ඔබගේ ජංගම දුරකතනය සෑම දිනකම පිරිසිදු කල යුතු ආකාරය

January 11, 2022
7,599
How you should clean your cell phone every day
කොරෝනා වසංගතයත් සමග විෂබීජ පිළිබඳව සමාජයේ බොහෝ දෙනා අතර භීතිකාවක් පවතින අතර එම නිසා විශේෂයෙන් නිවසින් පිටතට ගොස් පැමිණි විගස ඇඳුම් පැළඳුම්, මෝටර් රථ යතුරු සහ ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියල්ල විෂබීජහරණය කිරීමට අප පුරුදු වී සිටිනවා.. නමුත් ඔබ හොඳින් කල්පනා කර බැලුවොත් නිතර විෂබීජ වලට නිරාවරනය වන ඔබගේ ජංගම දුරකතනය එසේ පිරිසිදු නොකරන බව ඔබට පෙනේවි..

නිවසින් පිටතදී සහ නිවසේදි වුවත් නිතර නිතර අප ජංගම දුරකතනය පරිහරණය කරන අතර එහි විෂබීජ රැදීමේ ප්‍රවණතාවයද ඉතා වැඩියි.. එමනිසා ඔබ එය දිනපතා පිරිසිදු කල යුතුයි.

ඔබගේ ජංගම දුරකථනය පිරිසිදු කරන්නේ කෙසේද?

ඔබ සතුව කුමන ආකාරයේ දුරකථනයක් තිබේද යන්න මත පදනම්ව ඔබට ජංගම දුරකතනය පිරිසිදු කළ හැකි ආකාර කිහිපයක් තිබේ..

ඔබ සතුව ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් තිබේ නම් එයට 70%ක පමණ ප්‍රතිශතයකින් isopropyl alcohol හෝ Clorox Disinfecting අඩංගු විසබිජ නාශක අඩංගු කඩදාසි (wipes) භාවිතයෙන් පිස දැමීමට හැකියි. නමුත් ඕනෑම දුරකතනයකට බිලීච් කිරීම හෝ දියර දැමීම සිදුකිරීමෙන් වැළකිය යුතුයි.

ඔබට පිස දැමීම සඳහා wipes නොමැති නම් ජලය 40%ක් සහ ඇල්කොහොල් 60% ක් අඩංගු මිශ්‍රණයක පොගවාගත් මයික්‍රොෆයිබර් රෙදි කැබැල්ලකින් පිස දැමිය හැකියි.

ඔබ ජංගම දුරකතනයේ තිරයේ ආරක්ෂාවට screen protector යොදා ඇතිනම් ඔබට පිරිසිදුකාරක භාවිතා කර පිස දැමිය හැකියි. නමුත් ඔබ screen protector යොදා නොමැතිනම් විවිධ රසායන භාවිතයෙන් තිරය පිරිසිදු කිරීමට යාමෙන් වැළකිය යුතුයි.. මන්ද ඒවායේ අඩංගු රසායන හේතුවෙන් ජංගම දුරකතනයේ තිරයට හානි සිදුවිය හැකියි.

ජංගම දුරකතන තිරයන්, ලැප්ටොප් සහ පරිඝනක මතුපිට පිරිසිදු කිරීමට විශේෂයෙන් සකසා ඇති තෙතමනය සහිත තුවා (pre-moistened towelettes) භාවිත‍යෙන්ද ඔබට ජංගම දුරකතනය පිරිසිදුකරගත හැකියි.

වඩා වැදගත් වන්නේ ඔබගේ ආරක්ෂාවයි. එමනිසා ඔබ සමග නිරන්තරව ගැවසෙන ඔබගේ ජංගම දුරකතනය විෂබීජහරණය කිරීමට සෑම දිනකම මිනිත්තු කිහිපයක් වෙන් කිරීමෙන් ඔබගේත් පවුලේ අයගේත් ආරක්ෂාව තහවුරු කරගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   71,408
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,386
   19

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed