කොමඩු ආහාරයට ගන්න හේතු 7ක්

January 10, 2022
2,227
Seven reasons to eat watermelon
කොමඩු යනු බොහෝ දෙනා රසවිඳින, පිපාසය සංසිඳුවන පලතුරක්. මේ රසවත් පලතුර ඔබ ආහාරයට ගත යුතු හේතු 7ක් මෙන්න.


1. මාංශ පේශී වේදනාව සමනය කිරීම

වෙහෙස මහන්සි වී ව්‍යායාම කිරීමට පෙර කොමඩු යුෂ පානය කිරීමෙන් ක්‍රීඩකයින්ගේ හෘද ස්පන්දන වේගය සහ පසුදින මාංශ පේශි වේදනාව අඩු කිරීමට සහය වන බව අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා.. විශේෂයෙන් කොමඩුවල අන්තර්ගත L-citrulline නම් ඇමයිනෝ අම්ලය සිරැර තුළදි L-arginine බවට පරිවර්තනය වීමෙන් රුධිර වාහිනී ලිහිල් කිරීමට සහ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරි වනවා..


2. හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරයි

ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයකට අනුව එයට සහභාගි වූ ආර්තවහරණයට මුහුණ දුන් කාන්තාවන් කොමඩු ආශ්‍රයෙන් සකසන ලද අතිරේකයන් ලබාගත් අතර සති 6කට පසුව ඔවුන්ගේ හෘද වාහිනී සෞඛ්‍යය (cardiovascular health) වැඩිදියුණු වී තිබෙනවා. එමෙන්ම මැදිවියේ පසුවන තරබාරු පුද්ගලයන්ගෙ අධි රුධිර පීඩන තත්ත්වයන් පාලනයටද කොමඩු අතිරේක ලබාගැනිමෙන් හැකිව තිබෙනවා.


3. ස්වාභාවික Natural Viagra ලෙසද හඳුන්වනවා

කොමඩු පුරුශයන්ගේ ලිංගික දුර්වලතා මගහැර උත්තේජනයක් ලබාදෙන natural Viagra ලෙසද ක්‍රියා කරනු ලබනවා. ඒත් මේ සඳහා කොමඩු සැළකිය යුතු ප්‍රමාණයක් කන්න ඕනේ. නමුත් කොමඩු මුත්‍රා යෑම වැඩි කරන නිසා පරිස්සමෙන් කන්න..


4. විටමින් සහ ඛනිජ වලින් පොහොසත්ය

විශේෂයෙන් සිරැරේ බර අඩු කර ගැනීමට හැකි අඩු කැලරි දර්ශකයක් සහිත කොමඩු විටමින් සහ ඛනිජ ලවණ රාශියක් සහිත පළතුරකි. 90%කට වඩා ජලය අන්තර්ගත වන අතර දෛනිකව විටමින් A සහ C අගයෙන් තුනෙන් එකක් මෙන්ම පොටෑසියම් මධ්‍යස්ථ ප්‍රමාණයක්ද අඩංගු වනවා.


5. පිළිකා මර්ධනයට සහය වනවා

ශරීරයට අත්‍යවශ්‍ය lycopene නමැති ප්‍රතිඔක්සිකාරකය අඩංගු කොමඩු පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇතිවීම පාලනයට උපකාරි වනවා.. එමෙන්ම පිළිකා සෛල මර්ධනයටද කොමඩු වලින් වැදගත් කාර්‍යයක් ඉටුවන අතර පර්‍යේශකයින් තවමත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පර්‍යේශණ සිදුකරමින් සිටිනවා..


6. ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි

කොමඩු වල ජලය විශාල ප්‍රමාණයක් සහ තන්තු කුඩා ප්‍රමාණයක් අඩංගු වන අතර මේ දෙකම සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණයට අවශ්‍ය වේ.

තන්තු ඔබේ බඩවැල් ක්‍රමවත්ව තබා ගැනීමට උපකාරී වන අතර ජලය ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා අපද්‍රව්‍ය වඩාත් කාර්යක්ෂමව ගෙන යයි.


7. සමේ සෞඛ්‍යයට උපකාරී වේ

කොමඩු වල අඩංගු විටමින් A සහ ​​C සමේ සෞඛ්‍යයට වැදගත් විටමින් දෙකක්.

විටමින් C - අනුභව කරන විට හෝ සම මත ආලේප කරන විට ඔබේ ශරීරය කොලජන් සෑදීමට උපකාරී වේ. ඔබේ සම නම්‍යශීලීව තබා හිසකෙස් ශක්තිමත් කරයි.

එක් සමාලෝචනයකින් පෙනී ගියේ ආහාර හෝ අතිරේකවලින් විටමින් C වැඩි වශයෙන් ගැනීම ඔබේ සම රැළි වැටීම සහ සම වියළීමේ සම්භාවිතාව අඩු කළ හැකි බවයි.
විටමින් A නිරෝගී සමක් සඳහා ද වැදගත් වේ. මන්ද එය සමේ සෛල සෑදීමට සහ අලුත්වැඩියා කිරීමට උපකාරී වන නිසා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Dress patterns for flower prints
   52,252
   20

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Changes in your body if you consume cod-liver oil daily
   83,600
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Milk Toffee Recipe
   112,553
   15

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed