ සමේ තෙල් උත්පාදනය කරනු ලබන ග්‍රන්ථි අවහිර වීමේන් වන අතර සම විජලනය සිදුවන්නේ සමට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොමැති වීමෙනි. සම වියලීම, සම බාහිර සාධකයන් ට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියාකිරීම කෙරේ බාධා එල්ල කරන අතර එසේ වීමෙන් සමට අවශ්‍ය ජලය සමට අහිමි වීම හේතුවෙන් සම විජලනය විය හැකියි.


සම සජලීයව පවත්වා ගත හැකි ආකාර

ඇල්මැරුණු ජලය ස්නානය


ඔබගෙ සමට සුදුසුම ස්නානය වන්නේ කෙටි, ඇල්මැරුණු ජල ස්නානයකි. එමගින් සමේ තෙතමනය රැකදෙන අතර ස්නානය අතර තුර සම පිරිසිදුකිරීම තෙතමන කාරක අඩංගු බොඩි වොශ් වර්ගයක් තෝරාගත යුතුයි. විශේෂයෙන් hyaluronic acid අඩංගු වනවා නම් එය වඩාත් සුදූසු වනවා.


ස්වභාවික අමුද්‍රව්‍ය සහිත පිරිසිදුකාරක භාවිතය
අධික රසායන ද්‍රව්‍ය සංයුතියකින් යුතු පිරීසිදුකාරක භාවිතයෙන් සමේ ස්වභාවික තෙතමනය සහ තෙල් ඉවත් කරන අතර සමේ පිටත ස්ථරය තුළ කඩතොලු වීම් ඇතිවිය හැකිය. එමනිසා සෑමවිටම මෘදු පිරිසිදුකාරකයක් භාවිතා කරන්න.


අධික ලෙස මුහුණ පිරිසිදු කිරීමෙන් වළකින්න


ඔබ සම අධික ලෙස පිරිසිදු කිරීමෙන් ස්වභාවික ක්ෂුද්‍රජීවී කාරක, ස්වභාවික තෙතමන කාරක ඔබේ සමෙන් ඉවත්වීම සිදුවනවා. එමනිසා උදෑසන සහ රාත්‍රියෙ පමණක් පිරිසිදු කිරීම ප්‍රමාණවත් වනවා.


මොයිස්චරයිසින් ආලේපය
සම පිරිසිදු කිරීමෙන් පසු සම සම්පූර්ණයෙන්ම වියළීමෙන් වළකා තෙත ස්වභාවය මදක් රැදෙන සේ තබාගෙන පසුව සමෙ තෙතමනය ආරක්ෂා කරගැනීම සඳහා මොයිස්චරයිසින් ආලේප කරන්න.. එවිට සමට හොඳින් මොයිස්චරයිසින් උරා ගැනීම සිදුවනවා.


සෑමවිටම sunscreen භාවිතා කරන්න
හිරු එළියේ අඩංගු UV කිරණ මගින් සමට දැඩි හානියක් ගෙන එන අතර සමේහි තෙතමනය ඉවත් කරනු ලබනවා.. එමනිසා හිරු එළියට නිරාවරණය වන සෑම විටම හිරුකිරණ වලින් වන හානියෙන් වැළකීමට හොඳ sunscreen වර්ගයක් භාවිතා කල යුතු වනවා.


රාත්‍රී කාලයේ වඩාත් ඝනකම් මොයිස්චරයිසර් වර්ගයක් භාවිතා කරන්න


පිරිසිදු කිරීමෙන් පසු සජලනය කරන මොයිස්චරයිසර් යෙදීමට අමතරව, රාත්‍රී කාලයේ නින්දට පෙර සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඝනකම් මොයිස්චරයිසර් වර්ගයක් ආලේප කිරීමෙන් නින්දේදි සමේ තෙතමනය ආරක්ෂා වනවා.. විශේෂයෙන් ceramides, squalene, සහ petrolatum අමුද්‍රව්‍ය අඩංගු මෘදුකාරක මොයිස්චරයිසර් වර්ගයක් වඩාත් සුදුසු වනවා.


සතියකට වරක් මැරුණු සෛල ඉවත් කරන්න
සමේ මැරුණු සෛල ඉවත් කිරීමෙන් ඔබ සමෙහි ආලේප කරන මොයිස්චරයිසින් හොඳින් සමට අවශෝශණය කරගැනීම සිදුවනවා. එමනිසා සතියකට වරක් හෝ දෙවරක් සමෙහි මැරුණු සෛල ඉවත් කිරීම සිදුකල යුතුයි..


සම රැකවර්ණයට සුදුසු hydrating sheet mask එකක් භාවිතා කරන්න
සමට වඩා හොඳ තෙතමනයක් ලබාදීමට සතියකට වරක් පමණ mask එකක් භාව්තා කරන්න.. විශේෂයෙන් hyaluronic acid, කෝමාරිකා, හරිත තේ, විටමින් A, E, සහ C සහ ඕට්ස් සාරය වැනි අමුද්‍රව්‍ය අඩංගු වීම වඩාත් සුදුසු වනවා.


makeup කිරීමේදි සමේ තෙතමනය පිළිබඳව සැලකිලිමත් වන්න


ඔබ දිනපතා makeup කරනවා නම් ඒවායේ ඔබගේ සමේ තෙතමනය කෙරෙහි බලපෑම් එල්ලවන අමුද්‍රව්‍ය අඩංගු වනවාදැයි සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් hyaluronic acid, glycerin,සහ squalane වැනි සමෙ තෙතමනය ආරක්ෂාවන අමුද්‍රව්‍ය අඩංගු නිශ්පාදන තෝරාගත යුතුයි.


වැඩිපුර ජලය පානය කරන්න
ඔබේ සමට ඔබේ ආහාර රටාව, ජීවන රටාව, පරිසරය සහ සම රැකවරණයට ඔබ ගන්නා පියවරයන්ද බලපානු ලබනවා.. එමනිසා සිරැර විජලනය වීමේන් වැළකීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කල යුතුයි.


වැඩිපුර ජලය සහ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර තෝරාගන්න


පලතුරු සහ එළවළු ඔබේ සෞඛ්‍යයට පමණක් නොව ඔබේ සමටද එකසේ වැදගත් වනවා.. විශේෂයෙන් ජලය සහ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර ඔබේ සිරුරේ සම්පූර්ණ ජල ප්‍රමාණය වැඩි කරනු ලබනවා. බීට්, නිවිති සහ හතු, කොමඩු, පිපිඤ්ඤ වැනි ආහාර දෛනික ආහාර වේලට වැඩි වශයෙන් එකර ගන්න.


සම විජලනයට බලපාන ආහාර වර්ග සීමා කරන්න


මද්‍යසාර, අධික කෝපි පානය සහ දුර්වල ආහාර රටා, ලුණු සහ සීනි අධික ආහාර සහ පාන වර්ග සම විජලනය කරන අතර තරබාරුව, දියවැඩියාව වැනි රෝග ඇතිවීම කෙරෙහිද බලපෑම් එල්ල කරනු ලබනවා. විශේෂයෙන් සකස් කරන ලද ආහාර, මද්‍යසාර අඩංගු පාන වර්ග, කැෆේන් වැනි දැ සීමා කිරීමට උත්සාහ කරන්න.


සෞඛ්‍ය සම්පන්න මේදය අඩංගු ආහාර ලබාගන්න
සෞඛ්‍ය සම්පන්න මේද සමේ සෛල ගොඩ නැගීමට සහය වන අතර විශේෂයෙන් ඔමේගා-3 මේද අම්ල අඩංගු සැමන් සහ මැකරල් වැනි මාලු වර්ග, ඇට වර්ග, බීජ සහ ඔලිව් තෙල් වැනි දෑ ආහාර වේලට එක්කර ගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2108 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:22:02 PM
Script:/article/2108/things-you-have-to-do-to-avoid-dry-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:22:03 PM
Script:/article/2108/things-you-have-to-do-to-avoid-dry-skin.html