සුරූපි ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස්ගේ දිදුලන සමේ රහස

March 19, 2022
11,935
The secret of the glowing skin of the beautiful Jacqueline Ferdinands
ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් කියලා කියන්නේ රූප රාජිනියක්. ඒ වගේම ඇය සුපිරි බොලිවුඩ් තාරකාවක්.. ඇගේ තිබෙන විශේෂත්වය තමයි ඇයගේ පැහැපත් දිදුලන සම.. එය සෑම කාන්තාවකගේම සිහිනයක්.. ඇයගේ සුරූපිබවේ රහස් දැනගැනීමට සියලු දෙනා තුල ඇත්තේ කුතුහලයක්.. ඇත්තටම ඇය කොහොමද මෙවැනි දිදුලන සමක් සහ සුරූපි බවක් ලබාගත්තේ.. ජැකලීන් පවසන ආකාරයට ඇයගේ සුරූපි බවේ රහස් හැඩකාරි අපි ඔබට ගෙන එනවා.


සෞඛ්‍යය සම්පන්න ආහාරපාන


පැහැපත් සමක් ලබාගැනීම සඳහා ජැකලීන් ඇගේ ආහාර වේල් වලින් සීනි සම්පූර්ණයෙන් ඉවත්කර ඒ වෙනුවට ස්වභාවික විකල්පයන් වෙත යොමු වී තිබෙනවා.. එමගින් ඇයට සමමත කුරුළෑ ඇතිවීමේ අවාධනම අඩුකර ගත හැකිව තිබෙනවා.. සෑම උදෑසනකම සිරැරේ විෂහරණය කිරීමට උපකාරිවන ඩීටොක්ස් වර්ග පානය කිරීමත් දිනකට අවම වශයෙන් ජලය ලීට‍ර් තුනක් පානය කිරීම සහ ජලය සමග සැල්දිරි යුෂ, කහ හෝ ඇපල් සයිඩර් විනාකිරිද පානය කරන බව ඇය පවසනවා. සම සජලීයව තබා ගැනීම ඇගේ පැහැපත් නීරෝගි සමේ එක් රහසක්.


පරිපූර්ණ ව්‍යායාම් සැලැස්ම


ඔබ දැනටමත් මෙම සුරූපිණියගේ ඉන්ස්ට්‍රගෑම් අනුගාමිකයකු නම් ඔබ දැක ඇති ඇය ව්‍යායාම් කෙරෙහි කොපමණ උනන්දුවක් දක්වනවා ද කියා. එහි විවිධ ව්‍යායාම චර්යාවන් රාශියක් ඇය දිනපතා ඉදිරිපත් කරනවා.. විශේෂයෙන් අප හොඳින් දන්නා යෝග අභ්‍යාස, ජොගින් ව්‍යායාම සහ නැටුම් ආදියෙන් ඔබට නීරෝගි කායික හා මානසික සෞඛ්‍යයක් ලබාදෙනවාට අමතරව දිදුලන සමක්ද ලබාදෙනවා. ව්‍යායාම ඔබගේ රුධිර සංසරණය ක්‍රමවත් කරන අතරම සෛලවලට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් ලබාදෙනවා. ඔබට දිදුලන සමක් අවශ්‍ය නම් ව්‍යායාම ඔබගේ දින චර්යාවේ අනිවාර්ය අංගයක් කරගත යුතුයි.


විටමින් C ප්‍රමාණවත් පරිදි ලබාගැනීම


ඇයගේ දිදුලන සම සඳහා විටමින් ‘C’ සහිත සීරම් සැලකිය යුතු කාර්‍යයක් කරනා බවයි බොහෝ දෙනා පවසන්නේ.. ඇත්ත වශයෙන්ම එය බොහෝ රූපලාවන්‍යවේදින් පවසන දෙයක්.. විටමින් C සම පැහැපත් කරන අතර සමෙහි ඇති කලු ලප ඉවත්කර සමට ඒකාකාරි පැහැපත් බවක් ලබාදෙනවා.. ඔබ තවමත් විටමින් C සීරම් වර්ගයක් භාවිතා කරන්නේ නැත්නම් හැකි ඉක්මනින් විටමින් C සීරම් වර්ගයක් භාවිතා කිරීම අරඹන ලෙසට යෝජනා කරනවා.. එය දිනපතා භාවිතා කිරීමෙන් සමට අවශ්‍ය පෝශණය සහ එක හා සමාන දීප්තියක් ඔබට ලබාදෙනවා නොඅනුමානයි..


