මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරි තරම් වැඩ ගොඩගැහිලද? මේ Time-block ක්‍රමය උත්සහ කරලා බලන්න

February 21, 2022
7,194
Try this to increase productivity
එදිනෙදා ජීවිතයේ අප නොයෙකුත් කා‍ර්‍යයන් හි නිරත වනවා. ඇතැම් විට ඔබට කිරීමට ඇති කා‍ර්‍යයන් ඉටුකිරීමට ඔබගේ දවසත් ප්‍රමාණවත් නොවනවා ඇති.. එසේනම් ඔබගේ දවස ඵලදායීව ගත කරන්නේ කෙසේදැයි ගැටළුවක් ඔබටත් ඇති.. එයට පිළිතුර වන්නේ කාල කළමනාකරණය (Time management) සහ කාලය අවහිර කිරීමයි (Time blocking).

කාල කළමණාකරණය යනු ඔබගේ දිනය ඔබට ඇති කටයුතු සමග කළමණාකරණය කර ගැනීමයි. නමුත් කාලය සීමිතයි. ඔබට ලැබෙන්නේ දිනකට පැය 24ක්, සතියේ දින හතක් සහ වසරකට සති 52ක් පමණයි. නැතිනම් සතියකට පැය 168 ක් සහ වසරකට පැය 8,376 ක් පමණයි. එය එක් එක් පුද්ගලයාට වෙනස් වන්නේ නෑනේ.. හැම කෙනාටම ලැබෙන්නෙ එකම කාලයක්.. එය කෙනාගෙන් කෙනාට අඩු වෙන්නෙවත් වැඩිවෙන්නෙවත් නෑ..

ඉතින් අපි හැමදාම කතා කරන කාල කලමණාකරනයට වැඩිය ප්‍රායෝගික ක්‍රමයක් තමයි කාලය කොටු කරන එක නැතිනම් කාලය බ්ලොක් කරන එක(Time Blocking)..
ටයිම් බ්ලොකින් මගින් කරන්නේ, දවසේ යම් කිසි කාර්යයකට යම් කාල පරාසයක් වෙන් කරන එකයි. එවිට ඔයාට ඔයාගේ සෞඛ්‍යය ගැන රූපය ගැන සැළකිලිමත් වෙන්න වෙලාව වෙන් කරගන්න හෝ ඉතිරි කරගන්න හැකි වෙනවා..

Time Blocking මගින් ඔබේ ඵලදායිතාව ක්ෂණිකව වැඩි කරගන්න ටිප්ස් 10ක් මෙන්න…

1. වේගය අඩු කරන්න


ඔබ දිනක් තුල ප්‍රධාන වශයෙන් ඉටුකල යුතු කාර්‍යයන් 3ක් හඳුණාගන්න.
ඒ එක් එක් කාර්යය කලහැකි වෙලාව ඔබගේ දින දර්ශනයේ / දින පොතේ අදාල ටයිම් බ්ලොක් එකේ සටහන් කරන්න.
එවිට ඔබගේ වේගය අඩුකර එම වේලාව තුල ඒ ඒ ඉලක්කයන් හෝ කාර්යයක් වෙත ඔබගේ අවධානය යොමුකර එය අවසන් කල හැකියි.


2. ශක්තිය හරියට භාවිතා කරන්න


ඔබ ටයිම් බ්ලොක් කරන එක් එක් කාර්යයන් වලට ඔබ යෙදවිය යුතු ශක්තිය සහ ආයාසය හඳුනා ගන්න. ලෙහෙසියෙන් කරන්න පුලුවන් වැඩවලට ලොකු ශක්තියක් සහ ආයාසයක් වැය කරන්න එපා.


3. කාර්යය හරි හැටි හඳුනා ගන්න


කාර්යයන් 10ක් විතර එක වරුවක ගොඩගහගන්නවට වැඩිය වැඩ කිහිපයක් පමණක් එක වරුවකට යොදා ගන්න. එවිට ඔබට ඒ ඒ කාර්යයන් වලට ගැඹුරින් හිත යොමු කරන්න පුලුවන්.


4. ටයිම් බ්ලොකින් කියන්නේ ස්වයං රැකවරණයක්


කාලය අවහිර කිරීම ඔබට ඔබ වෙනුවෙන් කාලය වෙන් කිරීමට ඉඩ සලස්වනවා. ඔයාගේ ශරීර සෞඛ්‍යය, රූපය ගැන හිතන්න වගේම ඔයාට ප්‍රීතිය ගෙන දෙන කාර්යයන් සහ ඉලක්ක කරා යන්න ඔබගේ කාල සටහනේ කාලයක් වෙන් කරගන්න.


5. කාලය වෙන් කිරීම යනු කාර්‍ය‍ය සඳහා කැපවීමකි


යම් කාර්‍යයක් සඳහා ඔබගේ කාලසටහනින් කාලය වෙන්කරනවා කියන්නේ එම කාර්‍යය සඳහා ඔබ කැපවෙනවා කියන එකයි. ඔබ විනෝද ක්‍රියාකාරකමක් සඳහා කාලය වෙන් කළත්, ඉතා වැදගත් කාර්‍ය‍යක් සඳහා වෙන් කළත් සබඳතාවයක් සඳහා වෙන් කරත් එමගින් එම කාර්‍යයට ඔබගේ වන කැපවීම පෙන්නුම් කරනවා. එයින් ඔබ, ඔබ සමඟ සම්බන්ධ වන අයට ලොකු ආදර්ශයක් දෙනවා..


6. ඔයා multi-tasking වෙන්න ඕනේ නෑ


multi-tasking කිව්වම අද ඒක ෆැෂන් එකක් වෙලා. ඒත් ඔබ යම් නිශ්චිත කාර්‍යයක් උදෙසා කාලය වෙන්කළාම එම කාර්‍යය වෙනුවෙන් ඔයාගේ සම්පූර්ණ අවධානය යොමුකරන්න පුලුවන්. ඒ වේලාව තුළ වෙන වෙන වැඩ කරන්න නැති නිසා කෙටි කාලයක් තුළ ඵලදායී ලෙස එම කාර්යය ඉටු කරන්න පුලුවන් වෙනවා.


7. ව්‍යායාම සඳහා වෙලාවක් වෙන් කරන්න


බොහෝ දෙනා ව්‍යායාම සඳහා වෙලාව වෙන් කරන්න කම්මැලියි. ඒත් ව්‍යායාම අපේ සෞඛ්‍යයට වගේම අකලය වයසට යාම වලක්වන්නත් ඉතාම වැදගත්. ඉතින් ව්‍යායාම සඳහා නියමිත වෙලාවක් දින පොතේ වෙන් කළාම ඒ දේ අනිවාර්යයෙන් සිද්ද වෙනවා.


8. ඔබ රූපලාවන්‍යය සඳහා කාලය ගත කරයි


ඔබ දෛනිකව නිරතවන කාර්‍ය‍යන් සඳහා පමණක් කාලය වෙන් නොකර ඔබගේ රූපලාවන්‍ය කටයුතු සඳහාත් වේලාව වෙන්කර ගන්න. නිය සහ හිසකෙස්, කටු චිකිත්සාව, භෞත චිකිත්සාව, සම්බාහනය වැනි දේ සඳහා කාලය වෙන් කිරීමෙන් ඔබ අපේක්ශාකල ප්‍රබෝදය ඔබට ලබාගත හැකියි.


9. භාවනාව සහ නිවැරදි සතිය පවත්වා ගන්න ක්‍රියාකාරකම් වලට වෙලාව වෙන් කරන්න


ඒකාකාරි ජීවන රටාව ඔබව මානසික පීඩනයට සහ ආතතියට පත්කරනවා.. ඉන් මිදීමට නිවැරදි සිහියෙන් කටයුතු කිරීම සහ ආතතිය පාලනයට උපකාරි වන භාවනාව වැනි ක්‍රියාකාරකම් හි නියැළිය යුතුයි.. එමනිසා භාවනාව වැනි ඔබගේ මනස නිරවුල් කර ඔබගේ සිහිය යහපත්ව පවත්වාගැනීමට උපකාරි වන ක්‍රම සඳහා වේලාව ඔබගේ දෛනික කාල සටහනේ වෙන් කල යුතුයි.


10. සීමා මායිම් සකස් කරන්න


ඔබ යම් කාර්‍යයක් සඳහා කාලය වෙන් කිරීම ඔබට පමණක් නොවෙයි ඔබට සම්බන්ධ හැම කෙනෙක්ටම සීමාවන් සකසනවා. ඔබ යම් අත්‍යවශ්‍ය කාරණයක් සඳහා වේලාව වෙන් කළ පසු ඔබගේ දරුවන්, සුරතල් සතුන් බැලීම වැනි දෑ ඔබගේ නිවසේ වෙනත් කෙනෙකු වෙත පවරා ඔබට ඒ වෙලාවේ නියමිතව ඇති කාර්‍යය ඉටු කල හැකියි.

දවසේ හෝ අපේ එදිනෙදා ජීවිතයේ කාර්යයන් සඳහා කාලය වෙන් කරන්වා කියන්නේ අපි ජීවිතයේ අපෙක්ෂා කරන දෙයක්.. ඉතින් ඔයාගේ දින සටහනේ ඒ ඒ කාර්යයන් සඳහා කාලය බ්ලොක් කළොත් ඔයාට වැඩි ප්‍රීතියකින් අඩු කාලයකින් බොහෝ ක්‍රියාවන් හි නිරත වෙන්න පුලුවන් වේවි...

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,783
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,708
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed