ඔබගේ ජංගම දුරකතනය සෑම දිනකම පිරිසිදු කල යුතු ආකාරය

January 11, 2022
6,290
How you should clean your cell phone every day
කොරෝනා වසංගතයත් සමග විෂබීජ පිළිබඳව සමාජයේ බොහෝ දෙනා අතර භීතිකාවක් පවතින අතර එම නිසා විශේෂයෙන් නිවසින් පිටතට ගොස් පැමිණි විගස ඇඳුම් පැළඳුම්, මෝටර් රථ යතුරු සහ ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියල්ල විෂබීජහරණය කිරීමට අප පුරුදු වී සිටිනවා.. නමුත් ඔබ හොඳින් කල්පනා කර බැලුවොත් නිතර විෂබීජ වලට නිරාවරනය වන ඔබගේ ජංගම දුරකතනය එසේ පිරිසිදු නොකරන බව ඔබට පෙනේවි..

නිවසින් පිටතදී සහ නිවසේදි වුවත් නිතර නිතර අප ජංගම දුරකතනය පරිහරණය කරන අතර එහි විෂබීජ රැදීමේ ප්‍රවණතාවයද ඉතා වැඩියි.. එමනිසා ඔබ එය දිනපතා පිරිසිදු කල යුතුයි.

ඔබගේ ජංගම දුරකථනය පිරිසිදු කරන්නේ කෙසේද?

ඔබ සතුව කුමන ආකාරයේ දුරකථනයක් තිබේද යන්න මත පදනම්ව ඔබට ජංගම දුරකතනය පිරිසිදු කළ හැකි ආකාර කිහිපයක් තිබේ..

ඔබ සතුව ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් තිබේ නම් එයට 70%ක පමණ ප්‍රතිශතයකින් isopropyl alcohol හෝ Clorox Disinfecting අඩංගු විසබිජ නාශක අඩංගු කඩදාසි (wipes) භාවිතයෙන් පිස දැමීමට හැකියි. නමුත් ඕනෑම දුරකතනයකට බිලීච් කිරීම හෝ දියර දැමීම සිදුකිරීමෙන් වැළකිය යුතුයි.

ඔබට පිස දැමීම සඳහා wipes නොමැති නම් ජලය 40%ක් සහ ඇල්කොහොල් 60% ක් අඩංගු මිශ්‍රණයක පොගවාගත් මයික්‍රොෆයිබර් රෙදි කැබැල්ලකින් පිස දැමිය හැකියි.

ඔබ ජංගම දුරකතනයේ තිරයේ ආරක්ෂාවට screen protector යොදා ඇතිනම් ඔබට පිරිසිදුකාරක භාවිතා කර පිස දැමිය හැකියි. නමුත් ඔබ screen protector යොදා නොමැතිනම් විවිධ රසායන භාවිතයෙන් තිරය පිරිසිදු කිරීමට යාමෙන් වැළකිය යුතුයි.. මන්ද ඒවායේ අඩංගු රසායන හේතුවෙන් ජංගම දුරකතනයේ තිරයට හානි සිදුවිය හැකියි.

ජංගම දුරකතන තිරයන්, ලැප්ටොප් සහ පරිඝනක මතුපිට පිරිසිදු කිරීමට විශේෂයෙන් සකසා ඇති තෙතමනය සහිත තුවා (pre-moistened towelettes) භාවිත‍යෙන්ද ඔබට ජංගම දුරකතනය පිරිසිදුකරගත හැකියි.

වඩා වැදගත් වන්නේ ඔබගේ ආරක්ෂාවයි. එමනිසා ඔබ සමග නිරන්තරව ගැවසෙන ඔබගේ ජංගම දුරකතනය විෂබීජහරණය කිරීමට සෑම දිනකම මිනිත්තු කිහිපයක් වෙන් කිරීමෙන් ඔබගේත් පවුලේ අයගේත් ආරක්ෂාව තහවුරු කරගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2122 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:06:15 AM
Script:/article/2122/how-you-should-clean-your-cell-phone-every-day.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:06:16 AM
Script:/article/2122/how-you-should-clean-your-cell-phone-every-day.html