හැඩවැඩ වෙනවානම් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න

April 13, 2017
7,135
Think when you use makeup
කාන්තාවන් බොහෝ දෙනාගේ අත්බෑගය පුංචි රෑපලාවන්යාගාරයක්. රෑපලාවන්ය උපකරණ එකක් හෝ කීපයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මේවා බොහොමයක් භාවිතයට අරන් ටික කලක් ගත වෙලා ඇති. අවුරැද්දට ගෙවල් දොරවල් පිරිසුදු කරනවා වගේ අලුත් ඇදුම් ආයිත්තම් මිලදී ගන්නවා වගේ නරකද ඒ රෑපලාවන්යාගාරයත් පිරිසුදු කරලා අලුත් කරගත්තොත්. එහෙනම් දැන්ම බලන්න අත්බෑගයේ හෝ ඔබේ ගෙදර රෑපලාවන්යට ගන්නා දේවල් කොහොමද කියලා. කොහොමද අලුත් කරගන්න ඕනෑ කියලා.

රෑපලාවන්ය නිෂ්පාදනත් කල් ඉකුත් වෙනවා. ඒවාත් හරියට නඩත්තු කරන්න ඕනෑ. ලිප්ස්ටික්, brush, මස්කාරා ආදිය එක පෙළකට තබන්න. ඊට පස්සේ කල් ඉකත් වුණු වසර දෙකකට වඩැ පැරණි හැමදේම විසි කරන්න.

හැම දෙයකම ගද සුවද බලන්න. පුස් ගදක් වැනි ගදක් දැනෙනවා නම් වහාම ඉවත් කරන්න. ඉතිරිව ඇති දේවල්වල කල් ඉකුත් වන දිනය බලන්න. කල් ඉකුත් වී ඇත්නම් විසි කරන්න.

රෑපලාවන්ය නිෂ්පාදන නිතර භාවිත කරන විට ඒවා ශරීරයේ ස්පර්ශවීමෙන් පිරිසුදු බව අඩුවෙනවා. ඒ වගේම ප්‍රතිඵලදායක බවත් අඩුවෙනවා. කල් ඉකුත් වන දිනයක් සදහන් වුණත් භාවිතා කිරීමේදී ඉක්මනින් ඉවත් කළ යුතු කාලය ළං වෙනවා. ඔබේ රෑපලාවන්ය නිෂ්පාදන විවෘත කළ දා පටන් කල් භාවිත කළ යුතු දින ගණනයි මේ.

මස්කාරා හා ලික්විඩ් අයි ලයිනර් - මාස 3
ලිප්ස්ටික් හා ලිප් ග්ලොස් - අවුරැදු 1
ෆවුන්ඩේෂන් හා කන්සීලර් - අවුරැදු 1
අයිබ්රෝ, ලිප් ලයනර් වැනි පැන්සල් වර්ග - මාස 18
ක්‍රීම්, අයි ෂැඩෝ සහ බ්ලෂ්, බ්රොන්සර් - අවුරැදු 2

උල් කිරීමෙන් පැන්සල් වර්ගවල අපිරිසුදු වීම ඉවත් කළ හැකියි.

brush වර්ග ඇතුළු උපකරණ පිරිසුදුව තබා ගැනීම ඉතාම වැදගත්. වැඩි මිලක් ගෙවා ලබා ගන්නා උපකරණ පිරිසුදුව තබා නොගතහොත් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගත නොහැකියි. මුහුණේ ආසාදන ඇති විය හැකියි.

Brush වර්ග අවම වශයෙන් මාසයකට වරක්වත් පිරිසුදු කළ යුතුයි. Brush පිරිසුදු කරන ද්‍රව්‍යයක් හෝ මෘදු ෂැම්පු වර්ගයක් හෝ යොදා ගත හැකියි. සේදීමේදී brush එක පිරිසුදු වන තුරැ අල්ලේ මදිමින් සෝදන්න. අල්ල මත එහා මෙහා ගෙන යන්න. හොදින් සෝදා ජලය ගසා දමා ඉතිරි ජලය ඉවත් වන ලෙස පහතට හරවා තබන්න. කෙදි විසිරැවා තබන්න. එවිට කෙදි තුළින් හොදින් වාතය ගමන් කර වියළීම හා පිරිසුදු වීම හොදින්ම සිදුවේ.

බ්ලෂ් හා පවුඩර් ගැල්වීමට ගන්නා ස්පොන්ජ් දිනපතාම සේදිය යුතුයි. නැත්නම් ටික දවසකින් ඉවත් කරන්න.

ට්වින්සර් හා පැන්සල් උල් කිරීමට ගන්නා කටර් කොලෝන් ස්වල්පයකින් පිරිසුදු කරන්න.
රෑපලාවන්ය උපකරණ ඇසිරීමේදී හිරැ එළිය නොවැටෙන තැනක අසුරන්න. ඒවා ඇතුළට සුළං නොයන සේ වසා තබන්න.

නිතර නිතර මේකප් කරන යුවතියක් නම් රෑපලාවන්ය ඇසුරැම් කට්ටල දෙකක් භාවිත කිරීම වැදගත්. එකක් නිවසේදී භාවිතයට. අනෙක් කාර්යාලයේදී භාවිත කිරීමට හැකියි.

පාවිච්චි කරන රෑපලාවන්ය උපකරණ, brush හෝ රෑපලාවන්ය නිෂ්පාදන කිසි විටක තවත් අයකු සමග බෙදා හදාගන්න එපා.

හොදම වර්ගයේ රෑපලාවන්ය උපකරණ භාවිතයට ගන්න. විවිධ මිල ගණන් යටතේ බාල වර්ගයේ රෑපලාවන්ය උපකරණ බොහොමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,783
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,708
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Aloe Vera facial treatment
   43,268
   14

සෞඛ්‍ය සම්පන්න, දිදුලන සමක් ඔබගේ හීනයක්ද? නොවරදින සත්කාරයක් කෝමාරිකා ෆේෂල්

ඔබට රූපලාවන්‍යාගාරයට යාමට වෙලාවක් නොමැති නිසා කණස්සල්ලෙන්ද? ඒ නිසාම හැඩකාරි අපි නිවසේදි පහසුවෙන් සෞඛ්‍ය සම්පන්න, දිදුලන සමක් ලබාගැනීමට කෝමාරිකා භාවිතා කරලා කරන්න පුළුවන් සත්කාරයක් පිළිබඳව ඔබට ගෙන එනවා

Latest Articles

Most Viwed