ඔබේ පෙණුමට හානි වෙන මේ ෆවුන්ඩේෂන් වැරදි ටික කරන්න එපා

March 15, 2022
10,279
Don’t do these foundation mistakes that ruins your look
ඔබත් මේකප් භාවිතය පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් දන්නවා නේද ෆවුන්ඩේෂන් ආලේප කිරීමේ වැදගත්කම.. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබගේ මේක්අප් එකේ පදනමයි; එය ඔබට පරිපූර්ණ පෙනුමක් ගෙන දෙනවා.. කොතරම් අලංකාර, මිල අධික ඇස් ආලේපන ගැල්වූවත් ඔබ නිසි පරිදි ෆවුන්ඩේෂන් ආලේප කලේ නැත්නම් ඇත්තටම ඔබ බලාපොරොත්තුවන පෙනුම ඔබට ලැබෙන්නේ නැහැ.

එසේනම් මේකප් කිරීමේදි ෆවුන්ඩේෂන් ආලේප කිරීමේදි ඔබ අතින් සිදුවන වැරදි සහ අතපසුවීම් පිළිබඳව දැනගන්න කැමතිද..?

මේකප් ෆවුන්ඩේෂන් සම මත ආලේප කිරීමට ඇඟිලි භාවිතා කිරීම


ෆවුන්ඩේෂන් ආලේප කිරීමේ වඩාත් සාර්ථකම සහ වේගවත්ම ක්‍රමය ඇඟිලි මගින් එය මුහුණේ ආලේප කිරීම කියායි බොහෝ දෙනා සිතන්නේ. නමුත් ඔබ දන්නවාද ඇඟිලි මගින් ආලේප කරන විට ඔබගේ සමේ රළු පැල්ලම් සහිත ස්වභාවයක් ඇතිකරනවා.. ඔබ මේකප් කරනවා නම් ෆවුන්ඩේෂන් ආලේප කරන විට ඒ සඳහා විශේෂයෙන් සකසා ඇති ස්පොන්ජයක් (damp beauty blender) හෝ ෆවුන්ඩේෂන් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්.

ගෙල ආශ්‍රිත ප්‍රදේශය නොසලකා හැරීම


බොහෝ විට මේකප් මුහුණට පමණක් කිරීමටයි බොහෝ දෙනා පුරුදුව සිටින්නේ. නමුත් ඔබට අලංකාර පෙනුමක් අවශ්‍ය නම් ෆවුන්ඩේෂන් ආලේප කරන විට ඔබගේ ගෙල ආශ්‍රිත සම මතත් ආලේප කරන්න මතක තබා ගත යුතුයි.. නැතිනම් ඔබගේ මුහුණ එක් පැහැයක් සහ ගෙල ආශ්‍රිත පෙදෙස වෙනත් පැහැයකුත් ගන්නවා.

මොයිස්චරයිසින් ක්‍රීම් ආලේපකල විගස ෆවුන්ඩේෂන් ආලේප කිරීම


ඔබට පරිපූර්ණ සහ ස්වාභාවික පෙනුමක් අවශ්‍ය නම් මුහුණේ මොයිස්චරයිසින් ක්‍රීම් ආලේපකල විගස ෆවුන්ඩේෂන් ආලේප කිරීමෙන් වැළකිය යුතු වෙනවා.. එසේ නැතිනම් මොයිස්චරයිසින් ආලේපනය සහ ෆවුන්ඩේෂන් එකිනෙක ඇලී රළු ස්වභාවයක් ගෙන දෙනවා.

සමට නොගැලපෙන ෆවුන්ඩේෂන් වර්ග තෝරා ගැනීම


ඔබගේ සම තෙල් සහිත නම් ඔබට පව්ඩර් ෆවුන්ඩේෂන් වර්ගයක් ගැලපෙන්නේ නැහැ.. එවිට සමට වියළි සහ හුණු ආලේප කරා වැනි ස්වභාවයක් ගෙන දෙනවා.. ඒ වගේම ඔබ චායාරූප ගන්නවා නම් ඒවායේ ඔබගේ පෙනුම වඩාත් අස්වාභාවික ස්වභාවයක් පෙන්වනවා.. එමනිසා තෙල් සහිත සමට සුදුසු වන්නේ matte foundation වර්ගයක්. නමුත් ඒවා ආලේප කල පසු ගැලපෙන compact වර්ගයක්ද ආලේප කල යුතුයි. සෑමවිටම ඔබගේ සමට ගැලපෙන ෆවුන්ඩේෂන් වර්ගයක් තෝරා ගන්න.

ෆවුන්ඩේෂන් ආලේප කිරීමට පෙර කන්සීලර් (concealer) ආලේප කිරීම


බොහෝ දෙනා පුරුදුව සිටින ෆවුන්ඩේෂන් ආලේප කිරීමට පෙර කන්සීලර් ආලේප කිරීම වැරදි ක්‍රියාවක්. ඇත්තටම කන්සීලර් මගින් සිදුකරන්නේ, ෆවුන්ඩේෂන් එකෙන් කවර් නොවුනු අඩු පාඩු ආවරණය කරන එකයි. එමනිසා මින්පසු ඔබ මේකප් කරන විට ෆවුන්ඩේෂන් ආලේප කර ඉන් පසු කන්සීලර් එකකින් අඩුපාඩු ටික හදන්න.

බලන්න.. ඔබත් මේකප් කරන විට මේ වැරදි සියල්ල හෝ කිහිපයක් සිදුකලා නේද.. හෙට ඉඳන් මේ වැරදි කරන්නේ නැතුව නිවැරදිව ලෙස ෆවුන්ඩේෂන් ආලේප කරලා බලන්න.. ඔබට පරිපූර්ණ සහ සුන්දර පෙනුමක් ලැබෙනවා නොඅනුමානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2142 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:25:11 AM
Script:/article/2142/don-t-do-these-foundation-mistakes-that-ruins-your-look.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:25:11 AM
Script:/article/2142/don-t-do-these-foundation-mistakes-that-ruins-your-look.html