ලොකුවට හිතන්න ඕනේ නැති හිසකෙස් වර්ධනයට වැදගත් ආහාර වර්ග

February 21, 2022
6,832
Perfect food for hair growth
හිසකෙස් සම්බන්ධයෙන් නොයෙකුත් ගැටළු කාන්තා අපට තිබෙනවා.. හිසකෙස් පැළීම, ගැළවීම, අධික ලෙස වියළීම හෝ අකලට හිසකෙස් පැසීම වැනි නොයෙකුත් ගැටළු ඒ අතර වනවා. විශේෂඥයන්ට අනුව අධික රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර, රසායන ද්‍රව්‍ය අඩංගු කේශාලේපන, ශැම්පු සහ වර්ණ කිරීම් වැනි දෑ මෙන්ම ඔබගේ වයස සහ විවිධ ජානමය හේතූන් ඒ සඳහා බලපානු ලබනවා.

හිසකෙස් රැකවරණයට වගේම අකලට වයසට යාම වළක්වා ගන්නත් දෛනික ව්‍යායාම් සහ සමබර ආහාර වේලක් අත්‍යවශ්‍ය වෙනවා.. ඔබේ ශරීරයට නිසි පෝෂණයක් ලැබෙනවාද යන්න පිළිබඳව ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා හිස්කෙස් සඳහා වැඩි පෝෂණයක් ලබාදෙන ආහාර වර්ග ඔබගේ දෛනික ආහාර වේලට එක්කර ගත යුතුයි. මේ ආහාර වලින් කිහිපයක් හරි සොයාගන්න එක අපහසු කාරණයක් නෙවෙයි. ඉතින් බලමු ඒ මොනවද කියලා..

බිත්තර
කෙරටින් නමැති ප්‍රෝටීනය අපගේ හිසකෙස්වල අත්‍යවශ්‍ය පෝශකයක්.. ඒ වගේම බිත්තර යනු ප්‍රමුඛ පෙළේ කෙරටින් ලබාගත හැකි ප්‍රභවයක් .කෙරටින් වලට අමතරව බයෝටින්, සින්ක් සහ සෙලේනියම් වැනි පෝශ්‍ය පදාර්ථ රාශියක් බිත්තරවල අඩංගු වනවා.. විශේෂයෙන් බයොටීන් යනු ඔබගේ හිසකෙස් සඳහ ඉතාමත් හොඳ පෝශ්‍ය පදාර්ථයකි.. එමනිසා නිරෝගි කෙස්කළඹක් සඳහා දිනකට එක් බිත්තරයක් හෝ ආහාර වේලට එක්කර ගැනීමට උත්සාහ කරන්න.

පොත්ත සහිත මුහුදු මාළු (Shellfish)
විශේෂයෙන් ඉස්සන් සහ පොකිරිස්සන් වැනි මුහුදු මාළු වර්ග ආහාරයට ගැනීමෙන් ඔමේගා-3 මේද අම්ල සහ විටමින් D3 බහුලව ලබාගත හැකියි.

මාළු
මාළුවල බහුලව අඩංගු වන ඔමෙගා - 3 මේද අම්ල ඔබගේ හිසකෙස් නැවත ඇතිවීම කෙරේ උපකාරි වන අතර සැමන්, හුරුල්ලන්, සාඩින් ,ටූනා වැනි මාලු වර්ගවල ඔමෙගා - 3 මේද අම්ල අඩංගු වනවා..

නිවිති
ෆෝලේට්, යකඩ, මෙන්ම විටමින් A සහ C වලින් නිවිති පිරී ඇති අතර යකඩ ඌනතාවය නිසා හිසකෙස් ගැලවී යාමෙන් පීඩා විදින ඔබට නිවිති ආහාරයට ගැනීමෙන් ඔබගේ ආහාරවේලේ ඇති යකඩ අවශෝශනය වේගවත් කරනු ලබනවා. ඔබ නිවිතිවල රසයට අකමැති නම් එය සලාදවලට, ස්මූතිවලට, එළවලුවලට හෝ සුප් වැනිදෑ සමග එක්කර ආහාරයට ගැනීමට පුළුවන්.

බතල
ප්‍රබල බීටා කැරොටින් ප්‍රභවයක් වන බතල ආහාරයට ගැනීමෙන් සිරැරට ලැබෙන විටමින් A මගින් සිරැරේ sebum නිපදවීම වේගවත් කරනු ලබනවා. එමගින් කෙස් කළඹ හානිවලින් ආරක්ෂා කර නිරෝගී සහ ශක්තිමත් බවක් කෙස් කළඹට ගෙන දෙනවා.

අලිගැටපේර
අලිගැටපේර මගින් සෞඛ්‍ය සම්පන්න මේද සහ විටමින් E ලබාදෙන අතර හිස්කබලේ ආරක්ෂාව තහවුරු කරනවා. අධික හිරු එළිය සහ ක්ලෝරීන් වැනි දෑ මගින් කෙස්වලට වන හානි වලින් ආරක්ෂාව ලබාදීමට ද එය උපකාරි වනවා. එමෙන්ම එහි අඩංගු හිතකර මේදය හිසකෙස් නැවත වර්ධනය කරනු ලබනවා.

ඇට වර්ග
විටමින් A, B සහ E,ඔමේගා-3 මේද අම්ල ඇතුළු බොහෝ විටමින් රටකජු, කජු, ආමන්ඩ්, කජු, හෙසල්නට්, පිස්ටාචියො ආදි බොහෝ ඇට වර්ගවල අඩංගු වනවා. එමෙන්ම එම විටමින් වර්ග නීරෝගි කෙස්කළඹක් සඳහා ඉතා වැදගත් වනවා.

බීජ වර්ග
චියා, බැසිල්, වට්ටක්කා, සුරියකාන්ත, දෙලුම්, හණ වැනි බීජ වර්ග විටමින් E, සින්ක් සහ ඔමේගා-3 මේද අම්ලවල විශිෂ්ඨ ප්‍රභවයන් වන අතර ඒවා නීරෝගි කෙස්කළඹක් සඳහා උපකාරි වනවා.. එමෙන්ම ඔබ සිරැරේ බර වැඩිවීම පිළිබඳව කණස්සල්ලෙන් සිටිනවා නම් මෙම බීජ වර්ග ආහාරයට ගැනීමෙන් නිතර නිතර බඩගිනිවීමද පාලනය කරගන්න ඔබට පුලුවන්.

බෙල් පෙපර්
බෙල් පෙපර් යනු අමුවෙන්, පිස හෝ බැද ආහාරයට ගත හැකි එළවලුවක් ලෙස හදුන්වන්න පුළුවන්. හිසකෙස් වර්ධනයට වැදගත් වන විටමින් C සහ බීටා කැරොටින් වලින් ද එය පොහොසත් වනවා. විටමින් C ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බීටා කැරොටින් විටමින් A බවට පරිවර්තනය වන අතර හිසකෙස් සහ අක්ශි සෞඛ්‍යය ඉහළ නැංවීමට දායක වනවා.

මස් වර්ග
ප්‍රෝටීන් වලින් පොහොසත් මස් වර්ග ආහාරයට ගැනීම හිසකෙස් වර්ධනය සඳහා වැදගත් වනවා. නමුත් සකස්කල සහ සංතෘප්ත මේදය අඩංගුවන මස් වර්ග සීමා කිරීම කල යුතුයි.. මන්ද ඒවා බොහෝමයක් බඩවැල්වල පිළිකා රෝග ඇතිකිරීම හා සම්බන්ධ වනවා.. එමනිසා හැකි සෑම විටම කාබනිකව ලබාගත් මස් පරිභෝජනය කිරීමට උත්සාහ කරන්න.

රනිල කුලයට අයත් ධාන්‍ය
රනිල කුලයට අයත් ධාන්‍ය සුපි‍රි ආහාර ලෙසටයි පෝශණවේදීන් හදුන්වනේ.. ඒවායේ ප්‍රෝටීන් සහ සින්ක් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර සමස්ථ සෞඛ්‍යය කෙරෙහිම එකලෙස උපකාරි වනවා.. විශේෂයෙන් සින්ක් සහ ප්‍රෝටීන් යනු හිසකෙස් වර්ධනයට ඉතාමත් වැදගත් වන පෝශ්‍ය පදාර්ථයි. කඩල, මුංඇට,කළු බෝංචි, ග්‍රීන් පීස්, වැනි විවිධ ධාන්‍ය වර්ගවල ඒවා බහුල බැවින් නිරෝගි හිස්කබලක් සඳහා ඔබ අනිවාර්‍යෙන් එවැනි ධාන්‍යවර්ග තෝරාගත යුතුයි..

සෝයා බෝංචි
සෝයා බෝංචිවල අඩංගුවන spermidine නමැති පෝශ්‍ය පදාර්ථය කෙස් කළඹේ වර්ධනය වේගවත් කරන අතර ශක්තිමත් කෙස් කළඹක් සඳහාද උපකාරි වනවා. ඒ වගේම සෝයා බෝංචි යනු හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. විශේෂයෙන් ඔබ නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරනවා නම් මස් වර්ග වෙනුවට පහසුවෙන් ඔබට සෝයා බෝංචි ආශ්‍රිතා ආහාර තෝරා ගැනීමට පුළුවන්.

බෙල්ලන්
බෙල්ලන් බොහෝව්ට සුඛෝපභෝගී ආහාරයක් ලෙස සැලකෙන අතර රසයට අමතරව සින්ක් වලින් පොහොසත් ආහාරයකි. සින්ක් හිසකෙස් වර්ධනයට උපකාරී වන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති අතර සින්ක් ඌණතාවය හිසකෙස් වැටීම සඳගා හේතුවනවා.. සින්ක් ඌනතාවය (Zinc deficiency) බොහෝ පුද්ගලයන්ට බලපෑම් එල්ල කරනු ලබනවා. සින්ක් සිරැරට වැඩිපුර ලැබීමෙන් ගැටළු මතුවන බැවින් සින්ක් අතිරේකයක් ලබාගැනීමට වඩා සින්ක් අඩංගු බෙල්ලන් වැනි ආහාර ගැනීම වඩාත් සුදුසු වනවා.

බෙරි වර්ග
බෙරි කුළයේ පළතුරු විටමින් සහ ශරීරයට හිතකර ප්‍රතිඔක්සිකාරක වලින් පිරී පවතින අතර ව්ශේෂයෙන් ශරීරයේ කොලජන් නිපදවීමට උපකාරි වන විටමින් C බහුලව අඩංගු වනවා.. එමගින් හිසකෙස් මුල් ශක්තිමත් කරන අතර හිසකෙස් වැටීම පාලනය කරනු ලබනවා.. ස්ට්‍රෝබෙරි, බ්ලූ බෙරි, රාස්බෙරි, මිදි ආදි විවිධ බෙරි කුලයට අයත් පළතුරු ඔබගේ කැමැත්ත අනුව තෝරාගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   86,981
   40

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 symptoms shows you are pregnant
   39,855
   38

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Benefits of Wood Apple
   5,805
   25

දිවුල් වල නේක් ගුණ

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවේස සිට පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම අපේ ශරීරයේ අනේක රෝග සමනය කරන්න දිවුල් ආහාරයට ගත යුතු ආකාරය දැන ගනිමු
These signs may be saying that you have cholesterol
   36,654
   24

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Dress patterns for flower prints
   56,047
   23

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed