ඔබට කොරෝනා ආසාදනය වුවහොත් ආහාරයට ගත යුත්තේ මොනවාද?

January 5, 2022
8,616
What should you eat if you come down with Coronavirus?
කොරෝනා වසංගතයේ බලපෑම මදක් අඩුව ඇතැයි සිතා සතුටට පත්වන්නට හැකි වාතාවරණයක් මේ වන විට අපට නොමැත.. මන්ද යත් ලංකාව ඇතුලු ලොව පූරා රටවල් රාශියකින්ම තවත් භයානක කොරෝනා ප්‍රභේදයක් බවට ඇතැම් විශේෂඥයන් පවසන ඔම්ක්‍රෝන් ආසාදිතයන් හමුවෙමින් පවතිනවා.. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ අනුගමනය කල යුතු පියවරයන් පිළිබඳව ඔබ මේ වන විටත් දන්නවා ඇති.. එමනිසා හැඩකාරි අප මෙම ලිපිය මගින් යම් හෙයකින් ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් ආහාර පාන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණු ඉදිරිපත් කරනවා.

ඔබගේ ආහාර රුචිය ඔබට ආවේණික විය හැක

කෝරෝනා ආසාදනය වූ පුද්ගලයන් තුල පෙන්නුම් කරන රෝග ලක්ශණ එක් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වෙනස් වනවා. වඩාත් පොදු රෝග ලක්ෂණ ලෙස උණ, වියළි කැස්ස සහ හුස්ම හිරවීම වැනි රෝග ලක්ශණ දැකිය හැකි වුවත් නමුත් සමහර පුද්ගලයින්ට පාචනය, මාංශ පේශි වේදනාව, තෙහෙට්ටුව, හිසරදය, උගුරේ අමාරුව වැනි රෝග ලක්ශණයන්ද ඇතිවිය හැකියි. සාමාන්‍ය උණ තත්ත්වයකදි වුවද බොහෝ පුද්ගලයන් තුල ආහාර අරුචිය ඇතිවන අතර කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් තුල ද ආහාර අරුචිය දැකිය හැකියි.

එමනිසා ඔබට බොහෝ ආහාර කෙරෙහි ප්‍රියතාව‍යක් ඇති නොවනු ඇත.. එමනිසා හැකිනම් ඔබට කොරෝනා ආසාදනය වුවහොත් හෝ ඔබගේ පවුලේ කෙනෙකුට ආසාදනය වුවහොත් ඔබට රුචියක් දැනෙන ආහාර වර්ගයක් පිළියෙල කරගත යුතුයි. ඔබේ රෝග ලක්ෂණ සහ ඒවායේ බරපතලකම අනුව ඔබ කෑමට කැමති දේ සකස් කරගැනීම හෝ වෙනත් අයකු ලවා සකසා ගැනීම කල හැකියි. වඩාත් වැදගත් වන්නේ ඔබ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ පසු නිවසින් පිටතට නොගොස් වෛද්‍ය උපදෙස් අනුව විවේකයෙන් සිටිය යුතුයි.


සජලීව සිටීම ඉතාමත් වැදගත්

අසනීප තත්ත්වයන් තුලදී ජලය පානය කිරීම ඉතාමත් වැදගත් අතර විශේෂයෙන් උණ ඇත්නම් හෝ පාචනය ඇත්නම් එය වඩාත් වැදගත් වනවා.. නැතිනම් ඔබගේ සිරැර විජලනය වීමේ අවධානමක් ඇතිවිය හැකියි. ඔබ හැකිතාක් දියර වර්ග පානය කල යුතු අතර ඒ සඳහා ජලය, සුප් වර්ග, කැඳ, පළතුරු යුෂ, තේ වැනි දෑ එක්කර ගත හැකියි. ඔබට ආහාර ගැනීමේ අපහසුවක් ඇතිනම් සුප් හෝ පළතුරු යුෂ විකල්පයක්ද වනවා.


පෝශණය වැදගත් වනවා මෙන්ම කැලිරිද වැදගත්

ආසාදනයකට එරෙහිව සටන් කිරීමට ඔබගේ සිරැරට ශක්තිය අවශ්‍ය වන අතර ශක්තිය නිපදවීමට ඔබගේ ආහාර වේලේ ප්‍රමාණවත් පරිදි කැලරි අඩංගු විය යුතුයි. ප්‍රෝටීන්, විටමින් A, C, D සහ E සහ සින්ක් ඇතුළු ඇතැම් පෝෂ්‍ය පදාර්ථ ඔබගේ සිරැරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය කෙරෙහි ඉතාමත් වැදගත්. ඔබට ආහාර අරුචියක් ඇත්නම් යෝගට් සහ පළතුරු මිශ්‍ර ස්මූති වර්ගයක් ලබාගැනීමෙන් කැලරි ලබාගත හැකියි. නැතිනම් සෙම්ප්‍රතික්ශාව ඇත්නම් චිකන් සුප්ද හොඳ විකල්පයකි. එමෙන්ම ඔක්කාර තත්ත්වයට ඉඟුරු යොදනු ලද තේ පානය කල හැකියි. ඔබට හැකි තරම් කැලරි සහ ඔබට වඩාත් හොඳ හැගීමක් ලබාදෙන ආහාර ගැනීම මගින් රෝගයෙන් සුව වීමට ඉතා වැදගත් වනවා.


සීමා කල යුතු ආහාර පාන වර්ග

ඇල්කොහොල් සිරැරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බාධා එල්ල කරන බැවින් ඔබට අසනීප බවක් දැනුන විගස ඔබ ඇල්කොහොල් අඩංගු පානයන් නතර කල යුතුයි.. එමෙන්ම ඇල්කොහොල් මගින් සිරැර විජලනය කිරීමද සිදුකරනවා. ගෝවා, කෝලි ෆ්ලවර්,කේල්, බ්‍රොකෝලි වැනි මල් ආහාර, පූර්ණ ධාන්‍ය, බෝංචි වැනි දිරවීමට අපහසු ආහාරයන්ගෙන් වැළකීමද සුදුසු වනවා. උගුර ආසාදනය වී ඇත්නම් කුළුබඩු සහිත ආහාර සහ ඉතා ආම්ලික බවින් යුතු ආහාර වැනි දෑ සීමා කල යුතුයි.


පෙර සූදානම් විය හැක්කෙ කෙසේද..?

ඔබගේ රාජකාරි ස්ථානයෙ හෝ අවට රෝගින් බහුල නම් හෝ සුලු රෝගි තත්ත්වයන් දැනෙන විටම වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, අදාල ඖෂධ, කල්තබා ගත හැකි ආහාර වර්ග, බිස්ක‍ට්, පළතුරු, සුප්, යුෂ වර්ග වැනි දෑ නිවසෙ තබාගත හැකියි. කොරෝනා වෛරසය එක් එක් පුද්ගලයන් සඳහා බලපාන ආකාරය වෙනස් බැවින් එය කල්තබා පුරෝකථනය කිරීම අපහසු තත්ත්වයකි.

රෝගයෙන් ආරක්ෂා වීමට ගත හැකි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීමත්, නිවසින් පිටතට යාමේදි, රාජකාරි ස්ථානයේදි නිසි ප්‍රමිතියෙන් යුතු මුහුණු ආවරණ පැළදීම, නිතර නිතර අත් සේදීම, නිවසේ සහ අවට මතුපිට විෂබීජහරණය කිරීම වැනි දැ සිදුකිරීම් වැදගත් වනවා. එමෙන්ම ඔබගේ සිරැරේ ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන ගැනීමත් ඔබ කල යුතු වනවා..

ඔබගේ නිරන්තර සැලකිලිමත්භාවය ඔබගේත් පවුලේත් ආරක්ෂාව තහවුරු කරන අතර කොරෝනා මර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේද එයයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,251
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,999
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,418
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed