සිරැරේ හැඩයට ගැලපෙන නිවැරදි ජීන්ස් තෝරා ගන්න උපදෙස්

March 11, 2022
8,025
How to find the right jeans for your body type
ඕනෑම කාන්තාවකගේ විලාසිතා එකතුවේ අනිවාර්‍ය අංගයක් ලෙස ජීන්ස් ඇතුලත් වෙනවා.. එය ඔවුන්ගේ ප්‍රියතම විලාසිතාවන්ගෙන් එකක්.. කෙසේ වුවත් සිරැරේ හැඩයට නොගැලපෙන ජීන්ස් වර්ගයක් තෝරා ගැනීමෙන් සිරැරේ නිවැරදි පෙනුම යටපත් වීමට පුළුවන්. එමනිසා ඔබගේ සිරැරේ හැඩයට ගැලපෙන ජීන්ස් එක තෝරාගන්නේ කොහොමද කියා දැනුවත් වී සිටීම වැදගත් වෙනවා..

ඇතැම් විට ඔබ පෙනුමින් ඉතා කුඩා වීමට පුළුවන් ; නැතිනම් ඔබ මදක් තරබාරු ස්වභාවයක් ගැනීමට පුලුවන්.. විශේෂයෙන් ඔබගේ සිරැරේ ඉනෙන් පහළ කොටසේ හැඩය ජීන්ස් තෝරා ගැනීමේදී ඉතා වැදගත් වෙනවා. එසේන්ම් දැන් අපි බලමු ඔබගේ සිරැරේ ස්වභාවය අනුව කොහොමද ගැලපෙන ජීන්ස් වර්ගය තෝරාගන්නේ කියා..

01. ඔබගේ සිරැරේ ඉනෙන් පහළ ඇඟ මහත නම් (heavy lower body)


ඔබගේ සිරැරේ ඉනෙන් උඩ ඇඟ සිහින් සහ ඉනෙන් සිරුර කොටස එනම් උකුළ සහ කළවා මහත ස්වභාවයක් ගන්නවා නම් ඔබ high-rise jeans හෙවත් ඔබගේ ඉන කොටස මදක් සිහින් කරන ලෙස උඩට ඇඳිය හැකි ජීන්ස් තෝරාගත යුතු වෙනවා.. එමෙන්ම එම ජීන්ස්වල පහත වළලුකර ළඟින් එකතුවන සේ මසන ලද ජීන්ස් වඩාත් ගැලපෙනවා.. ඒ වගේම තමයි ඔබට තරමක් දිගු දෙපා තිබෙනවා නම් ද ඔබට වඩාත් high-rise jeans සුදුසු වනවා.


02. ඔබගේ ඉනෙන් උඩ සිරැර තරමක් මහත නම් (heavy upper body)


ඔබගේ සිරැරේ උඩුකය පහල සිරැරට වඩා මහත, විශාල පෙනුමක් ගන්නවා නම් ඔබ තෝරාගත යුත්තේ තරමක් මහත කකුල් සහිත ජීන්ස් වර්ගයි. සෑම විටම සිහින් කකුල් සහිතව මසා ඇති ජීන්ස් වර්ගවලට වඩා ඔබට ගැලපෙන්නේ තරමක් ලිහිල් ස්වභාවයක් ගන්නා ජීන්ස් වර්ගයි.


03. ඔබට තරමක් මහත සහ පළල් ස්වභාවයකින් යුතු සිරැරක් සහිතනම් (broad, curvy frame body)


ඔබට Mid සහ high-rise jeans, නේවි බ්ලූ සහ කළු පැහැති වර්ණයන්ගෙන් යුතු ජීන්ස් විලාසිතා වඩාත් ගැලපෙනවා. තරමක් ඇදෙන සුලු, සිරැරේ ප්‍රමාණයට මසන ලද ජීන්ස් වර්ග ඔබගේ පෙනුම සිහින් කිරීමටත් සහය වෙනවා. එමෙන්ම මෙවැනි ජීන්ස් විලාසිතා ඔබ කොපමණ උසකින් යුතු වුවත් ඔබට ඉතා ප්‍රසන්න පෙනුමක් ලබාදෙනවා.


04. ඔබගේ සිරැර කුඩා පෙනුමක් ගනී නම් (petite)


ඔයාට පොඩි සිරුරක් හිමි වුනාට, ඔයා කෙට්ටුයි කියලම කියන්න බැහැ. ඒත් කුඩා සිරුරක් හිමි වුනාම තියෙන ප්‍රශ්නෙ තමයි ජීන්ස් හෝ ඕනෑම ඇඳුම මිලදී ගන්න ගියාම ඒවා දිග වැඩි වෙන එක.. ඒත් ඔයාව ලස්සන කරලා පෙන්වන කට්ස් වලින් නිම වුනු ඇඳුම් වෙළඳපලේ ගන්න තියෙනවා. ඔයාට ඔයාව ටිකක් උස කරලා පෙන්වන්න ඕනේ නම් කකුලේ වළලුකර ගාවින් කපපු නැතිනම් වළළුකර පෙනෙන ආකාරයේ (ankle-cropped) ජීන්ස් හෝ ත්‍රී ක්වාටර් (three quater) ජීන්ස් වගේම high-rise jeans හරියනවා.


5. ඔබට උසින් වැඩි කෙට්ටු සිරැරක් හිමිනම් (tall and skinny body)


ඔබගේ කෙට්ටු ස්වභාවය යටපත් කරන්න උපකාරිවෙන mid සහ low-rise jeans සහ මදක් පළල් ස්වභාවයකින් යුතු ජීන්ස් (flared jeans) වර්ග වඩාත් සුදුසු වෙනවා.. සිහින් හැඩැති ජීන්ස් වලින් ඔබව තවත් කෙට්ටු කර පෙන්වනවා.. ඒනිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

ඉතින් හැඩකාරි ඔබත් ජීන්ස් විලාසිතා තෝරාගන්නා විට ඉහත ටිප්ස් මතක තබාගන්න.. එවිට ඔබගේ පෙනුම වඩාත් ඔප්නංවන පරිදි ජීන්ස් විලාසිතා තෝරාගන්න ඔබටත් පුලුවන්..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,246
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,994
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,413
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed