ඔබත් ටින්කල ආහාර මිලට ගන්නවාද? එසේනම් පහත ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්

March 2, 2022
6,039
Signs of unsafe canned food
1. පිම්බුණු ස්වභාවයක් සහිත කෑන්


කල් ඉකුත්වන දිනය තවත් ඉදිරියේ වුවත් ඔබ මිලට ගැනීමට හෝ මිලටගත් ආහාර ඇසුරුම් කල ඇති ටින් එක පිම්බුණු ස්වභාව‍යක් ගෙන තිබෙනවා නම් එය ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.. එසේ වන්නේ ඇසුරුම් කල ඇති ආහාර සහ ඇසුරුම සකසා ඇති ලෝහය සමග ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රථිපලයක් ලෙස විෂ වායුව එක්රැස් වීම හේතුවෙනි..


2. ශබ්දය සමග වාතය පිටවීම


ඔබ මිලට ගත් ආහාර කෑනය විවෘත කරන විට “හිස්ස්” ශබ්දයක් සමග වාතය පිටවනවා නම් එය ආහාරයට ගැනීමට සුදුසු වන්නේ නැහැ.. එය botulism නමැති ශරීරයට අහිතකර බැක්ටීරියාවේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවිය හැකි බැවින් ඔබ එය ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. නමුත් ඇතැම් ආහාර කෑන් විවර කරන විට සුලු වාතය පිටවන ශබ්දයක් පිටවීම දැකිය හැකි වුවත් ඔබට යම් සැකයක් ඇත්නම් එය ඉවත් කිරීම වඩාත් සුදුසු වනවා.

3. මලකඩ


මලකඩ යනු ලෝකඩ ඛාදනය කිරීමට හේතුවන රසායන ප්‍රතික්‍රියාවකි. එමනිසා ඔබගේ ආහාර ටින් එකේ මලකඩ ඇත්නම් එය ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.


4. කඩතොලු වූ කෑන්


ආහාර ටින් කිරීමේ ක්‍රියාවලියේදි එයට බාහිර පරිසරය සමග සම්බන්ධය අවම කිරීමට මුද්‍රා තැබීම සිදුකරන අතර යම් හෙයකින් ඔබ මිලට ගත් ආහාර ටින් එකේ මුද්‍රාව කඩතොළුවී තිබේ නම් එයට අහිතකර බැක්ටීරියා ඇතුලු වීමේ අවධානමක් තිබෙනවා.. එවැනි කඩතොළුවූ ආහාර කෑන් ඉවත් කළ යුතුයි.


5. ගබඩා කල යුතු උෂ්ණත්වය වෙනස් වීම


ආහාර ටින් කිරීමේ ක්‍රියාවලියේදි ඒවා ඇසුරුම් කල යුතු උෂ්ණත්වය පිළිබඳව ඇසුරුමේ සඳහන් කර තිබෙනවා. එය අධික උණුසුම් හෝ අධික ශීතල නොවිය යුතු අතර, කිසිවිටෙක ඒ දෙක අතර උච්චාවචනය නොවිය යුතුය. ගබඩා කිරීම සඳහා සුදුසුම උෂ්ණත්වය අංශක 50F ත් 70F ත් අතර වන අතර විය යුතු අතර උෂ්ණත්වය එයට වඩා වැඩි වීමෙන් පෝෂ්‍ය පදාර්ථ නැති වී යන අතර අහිතකර බැක්ටීරියා වර්ධනයවීමේ ඉඩක්ද ඇතිවනවා. එමෙන්ම ශීත කිරීමේදි ටින් එක ප්‍රසාරණය විය හැකි අතර මුද්‍රාවට හානි විය හැකියි.. එමනිසා ටින්කල ආහාර ඇසුරුමේ සඳහන් උෂ්ණත්වය යටතේ ගබඩා කළ යුතුයි.


6. පුස් කා ඇති ස්වභායක් තිබේදැයි සැලකිලිමත් වන්න


ටින්කල ආහාර මත පුස් හෝ වළාකුලු වගේ බැදී ඇති ස්වභාවයක් දැකිය හැකි නම් ඉන් හැඟවෙන්නේ එම ආහාර යම් කිසි ක්‍රියාදාමයකට ලක්වී ඇති බවයි. එමනිසා එවැනි ටින්වල ඇති ආහාර පුස් කොටස ඉවත් කර ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.


7. දුර්වර්ණ වීම


කෑන් වල අන්තර්ගතය සහ ලෝහය අතර ප්‍රතික්‍රියාවක ප්‍රථිපලයක් ලෙස ආහාර දුර්වර්ණ වීම සිදුවිය හැකියි. එමනිසා එවැනි ටින්වල අඩංගු ආහාරද ඔබ ඉවත දැමිය යුතුයි.


8. දුර්ගන්ධයක් හැමීම


ටින්කල ආහාර බදුණක් විවර කරන විට අප්‍රසන්න සුවඳක් වහනය වන්නේ නම් එය එම ආහාර නරක් වී ඇති බවට හැඟවෙන සලකුණක්. එමනිසා එවැනි ආහාර පරිභෝජනයෙන් වැළකිය යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2136 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:12:03 AM
Script:/article/2136/signs-of-unsafe-canned-food.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:12:03 AM
Script:/article/2136/signs-of-unsafe-canned-food.html