රාත්‍රී කාලයේත් ඔබගේ සමේ රැකවරණය පිළිබඳව අවධානය යොමුකරන්න


බොහෝ දෙනා දිවා කාලයේ විවිද රූපලාවන්‍ය ආලේපනයන් සමෙහි ගල්වනවා.. නමුත් රාත්‍රී කාලයේ..? ජැකලීන් පවසන ආකාරයට ඇය දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීත් ඇගේ සමේ රැකවරණය පිළිබඳව උනන්දුවක් දක්වනවා.. කාර්‍යබහුල දිනයක් අවසානයේ සමේ ගල්වන ලද සියලු ආලේපනයන් ඉවත්කර සම හොඳින් පිරිසිදුකර සමට අවශ්‍ය පෝෂණ සත්කාරයන් සිදුකල යුතු බවයි ජැකලීන් පවසන්නේ. ඔබගේ සමට ගැලපෙන පෝෂණය අඩංගු Night Cream වර්ගයක් ආලේප කරන්න.


මුළුතැන්ගෙයි ඇති ස්වභාවික අමුද්‍රව්‍ය සුරූපි බවට උදව් වනවා


ජැකලින් පවසන්නේ ඇය ස්වභාවික මී පැණි තොල් ආලේපනයක් ලෙස භාවිතා කරන බවයි.. ඊට අමතරව ඇය hair mask එකක් ලෙස බිත්තර සුදුමද කෙස් කළඹේ ගල්වනවා. බිත්තර සුදුමදවල කොලජන් සහ ප්‍රෝටීන් බහුලව අඩංගුවෙන අතර එමගින් සම ලිහිල් කිරීම පාලනය වෙනවා. එමනිසා සෑමවිටම කෘත්‍රිම ආලෙපන වර්ග භාවිත කරනවාට වඩා ඔබගෙ මුළුතැන්ගෙ‍යි ඇති මීපැණි, කහ, බිත්තර වැනි ස්වභාවික දෑ කෙරෙහි යොමුවෙන්න පුළුවන්..


ඔබ රූපවාහිනි හෝ සිනමා තිරයේ දකින ජැකලීන්ගේ සුරූපි පැහැපත් බව ලබාගැනීමට ඇය කොතරම් මහන්සි වෙනවාදැයි කියා ඔබ දැන් දන්නවා නේද.. ඉතින් ඔබටත් එවැනි දිදුලන පැහැපත් බවක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කැපවීමත් තමා කෙරෙහිම සීමා මායිම් පනවා ගැනීමත් අවශ්‍ය වෙනවා.. ඔබ දකින දකින පැණි රස, තෙල් වැනි කෑම වර්ග ආහාරයට ගන්නවා නම් පළමුවෙන්ම එයට තිත තැබිය යුතුයි… ව්‍යායාම සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීම, ජලය පානය කිරීම, සුවදායි නින්දක් ලබාගැනීම වැනි දෑ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංග බවට පත්කරගත යුතුයි .. එසේ වුවහොත් ඔබටත් සුරූපී පැහැපත් පෙනුමක් ලබාගන්න පුලුවන් වෙන බව නොඅනුමානයි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2144 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:08:36 PM
Script:/article/2144/the-secret-of-the-glowing-skin-of-the-beautiful-jacqueline-ferdinands.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:08:36 PM
Script:/article/2144/the-secret-of-the-glowing-skin-of-the-beautiful-jacqueline-ferdinands.html