දිනපතා ඉඟුරු ආහාරයට ගත්තොත් ශරීරයට සිදුවන්නේ කුමක්ද?

February 28, 2022
5,591
What happens to the body if you eat ginger daily?
ඉඟුරු යනු gingerol නමැති සංයෝගයක් සහිත ඔබගේ සෞඛ්‍යය කෙරෙහි බලපෑම් කරන්න පුලුවන් සංයෝගයක්. විශේෂයෙන් ඉඟුරු දෛනිකව ආහාරයට ගැනීමෙන් පිළිකාව වැළදීමේ අවධානම පහළ දමනු ලබනවා.. එසේනම් ඉඟුරු දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබගේ සෞඛ්‍යයට සිදුවන්නේ කුමක්දැයි දැනගන්න ඔබත් කැමතිද..

1. ඉඟුරු සිරැරේ ආම්ලිකතාවය සමනය කිරීමට උපකාරි වනවා


ඇතැම් ආහාර වර්ග ආහාරයට ගත් පසු උදරයේ ආම්ලිකතාවය, අපි ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ.. ඒ තත්ත්වය ඉහළ යන අතර උදරයේ අපහසුතා ඇතිවනවා.. නමුත් ඔබ ඉඟුරු ආහාරයට ගැනීමෙන් හෝ තේ සමග එක්කර දිනපතා පානය කිරීමෙන් ආම්ලිකතාවය හේතුවෙන් ඇතිවන අපහසුතා මගහරවා ගත හැකියි.


2. සිරැරේ ඇතිවන ප්‍රදාහයන් පාලනය කිරීම


ඉඟුරු ආහාරයට ගැනීමෙන් සිරැරේ ඇතිවන ප්‍රදාහ‍යන් සඳහා සහනය ගෙන දෙන අතර විශේෂයෙන් ආතරයිටිස් වැනි නිදන්ගත රෝග තත්ත්වයන්ගෙන් පීඩා විදින රෝගීන් සඳහා සහනය ලබාදෙනවා.


3. පිළිකා අවධානම පහළ දැමීම


පර්‍යේශකයන් පවසන ආකාරයට ඉඟුරු ආහාරයට ගැනීමෙන් සායනික සහ චිකිත්සක ප්‍රතිකාරයන්ට වඩා ඉක්මනින් හා ආරක්ෂිතව ඩිම්බකෝෂ පිළිකා සෛල විනාශ කරනු ලබනවා.. එමෙන්ම බඩවැල් ආශ්‍රිතව පිළිකා ඇතිවීම කෙරෙහි බලපානු ලබන අවදානම් සාධකයක් වන ප්‍රදාහයන් පාලනය කිරීමේ හැකියාවද ඉඟුරු සතුවනවා.


4. ආහාර ජීර්ණය වේගවත් කිරීම


දිනපතා ඉඟුරු පරිභෝජනයෙන් උදරයේ ආම්ලිකතාවය ඉහළ යාම නිසා ඇතිවන ඔක්කාර තත්ත්වයන් සමනය කරන අතර ආමාශ ආමාධ ඇතිකරන අහිතකර බැක්ටීරියා විනාශ කිරීමේ බලයක්ද එය සතුවනවා. එමෙන්ම ආහාර ජීර්ණය සඳහා උත්තේජකයක් ලෙස ක්‍රියාකරන කෙළ නිපදවීම සඳහාද ඉඟුරු උපකාරි වනවා. විශේෂයෙන් උදෑසන ආහාර වේලෙන් පසු ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීම ඉතා සුදුසු වනවා.. විශේෂයෙන් ගර්භනී සමයේ ඇතිවන ඔක්කාරය , වමනය වැනි උදෑසන අසනීප මගහරවා ගැනීමටද ඉඟුරු කදිම විසඳුමක්.


5. හිසරද‍ය වළක්වනවා


ඉඟුරු දිනපතා පරිභෝජනය මගින් බොහෝ දෙනාට ඇති පොදු ගැටළුවක් වන හිසරදය සමනය කරගැනීමට සහ වළක්වා ගැනීමට උපකාරි වන අතර එය ඖෂධ සහ වේදනා නාශක පෙති මගින් ඇතිවන අතුරු ආබාධයන් වළක්වා ගැනීමට කදිම පිළියමක්. ඇතැම් අධ්‍යනයන් සඳහන් කරන ආකාරයට දිනපතා ඉඟුරු ආහාරයට ගැනීමෙන් ඔබට හිසරදය, ඉරුවාරදය ඇතිවීමේ අවධානමින් මිදීමට හැකිවනවා.


6. බර අඩුකිරීම


සිරැරේ බර අඩුකර ගැනීම ඇතැම් විට දුෂ්කර කාර්‍යයක්.. විශේෂයෙන් ඒ සඳහා ඔබගේ ආහාර රටාව සැලකිය යුතු කාර්‍ය්භාරයක් ඉටු කරනු ලබනවා. ඊට අමතරව සිරැරේ බර අඩුකර ගැනීමට නම් ඔබගෙ ආහාර ජීර්න පද්ධතිය නිසි පරිදි ක්‍රියාකල යුතුයි. නමුත් ආහාර් ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමි වීමට ඔබ ගන්නා ඇතැම් ආහාර වර්ග බලපානු ලබනවා.. නමුත් ඔබ දිනපතා ඉඟුරු අඩංගු ආහාර ගැනීම හෝ තේ පානය කරනවා නම් ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාකාරි වීමටත් බර අඩුකර ගැනීමටත් සහය වනවා.


7. මාංශ පේශී වේදනා සහ කැක්කුම් අඩු කිරීම


අධික ලෙස සිරැර වෙහෙසවා කරනු ලබන ව්‍යායාම් හෝ දෛනිකව ඇතිවන වෙහෙස නිසා මාංශ පේශී වේදනාව ඇතිවනවා. නමුත් පර්‍යේශණ මගින් තහවුරු කර ඇති ආකාරයට ඔබ දිනපතා ඉඟුරු පරිභෝජනය මගින් මාංශ පේශී වේදනාව සහ කැක්කුම් අඩුකරගත හැකියි.


වියළන ලද, කුඩු කරන ලද හෝ නැවුම්ව ඉඟුරු ඔබට වෙළඳ පොලෙන් මිලට ගත හැකි අතර ඉඟුරු යුෂ තේ සඳහා එක්කර පානය කිරීමට හෝ ආහාර සැකසීමේදි කුළුබඩුවක් ලෙසද එක්කර ගත හැකියි. එසේ ඔබ කුමන ආකාරයට ඉඟුරු ආහාරයට ගනු ලැබූවත් එය දිනපතා පරිභෝජනයෙන් ප්‍රතිලාභ රැසක් ලබගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,389
   68

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,296
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,826
   27

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Food to regulate your menstrual circle
   47,141
   24

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed