ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

March 1, 2022
57,842
Foods to you should never give your kids
ඔබ මවක් නම් දරුවන්ට ආහාරපාන ලබාදීම සම්බන්ධයෙන් ඔබටත් ගැටළු ඇති.. විශේෂයෙන් වැඩිහිටි අප සෞඛ්‍යයට හිතකර ගුණයෙන් යුතුයැයි සළකන බොහෝ ආහාර ප්‍රතික්ශේප කරන දරුවන් වඩාත් ප්‍රියකරන්නේ ආහාර අලෙවි සැල්වල ඇති නානාප්‍රකාර නම් වලින් හඳුන්වනු ලබන විවිධ ආහාර වර්ග වෙතටයි. නමුත් වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..

1. රසකල බීම වර්ග


කුඩා දරුවන් පැණිරසට ඉතාම කැමතියිනේ.. පැණි බීමවර්ග, ක්‍රීඩා බීම වර්ග, විවිධ පැහැයෙන් යුතු කාබනික පානයන් ඔවුන්ගේ ප්‍රියතම බීම වර්ගයි.. නමුත් මේවායේ විශාල වශයෙන් සීනි අන්තර්ගත වනවා. එමෙන්ම 100% පලතුරු යුෂ යැයි හඳුන්වන පාන වර්ග පවා සෞඛ්‍ය සම්පන්න නොවන අතර ගුණාත්මක බවින්ද අඩුයි. විශේෂයෙන් පළතුරුවල අඩංගු තන්තු සහ පෝෂ්‍ය පදාර්ථ, පලතුරු යුෂ බවට පත්කිරීමේදි අහිමිවන අතර සීනි පමනක් ඒවායේ ඉතිරිවනවා.. එමනිසා පළතුරු යුෂ ලබාදීමෙන් ඔබ බලාපොරොත්තු වන පෝශණය ඔබේ දරුවාට නොලැබෙනවා මෙන්ම දිනපතා ලබාදීමෙන් දරුවාගේ දත් දිරායාම වේගවත් වීමද සිදුවනවා..


2. උදෑසන ධාන්‍ය සීරියල්


බොහෝ උදෑසන ධාන්‍ය සීරියල් සහ පේස්ට්‍රි වර්ග පිරිපහදු කළ පිටි භාවිතයෙන් සකසා ඇති අත‍ර ඒවා ආහාරයට ගැනීමෙන් රුධිරයේ අඩංගු සීනි මට්ටම ඉහල යාම සිදුවනවා. විශේෂ‍යෙන් දරුවා ප්‍රමාණවත් පරිදි ව්‍යායාම නොකරන්නේ නම් සිරැරේ බර ඉහළ නංවන අතර කිසිදු පෝශ්‍ය පදාර්ථයක් එමගින් දරුවාට නොලැබේ. එමෙන්ම දරුවන් ආකර්ශනය කරගැනීමට ඒවාට විවිධ කෘත්‍රිම වර්ණයන් එක්කර තිබෙන අතර ඒවා මගින් දරුවන්ගේ සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වීමද සිදුවනවා.


3. සකස්කරන ලද මස්වර්ග


සකස් කරන ලද මස්වර්ග සහිත හොට් ඩෝග් සහ බර්ගර්, සොසේජස්, හැම්‍ යනු නූතන පරම්පරාවේ ජනප්‍රියම ආහාර වර්ගයි.. නමුත් මෙවැනි සකස් කරන ලද මස් වර්ගවල ලුණු, අධික මේදය සහ නයිට්රේට් ආදිය අන්තර්ගත වනවා.. විශේෂයෙන් නයිට්‍රේට් උග්‍ර පිළිකා කාරකයක් ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම සකසන ලද මස් වර්ග සහිත කෑම දරුවන්ට ලබාදීමෙන් හෘදයාබාධ, තරබාරුව සහ පිළිකා ආදි රෝග ඇතිවීමේ අවධානම ද වැඩිවනවා.


4. ගැඹුරු තෙලේ බදින ලද කෙටි ආහාර


chicken nuggets, fish sticks ආදි ගැඹුරු තෙලේ බදින ලද කෙටි ආහාර වර්ගද දරුවන්ට ලබාදීම ඉතාමත් නුසුදූසු ලෙසයි සැලකෙන්නේ.. ඒවායේ ස්වභාවික නොවන අමුද්‍රව්‍ය වර්ග 20 ක් පමණ අන්තර්ගතවන අතර පිරිපහදු කළ පිටි දවටා , හයිඩ්‍රජනීකෘත එළවළු තෙල් වැනි ට්‍රාන්ස් මේදය අඩංගු ගඹුරු තෙලෙහි බදිනු ලබනවා. පසුව ඒවා විවිධ කල්තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු සෝස් සමග දරුවන්ගේ ආහාරයට ලබාදෙනවා.. ඒ සියල්ල මගින් දරුවාට අහිතකර බලපෑම් ගෙන එනු ලබන අතර හෘදයාබාධ, තරබාරුව සහ පිළිකා ඇතිවීමේ අවධානම ඉහළ නංවනවා.


5. මැක් ඇන්ඩ් චීස්


මැක් ඇන්ඩ් චීස් කුඩා දරුවන්ගේ ප්‍රියතම ආහාරයක්.. පිරිපහදු කල පිටි සහ මේදය සහිත කල්තබා ගන්නා ද්‍රව්‍ය , සෝඩියම් ආදිය නිසා එය කිසිසේත්ම ශරීරයට හිතකර ආහාරයක් ලෙස හැදින්වීමට නොහැකියි. විශේෂයෙන් ඒවායේ භයානකම රසායනික ද්‍රව්‍යයක් ලෙස සැලකෙන තැලේට් (phthalate) අඩංගු විය හැකි අතර එය කුඩා දරුවන්ට ඉතා අහිතකර රසායනයකි.


6. Kids’ Meals


බොහෝ ආහාර අලෙවි සැල්වල ඇති ජනප්‍රියම අංගයක් වන්නේ ළමා ආහාර ( Kids’ Meals) වර්ග වන අතර ඒවායේ හැම්බර්ගර්, ග්‍රිල් කළ චීස් සැන්ඩ්විච්, ෆ්‍රයිස් සහ සීනි සහිත බීම වර්ගයක් අන්තර්ගත වනවා.. එය කුඩා ළමුන් සහ දෙමවුපියන් අතර එකසේ ජනප්‍රියයි.. නමුත් ඒහි අඩංගු අධික සීනි සහ මේදය, කැලරි ඔබගේ දරුවාගේ සෞඛ්‍යය කෙරෙහි කිසිසේත් සුදුසු වන්නේ නැහැ.

බොහෝ ජනප්‍රිය ළමා ආහාර වර්ග හේතුවෙන් දරුවන් සිදුවන්නේ අධික ලෙස බර වැඩි වීම, දෙවන වර්ගයේ දියවැඩියාව, පිළිකා සහ හෘදයාබාධ ඇතිවිමේ අවධානම ඉහළ යාමයි. පූර්ණ ධාන්‍ය අඩංගු පාන්, ධාන්‍ය සහ ඇට වර්ග, පළතුරු , එළවලු , නැවුම් මාලු වැනි ආහාර දරුවන්ට ලබාදීම මගින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වාගත හැකියි මෙන්ම අවසානයෙ නිරෝගී ප්‍රීතිමත් දරුවෙකු ඔබට දැකිය හැකි වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,058
   71

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,783
   30

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,277
   28

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed